IMG-LOGO

2025 මාර්තු මස 10 වන සඳුදා


ප්‍රමාදය නිසා මධ්‍යම අධිවේගයට කෝටි 20,000 වැඩිපුර ගෙවන්න වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රුපියල් කෝටි 15000කින් අවසන් කිරීමට නියමිතව තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය දූෂණය වංචාව නාස්තිය සහ කල් මැරිල්ල හේතුවෙන් අද එය අවසන් කිරීමට කෝටි 35,000ක් වැය වන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිරි වසර පහේදී සම්පූර්ණයෙන්ම සාදා අවසන් කරන බව ද ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

 



අදහස් (14)

ප්‍රමාදය නිසා මධ්‍යම අධිවේගයට කෝටි 20,000 වැඩිපුර ගෙවන්න වෙයි

වෑල්ඩින් ආචාර්ය Sunday, 09 March 2025 11:18 PM

අර පඬුකරඳ ගහක් වට කරගෙන උද්ඝෝශණ කරලා අධිවේගේ වැඩ පරක්කු කරපු දේවානි ජයතිලක මාලිමාවෙන් ඡන්දෙත් ඉල්ලුව නේද? ලංකාවෙ උන්ට ටිකට සති 2ක් විතරක් මතක තියෙන හින්දා හොඳයි ඉතින්.

:       5       67

ඉන්දික Sunday, 09 March 2025 11:21 PM

අර ගම්පහ මීරිගම කොටසේ අලාභය දේවානි නෝනගෙන් ඉල්ලගන්න... එයාල පිස්සු නැටුවේ නැත්තං එම කොටස මෙලහකට හදලා....

:       1       57

සත්‍යපාල Monday, 10 March 2025 01:32 AM

තවමත් පසුගිය ආණ්ඩුවලට කඩේ යන අයට ලැජ්ජාවක් නෑ. මොනවාහරි හේතුවක් කිය කියා රට විනාශ කරපු අපරාධකාරයින්ටම කඩේ යනවා.

:       49       15

SenarathMonday, 10 March 2025 10:35 AM

මෙම ව්‍යාපෘතිය ආරම්භ වී ඇත්තේ 2015 සිට 2019 දක්වා තිබූ යහපාලන කාලයේදීය. එදා රජය පත් කර ගැනීමට වැඩිම සහාය දැක්වූයේ ජාතික ජන බලවේගය (JVP) වෙයි. මෙය හොඳින් සොයා බලන්න. වැරදිකරුවන්ගෙන් මේවා නැවත අය කරගන්න ඕනේ

:       6       40

H.T.Kusumapala Monday, 10 March 2025 01:49 AM

වරද අපේ නොව එවකට සිටි ප්‍රවාහන ඇමැතිවරයාගේ සහ ඔහුගේ නිලධාරීන්ගේය. ඔවුන්ගේ අතපසුවීම් සඳහා ඔවුන්ට යම් ආකාරයකින් දඬුවම් කළ යුතු නොවේද?

:       35       11

Rasika Monday, 10 March 2025 04:36 AM

මෙික මඟනැවතීමට මූලික හේතුව රටේ සල්ලි නැතිවීම නෙවෙයිද?

:       33       8

යෝගා Monday, 10 March 2025 06:28 AM

ජේවීපිය කොටස්කරුවන් වු යහපාලන නඩය මේ පාඩුවේ මූලික වගකියයුත්තෝ. ඊටපස්සේ පඬුකරඳ ගහක් අල්ලගෙන නාඩගමක් නැටුවා. 76 වසරක සාපය කවුද කියලා ඉදිරියේදී ඔප්පු වෙයි

:       10       45

ගුණරත්න Monday, 10 March 2025 07:22 AM

කෝටි 20,000 විශාල මුදලක්, එත් ගිය අවුරුද්දේ සීයාට පින්සිද්ද වෙන්න විදුලිය බල මණ්ඩලයේ ලාබය කෝටි 14,000යි. මේ ආණ්ඩුව ඒ ලාබය 99% අඩු කරගෙන යයි ප්‍රවෘත්තියක් අපි ලංකාදීප පත්රයෙන්ම දැක්කා. යාලුවනේ ලාබෙ වැඩි වෙලා නෙවේ හොඳේ

:       6       19

Dasun Monday, 10 March 2025 08:22 AM

ඔව් මිනිසුන්ට මතක නෑ, උඹලා ගහක් අල්ලාගෙන නටපු නාඩගම

:       3       41

පොඩිඑකා Monday, 10 March 2025 08:27 AM

කෝ මේ යෝගා…..?

:       36       4

Aslam Monday, 10 March 2025 08:28 AM

ඉදිරි වසර පහ තුළ කුමක් සිදුවේදැයි අපි බලා සිටිමු. මෙම රජය මහජනතාව සඳහා මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

:       26       18

මැක්ස් Monday, 10 March 2025 08:33 AM

පෝට් සිටිය, මත්තල ගුවන් තොට, හම්බන්තොට වරාය ආදී දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති, තමන් තුළ ගොජ දමමින් පවතින කුහකකම නිසාම කල් දැමීමට කටයුතු කළ ජවිපෙ ප්‍රමුඛ යහපාලන නඩය, ප්‍රමාද ගාස්තු වශයෙන් එම ව්‍යාපෘති සඳහා ගෙවූ මුදල අති විශාල ය. කිරිඅල්ලකරණය වූ මධ්‍යම අධි වේගය හොර ගුහාවක් බවට පත්වීම ඇතුළු මේ සියලු මුල්‍ය අපරාධවලට ජවිපෙ ද වගකිව යුතුය. "මං සුදනා" න්‍යායයෙන් අනුන්ට පටවන්නට උත්සහ කරන සියලු වැරදිවල සැලකිය යුතු කොටසක් ජවිපෙයට ද ඇත. ඔවුන්ගේ දායක සබාවට හැර සාමාන්‍ය සිහි බුද්ධිය ඇති ඕනෑම අයකුට ඒ වග වැටහෙනු ඇත.

:       10       47

පම්පෝරි ජනක Monday, 10 March 2025 10:25 AM

@ගුණරත්න ගොයියෝ , සීයට පින් සිද්දවෙන්න ? බංකොලොත් කරලා බිල 300% කින් වැඩිකරපු එකට දැන් සිලිඩර් බයියෝ සීයට පිනුත් දෙනවා

:       9       27

රම්බොඩ Monday, 10 March 2025 10:34 AM

මේ ආණ්ඩුව දැන් කරන්නෙ එක එක ඒවා පෙන්ව පෙන්වා ඉන්නවා. ඒ කාලෙ අනුර මහතා ඇහුවා අධිවේග මාරුග කන්නද කියලා. කට උල්කර කර ඇහුවේ. මේ මහා දැවැන්ත සංවිධාන වලට කුහකව මඩ ගැහුවා. ඒවායින් රටට වෙන සෙත ගැන කතා කළේ නෑ. කොරෝනා නිසයි මේවා නතර වුණේ.

:       5       27

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

උඩරට දුම්රිය 4ක් අවලංගුයි
2025 මාර්තු මස 10 137 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල සහ මහනුවර බදුල්ල අතර දුම්රිය හතරක් අද (10) දින අවලංගු කළ බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි .


පොලිසියට අල්ලස් දෙන්න ගිය හරක් හොරා අත්අඩංගුවට
2025 මාර්තු මස 10 365 0

නිකවැරටිය මූලස්ථාන පොලීසියේ නිලධාරින්ට අල්ලස් දීමට උත්සාහ කළ අඹුසැමි යුවළක් එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.


හෂිෂ් සමඟ පොලිස් කොස්තාපල් මාට්ටු
2025 මාර්තු මස 10 286 0

රාජ්‍ය බුද්ධි සේවාවේ කොස්තාපල්වරයකු හෂිෂ් මත්ද්‍රව්‍ය සමඟ හික්කඩුව නාරිගම හෝටලයක ඩි .ජේ සාදයකට සහභාගි වී සිටියදී අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස


උඩරට දුම්රිය ධාවනය යථා තත්වයට
2025 මාර්තු මස 10 132 0

බදුල්ලේ සිට කොළඔ කොටුව දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රියේ එන්ජිම පීලි පැනීම හේතුවෙන් නතර වූ දුම්රිය ධාවනය අද (10) උදෑසන සිට යළි යථා තත්වයට පත් කළ බව නාව


ත්‍රිරෝද රිය පෙරැළි අයෙක් මරුට
2025 මාර්තු මස 10 158 2

කුරුගංමෝදර බදුවත්ත මාර්ගයේ හතේ කණුව ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් පෙරළී එහි ගමන්ගත් පුද්ගලයෙකු ඊට යටවීමෙන් මියගොස් ඇති බව කිරිඇල්ල පොලිසිය පවසයි.


‘හෂිෂ්‘ සමඟ විදෙස් තරුණිය ගුවන්තොටේදී මාට්ටු
2025 මාර්තු මස 10 778 2

රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණි විදේශීය තරුණියක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 41 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 176 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 545 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Our Group Site