IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


පැෆරල් සංවිධානය සමෘද්ධි අධ්‍යක්ෂකට එරෙහිව නඩු පවරන්න යයි

(රංජන් කස්තුරි)

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම,  රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම සහ අලුතින් සමෘද්ධි සහනාධාර කාඩ්පත් බෙදාදීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් (පැෆරල්)සංවිධානය කියයි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵල  මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබෙන බවද ඒ අනුව ඒවා මුල්කර ගනිමින් නඩුපවරන බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කීය.



අදහස් (11)

පැෆරල් සංවිධානය සමෘද්ධි අධ්‍යක්ෂකට එරෙහිව නඩු පවරන්න යයි

Thilina Monday, 28 October 2019 04:13 PM

දොස්තර පාදෙණිය උත්සවයකට ගියා කියලා මෙතන අදහස් දක්වපු උදවිය මේ සම්බන්ධයෙන් මොනවද කියන්නේ? තමන් කඩේ යන අපේක්ෂකයා නිසා කමක් නැතුව ඇති...

:       429       354

GuneTuesday, 29 October 2019 01:26 AM

තිළිණ, මම පාදෙණිය මහතා ඒ උත්සවයට ගිය එක වැරදි බව කිව්වේ ඔහු රජයේ උසස් නිලධාරියෙකු වශෙන් තහනම් දෙයක් කල නිසා. ඔබේ අපේක්ෂකයා දිනුවත්, වෙන අපේක්ෂකයෙක් දිනුවත් ඒ නීතිය එහෙමමයි. වරද වරදමයි. ඔබේ ගෝඨා දිනුවොත් ඔය පරීක්ෂණය යට ගහයි. නමුත් රටක නීතියක් තිබිය යුතුයි නේද? ඔබ එපා කියන්නේ අපි රැක ගත යුතුයි කියන නීතියයි. අනික ගෝඨාටවත් සජිත්වත් වෙන මොන අපේක්ෂකයටවත් ගැති නොවන කඩේ නොයන මධ්‍යස්ත මතධාරීන් කියලා ජාතියකුත් ඉන්න බව ඔබ අහලා නැද්ද?

:       100       353

RasiTuesday, 29 October 2019 02:35 AM

ප්‍රශ්නය තියෙන්නේ ඔය මධ්‍යස්ථ මතදාරීන් මතුවන්නේ තමන් කඩේ යන අපේක්ෂකයා වෙනුවෙන් පමණක් වීමයි. අපේ රට ගොඩ ගන්න බැරිත් ඒ හේතුව නිසයි. එය මොනවට පැහැදිලි වනවා මැතිවරණ රැස්වීම් දිහා බැලූ විට. අපේක්ෂකයන් මොනවා කිව්වත් පහල ඉදලා හුරේ දානවා. තාමත් මම නම් හිතන්නේ අපේ රටේ මධ්‍යස්ථ මතදාරීන් ඉන්නේ 1% ටත් අඩු සුළු පිරිසක් කියලයි. දැනට තියෙන ක්‍රමය තුල මධ්‍යස්ථ වීමත් භයානකයි. තමන් කරන්නේ මොකද්ද කියලා දන්නේ නැති කෙනෙක් පත්කරගෙන 2015 සිට ජනතාව විදපු දුක තේරුම් ගැනීම වැදගත් මෙවර ඡන්දය භාවිත කිරීමට පෙර.

:       510       655

athuraTuesday, 29 October 2019 04:48 AM

තමන් කරන්නේ මොනවද කියලා දන්නෙ නැති කෙනා දැන් එකතුවෙලා ඉන්නේ සියල්ල දත්ලත් එක්කයි මගේ හිතේ...

:       0       0

පී දයානන්ද Monday, 28 October 2019 06:42 PM

දොස්තර පාදෙනිය එතන හිටියෙ සිවිල් පුරවැසියෙක් වෙනුවට මිස, දොස්තර කෝට් එකවත් දොස්තර නලාවත් ඇතිව නොවෙයිනෙ නේද.

:       441       436

Mahee Tuesday, 29 October 2019 02:42 AM

දොස්තර නලාව සහ කෝට් එක තිබු පමණින් කිසිවෙකු දොස්තර කෙනෙකු නොවේ. දොස්තර චරිත රඟපාන නළුවෝ දොස්තරවරු නෙමෙයි නොවැ. ඒ වගේම නලාව සහ කෝට් එක නැති වූ පමණින් ඔහු දරන තනතුර අහිමි නොවේ. රජයේ සේවකයෙක් පැය 24 ම රජයේ සේවකයෙකි.

:       241       577

samTuesday, 29 October 2019 05:01 AM

රජයේ සේවකයා අනුමත නිවාඩු ගෙන ඇත්නම් සහ ඔහු හෝ ඇය කෙලින්ම මැතිවරණයට බලපාන කෙනෙක් නෙවෙයි නම් පැය 24 කතාව වලංගුද? මට මතකයි 2002 මැතිවරණ කාලයේ වෙන්න ඕනෑ රජයේ ශිෂ්‍යත්වකින් එංගලන්තයේ පශ්චාත් උපාධියට ගිය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය (රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ) ඡන්දය කාලයේ ආපසු අනුමත නිවාඩු නැතුව ලංකාවට ඇවිත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද කටයුතුවලට සහභාගී වන බව පවසා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රශ්නයක් මතුකළා. නමුත් මා දන්නා පරිදි වික්‍රමසිංහ මහත්මියට එයින් ප්‍රශ්නයක් වුනේ නැත.

:       0       0

samanTuesday, 29 October 2019 05:43 AM

මහී.. වෘත්තීය සමිති නායකයින්ට යම් සීමාවක සිට දේශපාලන කටයුතුවල දීමේ හිමිකමක් තිබේ. සමන් රත්නප්‍රිය බොහෝවේලාවට දේශපාලන වැඩ කටයුතු වල නිරතවෙනවා මිට කලින් දැකල නැත්ද?

:       0       0

m.m.malaka dasunpriya Tuesday, 29 October 2019 04:34 AM

පිස්සු නැත්නම් හොඳයි.

:       0       0

sharm warn Tuesday, 29 October 2019 05:55 AM

බොහොම හොඳයි. නඩු පැවරීම ගැන අපේ බලවත් සතුට.. මේ අවභාවිතය නැවැත්විය යුතුයි. එ්ක හරිම නින්දිත ක්‍රියාවක්.. අපි අනුමත කරන අය කළොත් අවුලක් නැහැ කියන ජාතියේ මතවාද වලින් බැහැර වෙලා අපේ රට බේරා ගන්න කටයුතු කරමු. දොස්තර පාදෙණිය සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ වෛද්‍ය නීතිඥ ගණකාධිකාරී වැනි තනතුරු කියන්නේ වෘත්තීයවේදීන්. ඒ අය ජීවිතය ඇති තාක්කල් එම වෘත්තිකයන් නලාවයි, කබායයි නැතුව හිටියා කියලා කවුරුවත් එයාට දොස්තර කියලා අමතන්නේ නැතුව ඉන්නවද? ඔව්,.. දේශපාලනය වෙනුවෙන් කඩේ යන බව අපි නම් ඒ කාලෙම දැකල දැනගෙන හිටියේ... මොකද දුප්පත් ලෙඩුන්ගේ ජීවිත ඇපයට තියාගෙන වර්ජන කරලා සයිටම් එක වැහැව්වට එ්ක අරින කාලේ පූසෙක් වගේ හිටියනේ...

:       0       1

gobbaya Tuesday, 29 October 2019 06:27 AM

කාට වුණත් හොඳ වැඩේ..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 920 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 193 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 437 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 591 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 123 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 481 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 724 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site