IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


පාරවල් හැදූ හිඟ සල්ලි ගෙවන්න යයි

(අංජුල මහික වීරරත්න)

කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වසර 5ක ව්‍යාපෘති කාලසීමාවක් සහිතව කිලෝමීටර 100,000ක මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන 2020 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර 2023 වර්ෂයේ සිට අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් එකී වැඩසටහන යටතේ මේ වන විට රුපියල් බිලියන 28.37 ක හිඟ බිල්පත් පියවීමට ඉතිරිව පවතී. 

එසේම, අත්‍යවශ්‍ය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 2024 වර්ෂයේදී රුපියල් බිලියන 20ක් වෙන් කරනු ලැබ ඇති අතර, ඒ යටතේ කිලෝ මීටර 1,000 ක් ප්‍රතිසංස්කරණය කිරීම පිණිස හඳුනාගනු ලැබ ඇත. 

එම වැඩසටහන් දෙක යටතේ නිරවුල් කළ යුතුව පවතින හිඟ බිල්පත් පියවීම සඳහා 2024 වර්ෂය වෙනුවෙන් අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති, එහෙත් මේ දක්වා භාවිත කර නොමැති ප්‍රතිපාදන කළමනාකරණය කර ගැනීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

පාරවල් හැදූ හිඟ සල්ලි ගෙවන්න යයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප් ජයග්‍රහණය අභියස
2024 නොවැම්බර් මස 06 267 0

ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.


වැටත් නියරත් ගොයම් කාලා
2024 නොවැම්බර් මස 06 192 0

පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ


මහා භාණ්ඩාගාර ඉහළ කළමනාකාරීත්වයට නිලධාරීන් පත් කරයි
2024 නොවැම්බර් මස 06 442 0

මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


අගමැතිනියගේ වෛද්‍ය ඒකකය විසුරුවයි
2024 නොවැම්බර් මස 06 768 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙනුවෙන් සහ එම කාර්යාලයීය කටයුතු සඳහා ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසුරුවා හැර එම වෛද්‍ය උපකරණ සෞඛ්‍ය කාර්


අඩු ආදායම් ලබන්නන්ට චීන උදව්වෙන් ගෙවල්
2024 නොවැම්බර් මස 06 462 0

අඩු ආදායම්ලාභි පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


තවත් ඩිෆෙන්ඩරයක් වෙන්නප්පුවෙන් සොයා ගනී
2024 නොවැම්බර් මස 06 918 0

ලියා පදිංචි අංක තහඩු නොමැති සැකකටයුතු ඩිෆෙන්ඩර් රථයක් වෙන්නප්පුව මිරිස්සන්කොටුව ප්‍රදේශයේ නිවෙසක සගවා තිබියදි සැකකරුවන් දෙදෙනකු සමග අත් අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 20 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 424 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1340 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site