(අංජුල මහික වීරරත්න)
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර පෑලියගොඩ, කැලණි පාලම අසලදී අද ආරම්භ විය.
ජනාධිපති කාර්යාලයේ මගපෙන්වීම යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය මෙම ව්‍යාපෘතිය සමග එක්ව සිටියි.
ඒ අනුව පෑලියගොඩ නවලෝක වටරවුම සහ නව කැලණි පාලම අතර රජය සතු භූමියෙහි පැළ රෝපණය කරමින් එය ආකර්ශණීය නාගරික වන වගා භූමියක් ලෙස ස්ථාපනය කර තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ මෙම පැළ ආරක්ෂා කොට රැකබලා ගැනීමේ කැපකරුවන් ලෙස පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් සහ දහම් පාසල් සිසුන් වැනි විවිධ පාර්ශ්වයන් වෙත වගකීම් පැවරීමයි.
ඒ අනුව පෑලියගොඩ කැලණි පාලම අසළ රෝපණය කෙරුණු පැල ආරක්ෂා කොට රැකබලා ගැනීමේ වගකීම පෑලියගොඩ ධර්මවිජය දහම් පාසලේ සිසු දරු දැරියන් වෙත පැවරීමද මෙහිදී සිදු විය.
ගස පිළිබඳ සියලු තොරුතුරු එනම් ගස වැඩීමත් සමග එහි කාලීන තත්ත්වය සහ කැපකරුවන් පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කෙරෙන යෙදවුමක්ද (APP) හඳුන්වාදී තිබීම විශේෂත්වයකි.
මෙම උත්සවයේ පිළිගැනීමේ කථාව සිදු කළ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ මෙම වැඩසටහන හුදු වන වගා ව්‍යාපෘතියක් පමණක් නොව සමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික වශයෙන් රට තුළ නව ප්‍රබෝධයක් ඇති කිරීමට ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ අරමුණු සමඟ බැඳි ජනතාව තුළින් මතුවන, ජනතාවාදී ව්‍යාපාරයක් බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) කොන්දේසි ක්‍රියාත්මක වෙමින්තිබීම නිසා ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකි යැයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂ
ජාතික හා අන්තර්ජාතික සහයෝගය ද ලබා ගනිමින් පිළිකා රෝගය ව්‍යාප්තිය පාලනය හා වැලැක්වීමට රජය ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලි
කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත පිරිස් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
කිලිනොච්චිය මුලන්කාවිල් ප්‍රථමික පාසලක ඉගෙනුම ලබන සිසුන්ගේ මවුපියෝ පිරිසක් අද විරෝධතාවයක නිරත වූහ.
හිටපු රාජ්‍ය අමාත්‍ය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට නිවෙසින් කෑම ගෙන ඒමට අවසර දෙනව
පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් ලුහුබැඳ ගොස් මිනුවන්ගොඩ ප්‍රභාගම ප්‍රදේශයේ අත්අඩංගුවට ගනිද්දී එහි එක් සැකකරුවකු කලහාකාරි ලෙස හැසිරී පොලිස් න
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
පෑලියගොඩට වනාන්තරයක්
Pankumburage Sunday, 30 March 2025 06:11 PM
ඔය වැඩේට සුදුසුම තැන පෑලියගොඩ තමයි. ගස් ටික ලොකු උනාම නවලෝක ලී මෝලටම දෙන්න පුළුවන්.
MahSen Sunday, 30 March 2025 08:06 PM
High tension යට නොවෙයි නේ, ගස් හිටෙව්වේ.
SL Sunday, 30 March 2025 08:53 PM
ඔහොම යං. කොහොම හරි diesel වාහන වලට DPF filters දන්න ගත්තොත් කාලු දුමාරය නවත්වන්න පුළුවන්
Ranika Monday, 31 March 2025 01:40 AM
රිලව් ටික මේකට දාන්ඩ උනත් පුළුවන් නොවැ
ලංකාවේ අපි Monday, 31 March 2025 01:32 PM
මේකේ ගොං අදහස් දාලා තියෙනවා දැකලා ඇත්තටම පුදුමයි. මේ ලිං ගෙඹි එක්ක ඉදිරියට දියුණු සමාජයක් කොහොම ඇතිකරන්නද කියලා. තමන්ගේම දරුවෝ ගැන වත් වගේ වගක් නැති රටේ ඉදිරි සමාජය මේ අයුරින් හරි යහපතට බිදින් බිද හෝ ගැනීමට දරණ යහපත් උත්සාහයක් මේ. හැබැයි අර නයෙක් වතුර දෙබෑ කරං එනවා කීවොත් ලැබෙන ප්‍රසිද්ධිය මේවාට නෑ...