IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක

(සුජිත් හේවාජුලිගේ)

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික පක්ෂය, සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ ආරම්භ කරනු ලැබ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

පොදු සන්ධාන පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ නායකයන් සමඟ රහසිගත සාකච්ඡාද පසුගිය දිනවල කෙරුණු බව දැනගන්නට ඇත.

සන්ධාන පිහිටුවා ගැනීම සඳහා දේශපාලන පක්ෂ නම්මවා ගැනීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය වෙනම කණ්ඩායම්ද පත්කරනු ලැබ සිටිති.

පොදු සන්ධානයක් පිහිටුවා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වෙන ලෙස එම පක්ෂයේ නායකයෝ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ සාමාජිකයන්ගෙන් පසුගියදා ඉල්ලීමක්ද කළහ.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමඟ සන්ධාන ගතවීමට සාකච්ඡා අරඹා ඇත.

මේ සම්බන්ධයෙන් අප හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා කළ බවයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන දිළුම් අමුණුගම මහතාද මව්බිම ජනතා පක්ෂය සමඟ එක්විය. ඔහුට එම පක්ෂයේ ජාතික සංවිධායක ධූරයද ඉන් අනතුරුව පිරිනැමිණ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය ජනපතිවරණයේදී සහාය දීමට ඉදිරිපත්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා සන්ධානයක් පිහිටුවා ගනු ලැබීය. පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ එම සන්ධානයයි.

එම සංවිධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාය.

පොදු ජන එක්සත් නිදහස් පෙරමුණට තවත් පාර්ශ්ව සම්බන්ධ කර ගැනීම වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු කණ්ඩායමක් මේ දිනවල කටයුතු කරගෙන යන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශවය පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ සමග සන්ධානගත වීමට දැනටමත් එකඟත්වය පළකර ඇතැයි ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මේ අතර ඉදිරි මහ මැතිවරණයේදී වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නම් එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ විය යුතු බව සමගි ජන බලවේගයේ සාමාජිකයන් රැසක් එහි නායකත්වයට පෙන්වා දී ඇතැයි දැනගන්නට ඇත. කෙසේ වෙතත් පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට තවමත් එකඟත්වයක් දක්වා නැත.

 



අදහස් (0)

ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 388 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 437 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 718 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 557 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 394 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 729 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site