IMG-LOGO

2025 ජනවාරි මස 27 වන සඳුදා


පාන් ගැන අපි නොදන්න පැත්ත

(යොහාන් භාසුර)

පාන්පිටි කිලෝ 50  මුට්ටයකින්  ග්‍රෑම් 450 පාන්ගෙඩි 172 ක් පමණ නිෂ්පාදනය කළ හැකි බව  බේකරි හිමියෙක් පැවසීය.

කිලෝ 50 පාන්පිටි මුට්ටයක් රුපියල් 5900 කට ආසන්න මුදලකට ලැබෙන බව  කී එම බේකරිහිමියා ග්‍රෑම් 450 පාන් ගෙඩියක් නිෂ්පාදනය කිරීමට පිටි ග්‍රෑම් 550ක් මෝලි තැබීමට ගන්නා බවද සඳහන් කළේය.

පාන් ගෙඩියක් නිෂ්පාදනය කිරීමට පිටි සදහා වියදම රුපියල් තිස් පහකට ආසන්න වන බවත් ඊස්ට්, මාගරින්, ගෑස් සහ සේවක වැටුප් ඇතුළු සෙසු පිරිවැය ඇතුළත් කිරීමෙන් පසු ග්‍රෑම් 450 පාන් ගෙඩියක් නිෂ්පාදනය කිරීමට රුපියල් 50 කට ආසන්න මුදලක් වැයවන බව එම බේකරිහිමියා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් වර්තමානයේ ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 80  ක් වන අතර රෝස්පාන්, බනිස්,  මාලු පාන්, ජෑම්පාන් ආදී සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 25 ත් 45 ත් අතර පවතී.



අදහස් (7)

පාන් ගැන අපි නොදන්න පැත්ත

කිරි පුතා Tuesday, 30 November 2021 04:22 PM

ඒ කියන්නෙ පාං ගෙඩියකින් රු 30කට ආසන්න මුදලක් සුද්ධ ලාබයි..

:       0       0

රංග තේනුවර Tuesday, 30 November 2021 06:36 PM

මෙතන තියෙන මුල් දත්ත අනුව නම් කිලෝ පනහේ පාන් පිටි මිටියකින් හදන්න පුළුවන් ග්‍රෑම් 450 හේ පාන් ගෙඩි 90ක් විතරයි. මොකද පාන් ගෙඩියක් හදන්න පිටි ග්‍රෑම් 550ක් ගන්නවා කියලානේ වාර්තාවේ තිබෙන්නේ... එතකොට පාන් ගෙඩි 90යි. එහෙනම් වර්තමාන පාන්මිල ඇත්තෙන්ම අසාධාරණ එකක් නෙමෙයි...

:       0       0

Bamunuarachchi Tuesday, 30 November 2021 06:50 PM

ග්‍රෑම් 450 පාන් ගෙඩියක් නිෂ්පාදනය කිරීමට පිටිග්‍රෑම් 550ක් මෝලි තැබීමට ගන්නා බවද සඳහන් කළේය. එතකොට අර පිටි ග්‍රෑම් 100ට මොකද වෙන්නේ? දැම්මා කියන මාගරින්වල බර කොහාටද ගියේ? මොන බේකරියේද මොන මාගරින්ද දමන්නේ? රුපියල් 50 වැයවෙන පාන්ගෙඩිය රුපියල් 80 කට විකිණෙනවා නම් ලාභය 60%ක්. අන්න එතන අසාධාරණයි නේද? පාන්වලට ඔහොම නම් බනිස්, කිඹුල්ලු , පුස්ලෝඩම්, වලින් කොහොම ලාභයක් ගන්නවා ඇත්ද?

:       0       0

Bamunuarachchi Tuesday, 30 November 2021 06:53 PM

මෝලිය අඹරන දේශපාලන සංදර්ශන තියන ජනාධිපතිටත්, මහින්දටත් දේශපාලනය කියාදෙන බේකරි හාදයා මේ ගැන මොකද කියන්නේ...?

:       0       0

කුමාර Tuesday, 30 November 2021 08:43 PM

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් සෑදීමට පිටි ග්‍රෑම් 450ක් යනවා..!!! ඒක බොරු... පිටි කිලෝ 1කින් පාන් ගෙඩි 3ක් හදන්න පුළුවන්...!!!

:       0       0

BamunuarachchiWednesday, 01 December 2021 01:57 PM

පාන් ගෙඩියක බර ග්‍රෑම් 450 කියන්නේ වතුරේ බරත් එක්ක. දාන මාජරින් එක්කක් නැහැ.

:       0       0

BamunuarachchiThursday, 02 December 2021 06:10 PM

මාජරින් වෙනුවට දමන්නේ හයිකෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මේ වසරේ ඩොලර් බිලියන 18.2ක අපනයන ආදායමක්
2025 ජනවාරි මස 27 9 0

රජයේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිප


ඇල්ලට නව දුම්රිය දෙකක්
2025 ජනවාරි මස 27 196 0

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා දුම්රිය ගමනට ඇති ඉහළ ඉල්ලුම් පිළිබඳව අවදානය යොමුකර පෙරවාරි මස සිට නව දුම්රිය දෙකක් ආරම්භ කිරීමට පියවර ගත් බව දුම්රිය ස


හොර හාල් වෙළෙඳුන් අල්ලන්න රෑටත් මෙහෙයුම්
2025 ජනවාරි මස 27 118 0

වැඩි මිලට සහල් විකුණන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියට රාත්‍රී කාලයේ වැටලීම් කරන ලෙසට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ පශු සම්පත් නි


වී සහතික මිල ඉක්මණින් ඉල්ලයි
2025 ජනවාරි මස 27 180 0

වී ඇස්වැන්න පෞද්ගලික ව්‍යාපාරිකයන් කුණුකොල්ලට ගැනීමෙන් පසුව ආණ්ඩුව වීවලට මිලක් තීරණය කිරීමෙන් ඵලක් නොමැති බවත් ආණ්ඩුව හැකි ඉක්මණින් වී සඳහා සාධාරණ


ඉලූක්පිටියගේ පෙත්සම හෙට දක්වා කල් තබයි
2025 ජනවාරි මස 27 417 0

හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතා රිමන්ඩ් බාරයට පත් කළ විනිසුරු මඩුල්ල හමුවටම ඔහුගේ ඇප ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකර


UK ඉන්දු - ශාන්තිකර අමාත්‍යවරිය දිවයිනට
2025 ජනවාරි මස 27 155 0

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර වෙළඳ සබඳතා තරකර ගැනීමේ අදහසින් එක්සත් රාජධානියේ ඉන්දු - ශාන්තිකර කලාපය සඳහා වූ අමාත්‍යවරිය වන කැතරින් වෙස්ට් අද (27) ස


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 34 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 586 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 665 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site