(අංජුල මහික වීරරත්න)
රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්යාලයේදී පැවසීය.
ජනාධිපතිවරයා මෙසේද කීය.
අප රටේ ප්‍රජාතන්ත්‍රවායේ වැදගත්ම ලක්ෂණය වන්නේ ජනතාව විසින් පාලකයෙක් තෝරා ගැනීමයි.මැතිවරණයට ඡන්ද ප්‍රකාශ කිරීම සහ පාලකයා තෝරා ගැනීමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන්නේ නැහැ.අප රට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ව්‍යුහයන්ගේ ශක්තිමත් කිරීම අවශ්‍යයි.මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මගේ උපරිම කැපවීම සිදුකරන බව ප්‍රතිඥා දෙනවා.
මැතිවරණ බල හුවමාරුවකදී බල හුවමාරුව කිසිම නායකයෙක් ප්‍රතික්ෂේප කර නැහැ. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනවරම සුහදව පිළිගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව වෙනුවෙන් එතුමාගේ කැපවීම, ආදර්ශය වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.
අපට ලැබෙන්නේ අභියෝගාත්මක රටක්.අපගේ දේශපාලනය මීට වඩා පිරිසිදු විය යුතුයි.යහපත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි.ඒ වෙනුවෙන් කැප වෙන්න සූදානම්.
අප රටේ දේශපාලනය ගැන මහජනතාවට තිබෙන්නේ හොඳ මතයක් නොවේ.ඒ නිසා මහජනයා කෙරෙහි දේශපාලකයා කෙරෙහි මහජන ගෞරවය නැවත ඇති කරන්න කටයුතු කරනවා.
මේ ගැඹුරු අර්බුදය හුදු පුද්ගලයෙකුට හෝ ආණ්ඩුවකට පියමං කළ හැකි දෙයක් යැයි විශ්වාස කරන්නේ නැහැ.
මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ.මැජික්කරුවෙක් නොවේ.මා මේ රටේ සාමාන්‍ය පුරවැසියයි.දන්නා දේවල් මෙන්ම නොදන්නා දේවල් තිබෙනවා.හැකියාවන් යොදා යොදාගෙන නොදන්නා දේ එක්රැස් කරගෙන වඩා හොඳ තීන්දු තීරණ ගැනීම මගේ අරමුණයි.
සාමූහික මැදිහත්වීමේ කොටස්කරුවකු බවට පත්වීම මගේ අරමුණයි.අර්බුදය නිමා කිරීමේදී පොදු පුරවැසියාටත් වගකීමක් තිබෙනවා. ඒ සැමගේ වගකීම අපේක්ෂා කරනවා.
මේ කාර්යභාරයේ ප්‍රමුඛතම වගකීම මා සතුව තිබෙන බව මා පිළිගන්නවා.භාවිතාවේදී හැම හැම විටම මා ඒ කාරණය පොදු පුරවැසියාට ඒත්තු ගන්වනවා.
අප රටට ජාත්‍යන්තර සහය අවශ්‍යයි.ඒ ඒ රාජ්‍යයන් සමඟ අපට වාසි සහගත අයුරින් කටයුතු කරන්නට කටයුතු කරනවා. අප හුදෙකලාව යුතු විය යුතු රාජ්‍යයක් නොවේ.එමෙන්ම කර්මාන්තකරුවන්ට සහ විවසායකයන්ට රට ගොඩනැගීමේදී විශාල කාර්යභාරයක් තිබෙනවා.ඔවුන් රජයේ කාර්යභාරයට උදව් කරනු ඇතැයි මා සිතනවා.
අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය විසින් මා ජනපති කර තිබෙනවා.
අයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබෙනවා.අපට සහාය නොදුන් විශ්වාස නොකරන පුරවැසියන් පුරවැසියන්ගේ විශ්වාසය ගොඩනඟා ගැනීමටද අප කටයුතු කරනවා.
මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී
නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය
සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප
රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා