IMG-LOGO

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා


පාස්පෝට් කාර්යාලයට නව පොලිස් මුරපොළක්

(යොහාන් භාසුර)

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිනෙන ජනතාව ආරක්ෂාව සඳහා සහ ජනතාවට සහාය සඳහා නව පොලිස් මුරපොලක් ස්ථාපිත කිරීමට තීරණය කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යය ආනන්ද විජේපාල මහතා   පැවසීය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යය ආනන්ද විජේපාල මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී සාකච්ඡාවේදී එසේ පැවසීය.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ පැන නැගී ඇති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර යෝජිත 24 පැය සේවා සැපයීමේ ක්‍රියාවලිය සහ දිගුකාලීන විසඳුම් කෙරෙහි අවධානය යොමු විය.

පසුගිය සමයේ ගෙන තිබූ අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා පැන නැගී තිබූ අර්බුදකාරී තත්වය හේතුවෙන් ජනතාව දිවා රෑ පුරා දුක් විඳින බවත් එවැනි පීඩාවක් ජනතාවට ඇති නොවන පරිදි ජනතාවට සේවය කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම අර්බුදයට පිළියම් ලෙස පසුගිය සතියේ විද්වත් කමිටු නිර්දේශ පරිදි දිනකදී නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි කිරීමටත්, යාපනය ප්‍රදේශය තුළ නව ආගමන හා විගමන කාර්යාලයක් ආරම්භ කිරීමටත්, එම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කාර්යමණ්ඩල සපයා ගැනීම සඳහා වන අමාත්‍යමණ්ඩල තීරණය රාජ්‍ය සේවා කොමිසමට යොමුකර ඇති බවත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය නුදුරේදී ලබා ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

යෝජිත 24 පැය විදේශ ගමන් බලපත්‍ර සේවා සැපයීමේ ක්‍රියාවලියේදී සේවා මුර 03ක් යටතේ නිලධාරීන් සේවා සැපයීමේ නිරත වීමටත්, අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලයේ නිලධාරීන් රාජ්‍ය සේවය තුළින්ම සහ විශ්‍රාමික පුහුණු නිලධාරීන් යෙදවීම කෙරෙහිත් අවධානය යොමුව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට අමාත්‍යවරයා වෙත තම ගැටළු ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වූ අතර විදෙස්ගමන් බලපත්‍ර ලබා දීමේදී තමන්ට මතු වන ගැටලු පිලිබඳව මෙහිදී අදාල නිලධාරීන් විසින්  අමාත්‍යවරයා දැනුවත් කළ අතර එම ගැටලු සඳහා අවශ්‍ය විසඳුම් ලබා දෙන බවද  අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩ බලන ආගමන හා විගමන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය යන මහත්ව මහත්මීහු සහ  ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.



අදහස් (0)

පාස්පෝට් කාර්යාලයට නව පොලිස් මුරපොළක්

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පාස්පෝට් කාර්යාලයට නව පොලිස් මුරපොළක්
2025 පෙබරවාරි මස 08 704 0

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිනෙන ජනතාව ආරක්ෂාව සඳහා සහ ජනතාවට සහාය සඳහා නව පොලිස්


’බිම්ස්ටෙක්’ මහලේකම් අගමැති හරිනි හමුවෙයි
2025 පෙබරවාරි මස 08 245 0

’බිම්ස්ටෙක්’ සංවිධානයේ මහලේකම් සහ තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාල


ත්‍රීරෝද රථයක් ලොරියක ගැටී අයෙක් මරුට
2025 පෙබරවාරි මස 08 358 0

පොළොන්නරුව දීපඋයන ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ත්‍රීරෝද රථයක් ගැටී අද (08) සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස්, තිදෙනකු බරපතල තු


පොලිස් ලොක්කෝ 6කට ස්ථාන මාරු
2025 පෙබරවාරි මස 08 1113 1

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


ලී කොටන් දෙකකට යටවී අයෙක් මරුට
2025 පෙබරවාරි මස 07 1157 0

ලොරියකින් ලී කොටන් බාමින් සිටී පුද්ගලයෙකු ලී කොටන් දෙකකට යටවී මියගොස් ඇති බව එගොඩ උයන පොලිසිය පවසයි.


ශක්තිමත් ආර්ථික අත්තිවාරමක යළි නැඟී සිටින්න එන්න
2025 පෙබරවාරි මස 07 742 4

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 39 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 109 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 840 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site