IMG-LOGO

2025 ජනවාරි මස 06 වන සඳුදා


පාර්ලිමේන්තුවේ ලොකු පුටුවලට පිටින් කට්ටිය සේවකයන්ගේ විරෝධය

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරුවලට නිලධාරීන් බාහිරෙන් බඳවා ගැනීමට සාකච්ඡා ආරම්භ වීමෙන් ඊට පාර්ලිමේන්තු සේවකයන්ගේ දැඩි විරෝධය මතුව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

සාමාන්‍යයෙන් මේ දක්වා නිලධාරී තනතුරු පිරවීම කෙරුණේ  දැනට සේවය කරන නිලධාරීන් උසස් කිරීමේ ක්‍රමවේදය අනුවය.

මෙලෙස බාහිරෙන් පුද්ගලයන් බඳවා ගැනීමෙන් පාර්ලිමේන්තුවේ කාලයක් තිස්සේ සේවය කරන සේවකයන්ට බරපතළ අසාධාරණයක් සිදුවන බව එහි බොහෝ පිරිස් රජයට පෙන්වා දෙති.

පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු වලට මෙසේ බඳවා ගැනීමට යන බව  පැවසෙන්නේ රජයේ  පරිපාලන සේවයෙනි.

පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සාකච්ඡාවකදී පසුගියදා මේ කාරණය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර ඇත.

මේ අතර පාර්ලිමේන්තු සේවකයන්ට මෙතෙක් හිමිව තිබූ නිවාඩු හිලව් දීමනාව ගෙවීම  ආර්ථික ගැටලු සැලකිල්ලට ගෙන නතර කිරීමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන්ද සේවකයන්ගේ දැඩි විරෝධය මතුව ඇතැයි වාර්තාවේ.

මෙය එම සේවකයන්ට වසර ගණනාවක් තිස්සේ ගෙවූ දීමනාවකි.



අදහස් (13)

පාර්ලිමේන්තුවේ ලොකු පුටුවලට පිටින් කට්ටිය සේවකයන්ගේ විරෝධය

බකල ජයා Saturday, 04 January 2025 03:51 PM

අනේ අපිට පුරුදු පරිදි පාඩුවේ හොර කර කර, ඉන්න දෙන්නෝ... නැතිනං අපි කෑගහනෝ...

:       13       70

පිටිගල මිලානෝ Saturday, 04 January 2025 04:48 PM

පාරම්පරික ක්‍රමවේද අනුව නොව සුදුස්සාටයි සුදුසු තැන ලැබිය යුත්තේ. ඔතැන ගොඩක්ම ඉන්නේ පිටින් ආපු මැක්කෝ…. අර එංගලන්තේ මහකොමසාරිස් කාර්යාලයෙන් ඔතැනට පාත්වූ මැදමුලනට පමණක්ම සේවය කරපු කෙනාද ඇතුළුව… ඔතන ඉන්න නෝනාගේ මහත්තයාට අළුත් ජොබක් සාටක කට්ටිය අලුතින් හදලයි මැක්කෙක් විධියට ඒ දවස්වලම ප්ලාන්ට් කලේ…. අපි නොදන්නා පාර්ලිමේන්තුව…

:       10       59

Tharindu Saturday, 04 January 2025 05:26 PM

කොහෙන් බැලුවත් ලේ උරා බොන කූඩැල්ලන් වැනි තනතුර තාත්තාගෙන් පුතාට යන මානසික මට්ටමේ මිනිසුන්ය. මේ නාරාවල පිරිසිදු කිරීම පහසු නැත. දේශපාලන මත, මාධ්‍ය (සාමාජ, ඇතුළු නොයෙකුත්) විවිධ සංවිධාන පමණක් නොව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද එසේමයි... රට හැදීමට අවංකවම ලැබෙන්නා වූ අවසාන අවස්ථාව මෙය වනු ඇත.

:       6       53

bandula Saturday, 04 January 2025 05:57 PM

අවුරුදු 20-25 තිස්සේ ඇතුලේ 225 අය ගේ ගමේ අය පවුල් පිටින් බඳවා ගත් බව සැවොම දනිති.

:       9       49

විපරමා Saturday, 04 January 2025 06:13 PM

අම්මා අප්පගේ බූදලේ කියලා හිතාගෙන ඇති .

:       8       51

Perera Saturday, 04 January 2025 07:26 PM

මුලින්ම ආයතනයක විනයක් තියෙන්න ඕනෑ. මොවුන්ගේම ක්‍රමවේද අනුව නොවේ වැඩ සිද්ද විය යුත්තේ...

:       6       39

Priyantha Batagoda Saturday, 04 January 2025 09:09 PM

ඉතාම හොඳ වැඩක්..ඕකේ ඉන්න එවුන් හිටපු එවුන්ට පන්දම් අල්ලලා ආපු උන්ගේ හෙංචයියෝ.ඕකුන් තමයි යටින් ගේම ගහන්නෙ මේ ආණ්ඩුවට විරුද්ධව..ඕකුන්ට උසස්වීම් නෙමේ පුළුවන්නම් VRS එකක් දීලා ඔවුන්ව ගෙදර යවලා ඒ වෙනුවට වෙනත් සේවකයන් බඳවගන්න ඕනා.

:       0       2

Lalla Saturday, 04 January 2025 11:02 PM

බාහිරින් තරුණ සුදුසු පුද්ගලයින් 1:1 අනුපාතයට විධායක තනතුරුවලට ගත යුතුයි. නව අදහස් සහ දැනුම සමග කාර්යක්ෂමතාවය ඉහළ යාම අත්‍යාවශ්‍යයි. නැතිව ආයතන එක තැන පල්වන මඩවලවල් තත්ත්වයට පත්වෙනවා...!

:       0       3

Eddie Saturday, 04 January 2025 11:04 PM

පාර්ලිමේන්තුව සුද්ද කරන්න..!

:       0       1

Gunasekera Sunday, 05 January 2025 08:42 AM

රටේ සිස්ටම් චේන්ජ් කරන්න ජනතාව 2/3 බලයක් ලබා දී ඇත. රාජ්‍ය ආයතන සියල්ල එයට අනුගත විය යුතුයි. පාර්ලිමේන්තුව පමණක් පැරැණි ක්‍රම රකින්නට අවශ්‍ය නැත...

:       0       2

ගාමිණී Sunday, 05 January 2025 12:32 PM

කථා නායකගේ හිස් වැසුමේ ප්‍රශ්නයේ සිට සිදු වූ සමහර දේවල් බලනවිට ඔතැන සිටින වුන් සේවය කරන්නේ කා වෙනුවෙන්ද කියා පැහැදිලියි. හොඳ දේ වෙනුවෙන් රටේ මහ ජනතාව රජය සමග බැවින් කිසිඳු විරෝධතාවයන්ට හිස නැමිය යුතු නැත.

:       0       3

sam Sunday, 05 January 2025 12:36 PM

ඕක පුරාම ඉන්නේ ජොලියගේ, මයිනගේ, පොලියගේ නෑයෝ. ඔවුන් ඔක්කොම එළවා දාන්න ඕනේ. පට්ට ගසාකාපු අය ඉන්නේ. හොඳ අය කීප දෙනයි ඉන්නේ.

:       1       2

Bunny Preena Monday, 06 January 2025 11:29 AM

මොවුන් ඔක්කොමලා තුවාලය තියෙන හිඟන්නෝ වගේ... තුවාලය සනීප කරනවාට කැමතිම නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වැලිකඩ රැඳවියන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව
2025 ජනවාරි මස 06 118 0

වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු සදහා “සිරකරුවන්ගේ දරුවන්ගේ මිතුරෝ” ආයතනය පාසල් උපකරණ ප්‍රදානය කළේය.


සුව සැරිය අලුත් වෙයි
2025 ජනවාරි මස 06 475 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පත් කරනු ලැබ ඇත.


මල් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට
2025 ජනවාරි මස 06 147 0

රාත්‍රී කාලයේ මල් වෙළඳසැලකට ඇතුළු වී රුපියල් හැත්තෑ දහසකට වැඩි වටිනාකමකින් යුතු විවිධ වර්ගයේ මල් 2700ක් සොරකම් කල පුද්ගලයෙකු ඊයේ (5දා) අත්අඩංගුවට ගත් බව


ක්‍රීඩා - තරුණ කටයුතු සංවර්ධනයට ඉන්දීය සහය
2025 ජනවාරි මස 06 102 0

ඉන්දියා මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha ) සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්වරුන් අතර හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී


වරාය කළමණාකාර අධ්‍යක්ෂක කෝටි 26 ක පාඩුවක් කරලා
2025 ජනවාරි මස 06 1045 0

වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අ


දෙමෝදරදී දුම්රියක් පිලී පනි
2025 ජනවාරි මස 06 157 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානයේ දී දුම්රියක් අද (06) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 442 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 225 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 212 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site