IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට

(ගයාන් සූරියආරච්චි)

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

ප්‍රභූ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් මේවන විට වැල නොකැඩී ඇමැති ආරක්ෂක කොට්ඨාසයට වාර්තා කරමින් රාජකාරී ගිනි අවි බාරදෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ප්‍රභූ ආරක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට පහසු පොලිස් ස්ථානයක් අනුයුක්ත කොට්ඨාසයෙන් ඉල්ලා සිටිය හැකි අතර ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය සමග සාකච්ඡා කර අදාල පොලිස් ස්ථානවලට යෙදවීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

හිටපු කථානායක,  හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායකවරයාගේ ආරක්ෂාව සදහා යොදවා සිටින පොලිස් නිලධාරීන් හැර දිවයින පුරා සිටින අනෙකුත් සියලුම ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් නිලධාරීහු ඇමැති ආරක්ෂක කොට්ඨාසයට ඉකුත් දා (24)  කැඳවනු ලැබූහ.

ප්‍රභූ ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් 1300 කට අධික සංඛ්‍යාවක් යොදවා තිබුණි.

ඒ අනුව සියලුම අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තුව නියෝජනය කළ අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ ධූර ඉකුත් (24) වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග සියලුම මන්ත්‍රීවරුන්ගේ ධූර එදින පටන් අවලංගු විය.

එම ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සදහා යොදවා තිබූ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් සහ මින් පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන්, පළාත් සභා නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂාව ද ඉවත් කරනු ලැබීය.

වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අනුව අධිකරණ නියෝගයක් මත විශේෂ ආරක්ෂාවක් ලබාදිය යුතු බවට නියෝග කර ඇති පාර්ලිමේන්තු හෝ පළාත් නියෝජනය කළ හෝ ආණ්ඩුකාර ධූර දැරූ ප්‍රභූවරුන් සිටී නම් ඔවුන් වෙත පමණක් ආරක්ෂාව තවදුරටත් ලබාදෙන බව ද ඇමැති ආරක්ෂක කොට්ඨාසය පවසයි.

 



අදහස් (2)

ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට

SL Sunday, 29 September 2024 03:24 PM

මේ නිලධාරින්ගෙන් ලොකු සේවයක් රටට ගන්න ඕනේ. මොවුන් හරියට වැඩ කලොත්, රටේම ආරක්ෂාව වැඩිවෙලා, රටේම මිනිස්සුන්ට හොඳ පරිසරයක් හැදේවි. රජයේ ආදායම කොහොම හරි වැඩි කරගත්තොත්, හැමෝගේම ජීවන මට්ටම ඉහළට ගන්න පුළුවන් වෙව්වී. කැපවෙලා වැඩකළොත්, අවුරුදු 5ක් කට්ටක් තියෙයි. දකුණු කොරියාවෙන් ඉගෙන ගමු...!

:       0       11

ගමේ එකාලා Sunday, 29 September 2024 03:48 PM

කොහෙද ප්‍රභූවරු හිටියේ. රටම හොරාකාලා කාබාසිනියා කරපු හොර දූෂිතයින් මිසක්? ඔවුන් එකා දෙකා දැන් වැලිකඩට තමා දක්කන්න වෙන්නේ...?

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 86 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 774 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1614 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1047 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 443 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 269 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25051 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 244 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 788 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site