IMG-LOGO

2025 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා


පාසල් ලිපිද්‍රව්‍ය ගන්න රුපියල් 6000ක් බැංකු ගිණුමට

(යොහාන් භාසුර)

අස්වැසුම ප්‍රතිලාභ හිමි පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා දෙන රුපියල් 6,000ක දීමනාව අස්වැසුම බැංකු ගිණුම්වලට යොමුකළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එම මුදල් පසුගිය සිකුරාදා බැංකුවට යොමු කළ බවත් ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැළකිය යුතු සෘණාත්මක බලපෑමක් සිදු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කළ සමීක්ෂණයකින් හෙළවී ඇතිති බවත් එම අමාත්‍යාංශය සදහන් කරයි.

බලපෑමට ලක්වූ ළමුන් අතරින්  සියයට 53.2ක් පාසල් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම අවම කර හෝ මුළුමනින්ම නවත්වා ඇති බවත් සියයට 26.1ක් පෙර භාවිතා කළ පාසල් ලිපි ද්‍රව්‍ය නැවත භාවිතා කිරීමට යොමු වී ඇති බවත් එම සමීක්ෂණ ප්‍රතිඵලයෙන් අනාවරණය වී තිබේ. 

එලෙස අවදානමට ලක්වූ පාසල් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි වන අහිතකර බලපෑම අවම කිරීම අරමුණින් ලබන වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පාසල් ලිපි ද්‍රව්‍ය මිලදීගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව අස්වැසුම පවුල්වල දරුවන්ට මෙම රුපියල් 6000ක දීමනාව දීමට තීරණය කළේය. 



අදහස් (3)

පාසල් ලිපිද්‍රව්‍ය ගන්න රුපියල් 6000ක් බැංකු ගිණුමට

ගනේ ගමගේ ඉශානි ලක්ෂිකා Monday, 30 December 2024 06:36 PM

අස්වැසුම නැති අපේ දරුවන්ටත් ඒ දීමනාව දෙන්න.. අපිටත් කිසිම ආදායම් මාර්ගයක් නැත.

:       3       19

FreemanHAT Tuesday, 31 December 2024 02:55 AM

බොරු වැඩ නොකර ලිපි ද්‍රව්‍ය වලට පැනවූ VAT බද්ද ඉවත් කරන්න. හැම දරැවෙක් වෙනුවෙන්ම.

:       0       2

Lalla Tuesday, 31 December 2024 08:07 AM

පොහොර සහනාධාරය වගේම අපතේ යන මහජන බදු මුදල්...කසිප්පු ගංජා කුඩු ගහන්න නිකමුන්ට දෙන සල්ලි.මේක ජාතික අපරාධයක්..... විමර්ශනය කර තත්ත්වය හොයල බලන්න..

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වකුගඩු රෝගී දීමනාව 10000 දක්වා වැඩි කරයි
2025 ජනවාරි මස 02 21 0

වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන දීමනාව රුපියල් 10000 දක්වා වැඩිකරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කරයි.


සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 පසුකරයි
2025 ජනවාරි මස 02 124 0

කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 අද (2) පසු කළේය.


දරුවන් පාසලෙන් ඈත්වීම ගැන සොයා බැලිය යුතුයි
2025 ජනවාරි මස 02 375 1

උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රා


නිපුණතා සංවර්ධනයට ඔස්ට්‍රේලියානු රජයේ සහාය
2025 ජනවාරි මස 02 310 0

ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධනයට ඔස්ට්‍රේලියානු රජය සහාය ලබාදීමට එකඟතාවය පළ කර ඇත.


රට හාල් මෙට්‍රික්ටොන් 85000ක් වෙළඳපොලට
2025 ජනවාරි මස 02 288 0

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (2) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 85,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරඇති බව රේගු මාධ්‍


නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම 07
2025 ජනවාරි මස 02 164 0

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන 7 වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසී


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 360 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 190 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 172 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site