IMG-LOGO

2025 ජනවාරි මස 08 වන බදාදා


පාස්කු ප්‍රහාරයට සැක 747ක් අත්අඩංගුවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  සැකකරුවන්  747 දෙනකු  මේ  දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

මේ අතර පාස්කු ඉරු දින ප්‍රහාරයට අදාලව  සැකකරුවන් සහ සැකකාරියන් 100 කට එරෙහිව  මහාධිකරණයේ පවරා අැති නඩු 14කට  නීතිපතිවරයා  අධි චෝදනා ගොනු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත්  පරීක්ෂණ පැවැත්වෙන බව කී  අමාත්‍යවරයා  ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවෙන් අනාවරණය වූ කරුණුද ඊට පරිබාහිරව ඉදිරිපත්වූ කරුණුද පදනම් කරගෙන මෙසේ විමර්ශන පවත්වන බව කීය

රජය බලයට පත් වූ පසු  විමර්ශන නව අදියරයකින් ආරම්භ වී ඇති බවත්  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශන පවත් වන  බවත්  හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් සිවිල් සාක්ෂිකරුවන් දොළොස් දෙනකු  හමුදා සමාජිකයන් හත්දෙනෙකු  පොලිස් නිලධාරීන් විසිහතර දෙනකු බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු ඇතුළු  48 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් විමර්ශන කරගෙන යන  බවද  අමාත්‍යවරයා පැවසීය

 

 

 

 

 



අදහස් (0)

පාස්කු ප්‍රහාරයට සැක 747ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පොලිස්පති - බස් සංගම් සාකච්ඡා සාර්ථකයි
2025 ජනවාරි මස 08 7 0

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොලිසිය විසින් සිදුකරනු ලබන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරි


ජනපති කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ බඩු නැති වීම ගැන විමර්ශණයක්
2025 ජනවාරි මස 08 73 0

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතු භාණ්ඩ තොගයක් අස්ථාන ගතවීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති පොලිස් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකය අද(08) කොටුව මහේස්


මහ ඡන්දෙ ආදායම් වියදම් නොදුන් 1,239කට අවසන් නිවේදන
2025 ජනවාරි මස 08 84 0

මහ මැතිවරණයට ඉදිරිපත් වී ආදායම් වියදම් වාර්තා බාර නොදුන් අපේක්ෂකයන්ට, පක්ෂ ලේකම්වරුන්ට සහ ස්වාධීන කණ්ඩායම් නායකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සදහා ව


ලාංකිකයන්ට ජපානයේ අලුත් රැකියා
2025 ජනවාරි මස 08 165 0

ඉදිරියේදී ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජපානයේ නව රැකියා ක්ෂේත්‍ර විවෘත කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකිඹ මහතා (Mr. Isomata Akio) කීය.


මාසයක් එකහමාරක් ඉවසගෙන ඉන්න
2025 ජනවාරි මස 08 691 0

මාසයක් එකහමාරක් ඉවසා සිටියොත් දූෂණ,වංචා,අල්ලස්, මූල්‍ය අවභාවිතා පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵලය රටට ලබා දිය හැකි බව මහජන ආරක්ෂක


මැණික් - ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට ජනපති යයි
2025 ජනවාරි මස 08 216 0

’’Gem Sri Lanka - 2025’’ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී අද (08) පෙරවරුවේ ඉතා උත්


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 2 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 481 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 249 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site