IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


පාස්පෝට් ගන්න කැබිනට් අනුමැතිය ඉලන්න යයි

(නාමිණි විජේදාස)

විදේශ ගමන් බලපත්‍ර දෛනික නිකුත් කිරීමේ අනුපාතය අනුව දැනට මෙරට සතුව තිබෙන විදේශ ගමන් බලපත්‍ර 750,000 ක තොගය ලබන වසරේ ජූලි සහ සැප්තැම්බර් අතර කාලයේදී අවසන් වීමට නියමිත බවත් ඉන්පසුව විදේශ ගමන් බලපත්‍ර තොග ලබාගැනීමට සුදුසුම ක්‍රමය යෝජනා කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත බවත් පැවැසෙයි.

විදේශ ගමන් බලපත්‍ර ප්‍රශ්නය “සැබෑ පටලැවිල්ලක්” වී ඇති අතර එමඟින් නව ටෙන්ඩරයක් කැඳවීම පවා ගැටලු සහගත වී ඇතැයි මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පිළිගෙන ඇත.

විද්‍යුත් චිපය සහිත විදේශ ගමන් බලපත්‍ර 750,000 ක ප්‍රමාණය ලබාගැනීම සඳහා කැඳවූ ටෙන්ඩරයේ ප්‍රතිඵලය මේ වනවිට අභියාචනාධිකරණයේ අභියෝගයට ලක්ව ඇති බැවින් එම සැපයුම්කරුගෙන්ම තවත් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාවක් තිබෙනවාද යන්න ගැටලු සහගත යැයි අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ගැටලුව සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය පුරාවට රැස්වීම් කිහිපයක් පැවැත්වුණු බවත් ඇතැම් රැස්වීම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු බවත් මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවැසුවේය. මෙම ගැටලුව අවධානය යොමුවිය යුතු සහ හදිසි කාරණයක් ලෙස රජය සලකන බවද ඇමැතිවරයා කීය.

 



අදහස් (0)

පාස්පෝට් ගන්න කැබිනට් අනුමැතිය ඉලන්න යයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තවත් මන්ත්‍රී පහකට පට්ටම් ගැලවෙයි?
2024 දෙසැම්බර් මස 15 515 0

රජයේ මැති ඇමැතිවරුන් තවත් පස් දෙනකුගේ ආචාර්ය උපාධි ඇතුළු අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ගණනාවක් ප්‍රබල ලෙස සැක මතු කර ඇත.


මීටියාගොඩ වෙඩි තැබීමක්
2024 දෙසැම්බර් මස 15 182 0

මීටියාගොඩ මහවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක සහ පිරිමියකු තුවාල ලබා බළපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.


මේ රජය ගත් ණය ගැන වෙරිටේ රිසර්ච් මතය
2024 දෙසැම්බර් මස 15 414 0

පශ්චාත් ජනපතිවරණ සමයේ ආණ්ඩුවේ ණය ගැනීම් සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් තිබුණත් සැබැවින්ම වත්මන් ආණ්ඩුව ගෙන ඇත්තේ පසුගිය ඔක්තෝබර් සිට මෙම මස අවසානය දක


ඉන්දියාවෙන් විශ්වවිද්‍යාල සිසුන් 200 කට ශිෂ්‍යත්ව
2024 දෙසැම්බර් මස 15 157 0

ඉන්දීය රජය පිරිනමන ශිෂ්‍යත්ව වැඩසහනක් යටතේ යාපනය සහ නැගෙනහිර යන විශ්ව විද්‍යාලවල අධ්‍යාපන ලබන ආර්ථික අපහසුතා සහිත පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200 කට ශිෂ


සහතික වලට වඩා වටින්නේ මනුස්සකම
2024 දෙසැම්බර් මස 15 321 0

මොන වෘත්තීය කළත් මොන සහතිකය ගත්තත් සමාජයට වැදගත්ම දේ මනුස්සයෙක් වෙලා ඉන්න එක බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මහතා පැවසීය.


ජනපති අනුරට ඉන්දියාවේදී ඉහළ පිළිගනීමක්
2024 දෙසැම්බර් මස 15 412 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අද (15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළගා විය.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 162 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 177 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 84 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site