IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පාසල් සිසුවියක් දරුවකු බිහි කර රෝහලේ දමා ගිහින්

(ප්‍රදීප් කුමාර)

යාපනයේ පාසල් සිසුවියක දරුවකු ප්‍රසූත කර රෝහලේ දමා පලා ගොස් ඇතැයි යාපන රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

සිසුවිය සිය මව සමග රෝහලට ඇතුලත්වී ඇති අතර එහිදී ඇය දරුවා ප්‍රසුත කොට තිබේ. පසුව  සිසුවිය හෝ මව දරුවා අසල නොසිටි බැවින් රෝහල් කාර්යය මණ්ඩලය ඒ පිළිබද සොයා බලා තිබේ.

අදාළ සිසුවිය හා ඇගේ මව දරුවා දමා රෝහලෙන් පලා යන්නට ඇති බවට සැක කෙරෙන අතර රෝහල් බලධාරීන් මේ පිළිබද යාපනය පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

 



අදහස් (13)

පාසල් සිසුවියක් දරුවකු බිහි කර රෝහලේ දමා ගිහින්

MD Sunday, 12 May 2024 07:46 AM

දැරියගේ දෙමව්පියන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න.තමන්ගේ දරුවන් කෙරෙහි අවධානය යොමු නොකර සිටියා මදිවට හිතක් පපුවක් නැති තිරිසන්නු ලෙස දරුවගේ දරුවත් පන්සල් භූමියට බලු පැටව් අතහැරලා දාලා යනවා ගිහින්.මෙයාලා හැබැයි බඩගාගෙන කෝවිල් භුමියේ යාඥාවන් නම් කරනවා දෙවියන් රවට්ටන්න.දමිළයා තිරිසන් කෘර වෙලා ප්‍රභාකරන් අනුගාමිකයින් වෙලා.

:       73       131

බද්රානිWednesday, 15 May 2024 08:13 PM

MD නමින් අදහස් පලකොට තිබෙන ඔබ මිනිස් වෙසින් සිටින තිරිසන් ගතිගුණ ඇති සත්වයෙක්... ලංකාවේ පවතින පුහු ආකල්ප සහිත ගෝත්‍රික සංස්කෘතියක් තුල මෙවැනි දේ සිදුවීම සාධාරණයි...ඒ පාසල් දැරියට නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීමේ හේතුවෙන් තමයි මෙවන් දෙයක් සිදුවී ඇත්තේ...පවතින ආර්ථිකය අනුව ඒ දරුවාට හෝ අයගේ මව්පියන්ට තවත් දරුවෙක් නඩත්තු කිරීමට හැකියාවක් නැහැ.. ලංකාවේ පාසල් සිසු සිසුවියන්ට අනිවාර්යයෙන් ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුයි... පහුගිය කාලේ ඒ පිලිබදව පොතක් එලි දක්වද්දී ඝන ගෙඩි රැලක් එයට අකුල් හෙලුවා....දැන් MD නමැති නරුමයා කියන්නේ දැරියට ගල් ගසා මරන්න කියලද..? මම හිතන්නේ ඔහේ ආදරය තුලින් මෙලොවට බිහිවූ අයෙක් නොවෙයි... ඔබගේ මව්පියන් විසින් ඔබව යම් ආගමික ස්ථානයක අතරමන් කළා නේද...? ඇත්තටම ඔබ අදහන ධර්මය කුමක්ද..? ඔබ වන්නුන් පුනරුත්තාපනය කල යුතුයි...

:       85       30

සුදේශ් ප්‍රියංකර අමරසේකර Monday, 13 May 2024 01:42 PM

දරුවා හදා ගැනීමට ගන්න බැරි ද

:       2       48

Bunny Preena Monday, 13 May 2024 02:53 PM

පාසල් සිසුවියක් නම් මෙයා බොහොම බරපතල කාරණයක්... සිසුවිය ඉගෙන ගත්තු පාසලට අගෞවරයක්,

:       59       18

wasana Monday, 13 May 2024 03:04 PM

දරුවන් ඉන්න අයට අගේ නෑ... අපිට දරුවෝ නැති නිසා අගේ දැනෙනවා.

:       1       37

ධනපාල හෙට්ටිආරච්චිගේ Monday, 13 May 2024 04:21 PM

පාසල් ළමයාට වෙච්ච අසාධාරණය ගැනත් කතාකරන්න ,එයත් තවම ලමයෙක් අනික සමාජ වටපිටාව,මේකෙ බනින සුද්ධ වන්තයො බහුතරයක් දේව දූතයොවෙන්න ඇති

:       3       38

Sadu sadu Monday, 13 May 2024 07:28 PM

අපරාධ වැඩ මෙිවා

:       3       24

Naduni piumali Monday, 13 May 2024 08:23 PM

දෙමාව්පියො උනාම තම දරුවා ගැන අවදානයෙන් සිටිය යුතුයි .මොකද ඉබේ ළමයි හම්ව වෙන්නේ නෑනේ

:       1       15

pakeer Tuesday, 14 May 2024 11:59 PM

මේකේ කමෙන්ට් දාන එවුන් මාර සුද්දවන්තයෝ .මුන්ගේ වැඩ කිඩ ටික බලන්න .ගූගල් වෝට් එකක් දාලා තියන්න ඕනේ.අනේ යකෝ .උපදෙස් දෙන්න පුදුම දක්ෂයෝ .ඒ උනාට තොපිට හරි පාලකයෙක් තෝරා ගන්න බැහැ රට හදන්න

:       2       25

Ruwan Sunday, 19 May 2024 04:54 PM

කමෙන්ට් කරන ශුද්ධවන්තයින්ට මුලින්ම කියලා දෙන්න ඕනේ දරුවෙක් පිළිසිඳ ගන්නේ කොහොමද කියලා. ඊළඟට මේ කියන දැරිවියගේ වයස සහ ඒ අනුව ඇගේ මානසික මට්ටම හා කායික සෞඛ්‍ය තත්වය කොහොමද කියලා. අන්න ඊට පස්සේ පුළුවන් ඇයව විවේචනය කරන්න...

:       0       21

Nawshad Monday, 20 May 2024 12:05 PM

ඉතා අවාසනාවන්ත තත්වයක්, සමාජයක් ලෙස අප ලැජ්ජා විය යුතුය. පාසල් විෂය නිර්දේශයට සුදුසු පරිදි ලිංගික අධ්‍යාපනය ඇතුළත් විය යුතුය, ළමා අධ්‍යාපනය යළි ගොඩනැගීම ගැන බලධාරීන් සිතිය යුතුය.

:       0       9

Ajith Wednesday, 22 May 2024 08:48 PM

අලුත උපන් ලමයා මරණවාට වඩා ඔය කර දේ හොදයි...

:       1       3

abeygunasekarasampath95 Wednesday, 22 May 2024 09:04 PM

මේ වගේ ඒනා මට නම් සාමාන්‍ය අත්දැකිම් මගේ වෘත්තීය ජිවිතයේ..අපි කොයිතරම් කිව්වාත් ලිංගික අධ්‍යාපනයට බැනලා වැඩක් නැ.. ඔබේ ගෙදර සිටින දරුවා ඔබට කොහොම කලත් පරිස්සම් කරගන්න බැ නේ..

:       1       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 640 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 177 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 530 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 134 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1787 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site