IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය

(අංජුල මහික වීරරත්න)

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ  ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

එම ක්‍රමවේදය ඊයේ (4) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා කීය.

කොටස් වශයෙන් දැන් පාස්පෝට් ලැබෙන අතර  ඔක්තෝබර් මාසයේ 50,000ක්, නොවැම්බර් අග ලක්ෂයක්, දෙසැම්බර් අග ලක්ෂයක් වශයෙන් හිස් පාස්පෝර්ට් මෙරටට ගෙන්වා ගැනීමට පෙර පැවැති ආණ්ඩුව එකඟතාවයකට පැමිණ තිබූ බවත් අමාත්‍යවරයා කීය.

හිඟ පාස්පෝට් 750,000 එකවර ගෙන්වා ගැනීමට අදාළ ආයතනය සමඟ එකඟතාවයකට පැමිණ  තිබුණේ නැතැයි ද ඒ ප්‍රශ්නය නිසා  ඉල්ලුමට සරිලන පාස්පෝට් ප්‍රමාණයක් ලබාදෙන්න අපහසු තත්ත්වයක් මතු වී ඇතැයි ද අමාත්‍යවරයා කීය.

"මේක අපි ඇති කරපු ප්‍රශ්නයක් නෙමෙයි. අත්දැකීම හා පළපුරුද්ද තියෙන අය නිර්මාණය කරපු අර්බුදයක්. ඒක විසඳන්න අපි උත්සාහ කරලා දැන් අපි බොහෝදුරට විසඳලා තියෙනවා. පළමුව අපි පාස්පෝට් ගෙන ඒමට මැදිහත් වුණා. දැන් ඒ වැඩේ හරි. දැන් තියෙන්නේ ක්‍රමවේදයකට අනුව පාස්පෝට් ලබාදෙන්න" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (6)

පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය

ව්කුම් Wednesday, 06 November 2024 02:56 PM

මේ මහත්තයෝ ඉස්සර ආණ්ඩුව මෙහෙම කළා... ඒ හින්දා මෙහෙම වුණා කියලා දැන් තොදොල්වෙන්න එපා. වැරැදි වුණු නිසා තමා රට්ටු තමුන්ලාව ගෙනාවේ. එහෙම නම් මොන බම්බුවටද කීවේ? පාස්පෝට් පෝලිම ඉවරයි කියලා. හරියට තත්වේ නොබලාද කීවේ. කොහොමත් දිගින් දිගටම එකම තැටිය ගහන මෙයයි, වසන්ත සමරසිංහයි තමා මේ ආණ්ඩුවටත් කෙලවන්නේ....! වැරැදි කරලා නම් කරපු එවුන් අල්ලනවලා. කෙලවිලා ඉන්න අපිට පෝලිම්වල තියලා තව කෙලවන්නේ නැතුව...

:       47       168

randil dunuwilleWednesday, 06 November 2024 03:40 PM

2048 වෙනකල් සීයා රට හදනකල් ඉන්නවා කියපු අයට තමයි පුදුම තදියක් තියෙන්නේ.

:       94       26

විපරමා Wednesday, 06 November 2024 03:25 PM

මුලු රටම හොරාකාලා කාබාසීනියා කෙරුවෙත්, අත්දැකීම් ඇති පළපුරුදු අයම තමයි...!

:       90       31

තිලක් Wednesday, 06 November 2024 03:27 PM

කිව්වේ අපිට දෙන්න අපි පැය 24 න් විසඳනවාද කියලානේ...

:       32       104

Danuka Wednesday, 06 November 2024 03:44 PM

නටන්න බැරි මනුස්සයාට පොළව ඇදයි.. ඔය කතා හොඳයි ජෙබ්බයින්ට...!

:       28       83

Pacha Kumara Wednesday, 06 November 2024 03:53 PM

මෙයාලට ළමයි හැදෙන්නෙත් පල පුරුදු අයගෙන් වෙන්නේ ඇති...!

:       26       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?
2024 නොවැම්බර් මස 06 32 0

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්


ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා
2024 නොවැම්බර් මස 06 344 1

කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප


හජ් වන්දනාවට 3500කට අවස්ථාව
2024 නොවැම්බර් මස 06 180 0

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනපතිවරණ සමයේ අනුරට මඩ ගැසූ අය අල්ලනු
2024 නොවැම්බර් මස 06 795 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප


බඩ ඉරිඟු නඩුවෙන් අලෝසියස්ට ඇප
2024 නොවැම්බර් මස 06 588 1

නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර


වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 376 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 27 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1352 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site