(අංජුල මහික වීරරත්න)
එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමගි ජන සන්ධානය සමඟ ගිවිසුමකට එළඹ තිබුණු බව කී රණවක මහතා නාමයෝජනා ලැයිස්තු සැකසීමේදී එම ගිවිසුම උල්ලංඝනය වී තිබෙන බව පෙනීයන යන හෙයින් ඉහත තීරණය ගත් බව කීය.
එම තීරණය ගත්තේ සමගි ජන බලවේගයට සතුරුකම් කිරීමේ අදහසකින් නොවන බව කී රණවක මහතා අදාල ගිවිසුම උල්ලංඝනය වීම දරා ගැනීමට නොහැකි වීම නිසා බව සඳහන් කළේය.
එක්සත් ජනරජ පෙරමුණට සමගි ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීමට එකඟ වී තිබෙන්නේදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පාඨලී චම්පික රණවක මහතා පැවසූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීම සඳහා එකඟතාවය පළ වී තිබෙන බවයි.
කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව සඳහන් කළේය.
ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.
වේදනාකාරී ආර්ථික අර්බුදයකට පසුව බලාපොරොත්තු වූවාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරත්වය කරා ගමන් කර ඇතත් තවමත් මෙරට ආර්ථිකයට ඇති අවදානම පහ
හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී අනූප පැස්කුවල් මහතා නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය ප
රාජ්‍ය ලාංඡනය සහිත කැබ් රථයක් ඉකුත් සිකුරාදා සිට හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරය අසල අත හැර දමා ගොස් තිබියදී සොයා ගත් බව එම රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර
හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විදේශ ගමන් තහනමක් අද (10) පැනව
ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
යෝගා Thursday, 10 October 2024 05:09 PM
මේ දේශපාලන ගෙම්බන්ට ඕනේ කාගේ හරි පිහිටෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්න. ඒකත් වරප්‍රසාද ගන්න මිසක් ජනතාවට සේවය කරන්න නෙමෙයි.
Kazi Shajahan Thursday, 10 October 2024 05:15 PM
සජිත්ව අන්දන්න හිතුවා මදි... පාඨලී හිතුවේ සජිත්ව මෝඩයාට අන්දගෙන නායකයා වෙන්ද? කොහොමද සජිත් දුන්න ෂොට් එක, ගෙදර ඉඳන්ම
Kamal Koyrala Thursday, 10 October 2024 05:23 PM
කාලෙන් කාලෙට එක එක බලවේග කියා නැති කණ්ඩායම් හදාගෙන නාටක පෙන්වන්නේ නැතිව. තනියම තරග කරන්න. කොහොමත් ජාතිවාදයට ඉඩක් නැහැ. ඒකයි.. ලේබලය ගලවාගන්නත් ඔයාට බැහැ..
විකුම් Thursday, 10 October 2024 05:32 PM
මහ ලොකු යකඩ මිනිහා. දැන් මලකඩ කාලා. ලංකාවේ දේශපාලනය තුළ ඉන්න අවස්ථාවාදීම දේශපාලනය කරන ප්‍රමුඛම කෙනෙක්... ඉල්ලුවා නම්... කොහොමත් මෙයාට ඇප නෑ. තවත් මං පොර දේශපාලන කරන කෙනෙක් ඒ වගේම කෙනෙක්ට අවස්ථාව දීලා නෑ. සජී බබා දන්නවා මෙයාට අවස්ථාව දුන්නොත්. මේ ඡන්දෙන් පස්සේ එයාට කෙලවන්න මුලින්ම එන්නේ මෙයා කියලා...
Rukmal Dias Thursday, 10 October 2024 06:01 PM
පා ච=පචයා නම් නොයෙන එකම තමා හොඳ... ඉතාම බොරුකාර දේශපාලුවා තමයි පාච=පචයා
පිටරටවැසියා Thursday, 10 October 2024 06:05 PM
ඉල්ලුවට මනාපෙ හම්බ වෙන්නෙත් නෑ... ජනතාවගෙන් අසුචි පාරකුත් කාලා තමයි ගෙදර එන්න වෙන්නේ... රට කාපු තක්කඩි හැත්ත...
අරවින්ද මොනරවිල Thursday, 10 October 2024 06:15 PM
තමන් පරදින බවත් දැන දැනම දේශපාලකයෝ මීට කලින් ඡන්දය ඉල්ලුවා, නමුත් දැන් චන්ද ඉල්ලන්න සූදානම් නම් නැහැ වගෙයි. ඒ පරාජය වෙන්න තියෙන අකමැත්ත නිසා නොවෙයි. ඊළඟ මහ මැතිවරණයෙන් පස්සේ තමන්ට දේශපාලන වශයෙන් අත්විය හැකි ඉරණම ගැන තමන්ගේ හෘදසාක්ෂිය දන්නා නිසා විය යුතුයි. ඔයගොල්ලෝ ඡන්දය නො ඉල්ලුවාට ජීවත් වෙන්න ඕනෑ මේ රටේනේ, නීතිය එය පසු පස්සෙන් හොඳේ...
ගමේ එකාලා Thursday, 10 October 2024 06:18 PM
තරග කළොත් අනිවාර්යෙන්ම පැරැදිලා, කිචවෙලා, නෝන්ඩි වෙලා, කුල්ලකුජීත වෙනවාමයි. එහෙම වෙන්න බයයි කියන එකයි ඔය පොර ටෝක් එකේ යටි පෙළ. නරිවාද බේරෙනවා ඔන්න ඔහෙගේ රෙද්ද පල්ලෙං.