IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


පාලකයන් දැන් පරක්කු වැඩියි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාලකයන් කැමති වුනත් නැති වුනත් සමාජ වෙනස සිදුවීම ඇරඹී ඇතැයි ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

එම සමාජ වෙනසට පාලකයන් හොඳටම බිය වී සිටියත් දැන් ඔවුන් පරක්කු වැඩි බවද අමරසූරිය මෙනවිය කීවාය.

රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් අමරසූරිය මෙනවිය  මෙසේද කීවාය.

ආර්ථික අර්බුදය පිටුපස තිබෙන දේශපාලන අර්බුදය අප හරිහැටි තේරුම් ගත්තේ නැතිනම් මෙතෙක් කල් කළ වැරදි නැවත නැවත කරන්න පෙලඹෙන්න පුළුවන්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මේ මොහොතේ අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා.

අප ජීවත් වන්නේ සමාජ සංයුතීන් සියල්ල අභියෝගයට ලක්වූ කාලයකයි. අද ලොකුම අර්බුදයට ලක්ව ඇත්තේ පුරවැසියා සහ සහ පාලකයා අතර තිබිය යුතු සමාජ සම්මුතියයි.

පාලකයා මොන කැත වැඩේ කලත් පුරවැසියා සමඟ ඇති කරගත් පෞද්ගලික සබඳතාව හරහා දූෂිත  ක්‍රියාවලින් වසා ගැනීමට සමාජය ගොඩනඟා තිබෙනවා.

පාලකයන් ගෙනෙන පනත් හරහා ඔවුන් බොහෝ බියට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.

ඔවුන්ගේ භාවිතාවෙන්ද එය පෙනෙන්නට තිබෙනවා .සමාජයේ පුරවැසියන්ගේ ඇතිවී තිබෙන වෙනස මෙන්ම පුරවැසියා බිය නැතිව ප්‍රශ්න කිරීම සඳහා ඉදිරිපත් ඉදිරිපත්වීම පාලකයන් බිය ගැන්වීමට හේතුවක් වී තිබෙනවා.



අදහස් (5)

පාලකයන් දැන් පරක්කු වැඩියි

එරංග Wednesday, 21 February 2024 02:33 PM

මෑතක සිට මැය විසින් කරනු ලබන කතා ඇහෙන කොට එසේ මෙසේ මුරුංගා ගහකට නෙවෙයි... නැගලා ඉන්නේ කියලා අපට නම් හිතෙන්නේ. මෙයා කියන්නෙත් IMF හොඳයිලු.. එයාලා ආවමත් එක කරනවාලු. ඉන්දියාවත් හොඳයිලු... ඉතින් දැන් කරගෙන යන දේ කරන්න නම් තමුන්ලා මොකටද නෝනේ කියලා අහන්න තමයි ඡන්ද දායකයෝ බලා ඉන්නේ...

:       60       34

නිමල් Wednesday, 21 February 2024 04:18 PM

මුරුංගා අත්තට නැංගවිලයි තියෙන්නේ... එයාලා⁣ගේම කුලියට කොටන වහල්ලුන්ගේ කමෙන්ට් දැකලා... මෙයාලා ආවොත් අපිත් ඉන්දියාවේ වහල්ලු තමයි. ආය තොවිල්කරලාවත් මෙයාලා පන්නන එක බොරු...!

:       38       20

අරවින්ද මොනරවිල Wednesday, 21 February 2024 02:58 PM

අනිවාර්යයෙන්ම, මේ වෙනස අපි කරන්නම ඕනෑ. ඒක නොකෙරුව හොත් ශ්‍රී ලංකා කියන රාජය ලෝකයෙන් අතුගෑවිලා, ඉන්දියාවට දකුණින් ඇමරිකන්, ඉන්දීය හා චීන හවුල් කොළනියක් ඉතුරු වනු ඇත.

:       22       59

සුරංග Wednesday, 21 February 2024 04:28 PM

ඇත්තටම මෙතුමිය පුවත්පත් මගින් රූපවාහිනී මගින් දැක්කට දැන හැඳුනුම්කමක් නැහැ. ඒත් මට හිතෙනවා මෙතුමිය රටේ පාලනයේ මුල් පුටුවකට හොඳයි කියලා...

:       14       30

fairoos Wednesday, 21 February 2024 05:28 PM

රටේ ඉතුරුවෙලා ඉන්න බයියන් නැතිවෙච්චි දවසට තමයි රටට සෙත...

:       9       38

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යතුරුපැදි අනතුරෙන් පාසල් සිසුවෙකු මරුට
2024 ඔක්තෝබර් මස 18 289 0

යතුරුපැදියක ගමන්ගත් පාසල් සිසුවෙකු ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් තුවාල ලබා ඊයේ(17) වැනි දා නාලන්ද රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි නාඋල ප


අඟුණකොලපැළැස්ස බන්ධනාගාර වාට්ටුවේ බිත්තියක දුරකතන-සිම්පත්
2024 ඔක්තෝබර් මස 18 249 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ .


නිධන්හෑරූ 4 ක් කොටුවෙයි
2024 ඔක්තෝබර් මස 18 150 0

මහියංගණය දිවුලපැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කිනිම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙක් ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්‍රියක්


චීන දුම්වැටි සමඟ චීන ජාතිකයා අල්ලයි
2024 ඔක්තෝබර් මස 18 313 0

කොල්ලුපිටිය සමගි මාවතේ චීන භාණ්ඩ අලෙවි සැලක තොග ගබඩාවේ සගවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා චීන දුම්වැටි දස දහසක තොගයක් අද (18) දින සිය භාරයට ගත් බව ශ්‍


මුහුදේ නාන්න ගිය තරුණයා ගිලී මරුට
2024 ඔක්තෝබර් මස 18 198 0

කළුතර උතුර කුඩාවස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දිය නෑමට ගිය තරුණයෙකු මුහුදෙ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.


සාදයේ කතා බහ මරණයෙන් අවසන් වෙයි
2024 ඔක්තෝබර් මස 18 398 0

කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 626 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 498 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1558 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site