IMG-LOGO

2024 දෙසැම්බර් මස 23 වන සඳුදා


පැනමා ඇල සුදුසු විදියට කළමනාකරණය කරනවා

(විමුක්ති එස් රුද්‍රිගු)

මධ්‍යම ඇමෙරිකානු රටක් වන පැනමාව තමාට පිළිගත හැකි ආකාරයකට පැනමා ඇළ කළමනාකරණය නොකරන්නේ නම් නැවතත් පැනමා ඇළ ඇමෙරිකාවට බාරදිය යුතු බව ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 21 වැනිදා ප්‍රකාශ කළේය.

පැනමා ඇළ භාවිත කරන නෞකාවලින් පැනමාව පිළිගත නොහැකි අධික ගාස්තුවක් අය කරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළේය. ඇමෙරිකාව පැනමාවට දක්වා තිබෙන විශේෂ සැලකිල්ල අමතක කරන පැනමා ඇළ භාවිත කරන නෞකාවලින් පැනමාව අය කරන ගාස්තුව හාස්‍යජනක බව ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් පැවැසුවේය.

එලෙස අධික ගාස්තුවක් අය කිරීම ඇමෙරිකාව සූරා කෑමක් බවත් එය වහාම නැවැත්විය යුතු බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. පැනමා ඇළ වැරදි පුද්ගලයන්ගේ අතට පත් නොවිය යුතු බව ඔහු අනතුරු ඇඟවූවේය. පැනමා ඇළේ කළමනාකරණය චීනය අතට පත්නොවිය යුතු බවද ඔහු පැවැසුවේය.

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම පැනමා ජනාධිපති ජොසේ රාඋල් මුලීනෝ ප්‍රතික්ෂේප කළ අතර පැනමා ඇළ භාවිත කරන නෞකාවලින් එලෙස අසාධාරණ ගාස්තුවක් අය නොකරන බවත් පැනමාවේ ස්වෛරීභාවය නැවත සාකච්ඡා කළ නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළේය. පැනමා ඇළ සහ එහි යාබද කලාපවල සෑම වර්ග මීටරයක්ම පැනමාවේ කොටසක් බවත් එය එලෙසම ඒ අකාරයෙන් පවතිනු ඇති බවත් පැනමා ජනාධිපති පැවැසුවේය.

පැනමා ඇළ යනු සමුද්‍ර වෙළඳාම කෘතීමව තැනු පැනමාවේ කිලෝමීටර් 82 ක ජල මාර්ගයක් වන අතර එය අත්ලාන්තික් සාගරය පැසිෆික් සාගරය සමඟ සම්බන්ධ කරයි.



අදහස් (0)

පැනමා ඇල සුදුසු විදියට කළමනාකරණය කරනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සියලු කොටස් දර්ශකය ඒකක 15,000 පසු කරයි
2024 දෙසැම්බර් මස 23 0 0

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,000 සීමාව අද (23) පෙරවරුවේ පසු කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.


ඥානසාර හිමිගේ වරෙන්තුව ආපසු කැඳවයි
2024 දෙසැම්බර් මස 23 3 0

ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනා ලැබ සිටින බොදු බල සේනා සංවිධානයේ නායක ගලබඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකර


අලුත් ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය මූලික මිනිස් අයිතියක් කරනවා
2024 දෙසැම්බර් මස 23 286 1

සෞඛ්‍ය සදහා ජනතාවට ප්‍රවේශ වීමට තිබෙන අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස නව ව්‍යවස්ථාව මගින් ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්


හිටපු ජනාධිපතිවරුන්ගේ හමුදා ආරක්ෂාව අද සිට ඉවතට
2024 දෙසැම්බර් මස 23 603 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටී ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අද (23) සිටි ඉවත් කිරීමට තීරණය කර ඇත


කොස්කදවල වෙඩි තැබීමක්
2024 දෙසැම්බර් මස 23 438 0

යක්කල, කොස්කදවල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් පුද්ගලයකුට අද (23) වෙඩි තබා පලාගොස් ඇති බව වීරගුල පොලිසිය පවසයි.


පදක්කම් 40 රැගෙන ලක්දරුවෝ දිවයිනට
2024 දෙසැම්බර් මස 23 93 1

තායිලන්තයේ පැවැති ආරාධිත කණිෂ්ඨ කෙටිදුර ඔරු පැදීමේ තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ඨ දස්කම් දක්වමින් කාන්තා ඉසව්වලින්


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 61 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 38 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 168 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site