IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා

(සුජිත් හේවාජුලිගේ )

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන  යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ  ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ  වන හේමා  ප්‍රේමදාස මහත්මිය නඩත්තු කිරීම සඳහා  වසර තුනකදී(2022-2024)  රුපියල් කෝටි 27 ක් පමණ වැය කර ඇතැයි මහ  බැංකු වාර්තාවල සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා   ලංකාදීපයට  පැවසීය.

මෙම පිරිස නඩත්තුවට පසුගිය 2022 වර්ෂයේ දී වැය කර ඇති මුදල රුපියල් කෝටි හතකි. 2023 වර්ෂයේදී එය  කෝටි අටකට  වැඩි මුදලක් දක්වාද මේ වසර වනවිට එය කෝටි 11කට වැඩි මුදලක්  දක්වාද වර්ධනය වී ඇතැයි හෙතෙම  සඳහන් කළේය.

මෙම හිටපු ජනාධිපතිවරුන්ට සහ හිටපු ජනාධිපති ආර්යාවට වෙන්කර ඇති මුදල්  ප්‍රමාණයේ  සියයට 45 ක පමණ වර්ධනයක්  පෙන්නුම්  කරන බවද  මහාචාර්යවරයා කීය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට මේ වසරේදී රුපියල් එක්කෝටි පනස් හය ලක්ෂ හැත්තෑ දහසක මුදලක් වෙන්කර ඇත. හිටපු  ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සීරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ  යන මහත්වරුන් වෙනුවෙන් දෙකෝටි අනූ එක් ලක්ෂ  හැත්තෑ දහසක මුදලක් බැගින් වෙන් කර ඇති බව පවසන මහාචාර්යවරයා හිටපු ජනාධිපති රණසිංහ  ප්‍රේමදාස මහතාගේ ආර්යාව වන හේමා ප්‍රේමදාස මහත්මියට මේ වසරේ රුපියල් හැට අට ලක්ෂ විසි දහසක   මුදලක්  වෙන්කර ඇතැයිද ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට වෙන්කරන ලද මුදලේ  සියයට 273ක වැඩිවීමක් පෙන්නුම් කරන බව පවසන අතුකෝරල මහතා  හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට වෙන්කර ඇති මුදලේ සියයට පනස් හතරක වැඩි වීමක්ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙන්කරන ලද මුදලේ  සියයට 329ක වර්ධනයක්ද පෙන්නුම් කරන බව සඳහන් කළේය.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ආර්යාව වන හේමා ප්‍රේමදාස මහත්මියට වෙන්කර ඇති මුදල් වල සියයට101  ක වර්ධනයක් පෙන්නුම් කරන බවද  ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර මේ වසරේ ජනපති ඇතුළු කාර්ය මණ්ඩලය වෙනුවෙන් අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 660කි

2022 වර්ෂයේ දී එම වියදම සටහන්ව  තිබුණේ කෝටි 273 ක් වශයෙනි. 2022 වර්ෂයේදී එම සංඛ්‍යාව කෝටි 660 ක් දක්වා වැඩි වී තිබිණ.

ජනාධිපතිවරුන්ට වෙන් කෙරෙන මුදලේද   සියයට  142 ක  වැඩිවීමක් පෙන්නුම් කරන බව ඔහු සඳහන් කළේය.



අදහස් (8)

පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා

දේසප්‍ර්‍ර්මියා Saturday, 28 September 2024 01:45 PM

හිටපු එකෙකුටවත් කිසිම පැන්ෂන් එකක් දීමට අවශ්‍ය නැහැ.බලයේ ඉන්න කාලේ හොන්දට හම්බ කරගත්තා. උන්ට බලයට එන්ඩ ඡන්දේ දීපු ජනතාව අද නොවිදිනා දුක් වින්දිනවා .

:       1       35

චටතුරි Saturday, 28 September 2024 01:55 PM

මොවුන්ට තියෙන නඩු ඉක්මනින් ඉවර කරලා අත් අඩන්ගුවට ගන්න. වලපයයි ගොඩ පයයි තියන් ඉන්නේ මොවුන්ට එහෙම කරන්න බැරිනම්. මී පාසානම් දුන්නානම් ඉවරයි. මොවුන් රට කරනකොට සැප කෑම කාලා ජනතාවට දුන්නේ වසවිස. කාලකන්නි හොර මිනීමරුවෝ. කෝටි ගණනින් මොවුන් මොනවා කෙරුවාටද නාකිමයිනා රටෙන්මුදල් දේපල සේරම හොරකම් කරලා නූගත් පුත්තුන්ට දුන්නා. පොඩි මයිනා ප්‍රසිද්ධියේ කියන්නේ තියෙන වත්කම් උගත් කමක් නැති මී හරකා මන්ත්‍රි වැටුපෙන් කොහොමත් මිලියන ගණනින් මුදල් රත්තරන් මැනික් ගන්නේ. මොවුන් සේරම හොරකම් කරලා මිනීමරපු නිසානේ රටින් පැන්නේ. පවුලේ අය. වහාම නතරකරලා. මොවුන්ට කඩේයන්න කවුරුත් නැහැ දැන්...

:       0       12

Chamil Abeynayake Saturday, 28 September 2024 02:05 PM

මොවුන්ට තව ටිකක් වැඩියෙන් ගෙවන්න තිබුණේ..!

:       2       4

Jagath Saturday, 28 September 2024 02:06 PM

අනවශ්‍ය වියදම් වහාම කපා හරින්න.

:       1       19

Prabha Saturday, 28 September 2024 02:44 PM

ඔය දිමනාව විශාම වැටුපට අමතරව නේද?

:       0       17

සෝමවංස (සුදු අය්යා) Saturday, 28 September 2024 02:47 PM

මහාචාර්යතුමෝ , තරුණයෝ 60,000ක් මරන්න දෙවතාවක් කැරැලි ගහපු, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුවත් නොවුණු විජේවීරගේ දරුවොයි, පවුලයි අවුරුදු 20 කට වඩා නඩත්තු කරන්න ශ්‍රී ලංකා රජය කොච්චර වියදම් කරාද කියලත් හොයලා බැලුවනම් හොඳයි !

:       25       14

චතුරිSaturday, 28 September 2024 03:54 PM

හලෝ නොදන්නා දේවල් කතා නොකර ඉන්න. මෙයා මොවුන්ට කඩේ යන්නේ කොන්ද පණනැති කමට. කවදාවත් විජේවීරගේ ආන්ඩුවෙන් ඉල්ලුවේ නැහැ. හිඟාකෑවත් ඉල්ලන්නේ නැහැ.. ඔය නඩේ තමයි දස වද දීලා මැරුවේ. අසරණ දරුවෝ ඉන්න නිසා ඒ පව මකා ගන්න. බොරු රඟපෑමක් කෙරුවේ. දරුවෝත් මරයි කියන බයට කට වහගෙන හිටියේ මොවුන් තිරිසන්නු හදන සක්කිලි. සක්කිලිත් හොඳයි. මේ වගේ අය ලේසියෙන් මැරෙන්නේ නැහැ. තවත් පව් පුරෝ ගන්නවා. රට කරන්න නෙමේ. දැන් මෝඩ පුතා එයාව දාලා බැලුවා. සරම පටලන්. රජ පුටුවේඉඳගන්න. මෙයාලා ඉඩි අමීන් වගේ... මිනී මස් විතරයි නොකෑවේ.

:       0       0

අපි බලා සිටින්නෙමු Saturday, 28 September 2024 03:31 PM

කරුණාකර ප්‍රතිචාර දැක්වීමේ ('ලයික්ස්'/'ඩිස්ලයික්ස්') යාන්ත්‍රණය නිවැරැදි කිරීමට පියවර ගන්න. අප්‍රසාදය පළ කළ විට ප්‍රසාද තුනක් ස්වයංක්‍රීයව එකතු වේ...!

:       16       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 179 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1063 4

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3761 8

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2893 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3372 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1480 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 760 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site