IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පිය පුතු ඝාතනයට දෙදෙනෙකු අත්අඩංගුවට

(බී.ජී. චතුරංග)

රාජාංගනය පොලිස් වසමේ යාය 17 පහළමාරගහවැව ප්‍රදේශයේ නිවසක සිටි පියකු සහ පුතෙකුගේ ගෙල කපා මනුෂ්‍ය  ඝාතනයක් සිදු කල සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව රාජාංගනය  පොලිසිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ යාය 17 පහළ මාරගහවැව පදිංචිව සිටි වයස අවුරුදු 27 සහ 23 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

තියුණු ආයුධ ලක්ව අමානුෂික  ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ  හිටි හාමිලාගේ ගාමිණී යසරත්න (56)  සහ ඔහුගේ පුතා වන හිටි හාමිගේ ගයාන් යසරත්න (26) නැමැති පුද්ගලයන් දෙදෙනෙකි. 

රාජාංගනය පහළ මාර ගහ වැව ඇඟලුම් කම්හල පිටුපස නිවසේ පදිංචි, කුමාර සහ ඔහුගේ පුතා මරා දමා ඇති බවට ඉකුත් 12 දා රාජාංගනය  පොලිසියට ලැබුණු පෞද්ගලික දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එම නිවසේ සාලය තුල පුද්ගලයන් දෙදෙනෙකු බරපතල කැපුම් තුවාල සහිතව වැටී සිටියදී  සොයා ගත් බව පොලිසිය කියයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ඝාතනය සිදුවූ නිවසට යාබව මීටර් 600ක පමණ දුරින්  පදිංචි ව සිටි පුද්ගලයන් බව පොලිසිය කියයි. 

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පුත්‍රයා සහ පියා විසින් මීට වසර තුනකට පමණ පෙර සැකකරුවන්ගේ පියාට පහරදී ඝාතනය කර ඇති බවත් එම ඝාතනයට පලි ගැනීමක් ලෙස සැකකරුවන් විසින් මෙම ඝාතනය  සිදු කර ඇති බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (1)

පිය පුතු ඝාතනයට දෙදෙනෙකු අත්අඩංගුවට

MD Wednesday, 16 April 2025 02:00 PM

නගරේ මනුස්සයා කොහොම හරි දවසේ ජීවිතය ගැට ගහගන්න කුලියට තැනක් ගෙන හෝ කුමන හෝ රැකියාවක නිරත වෙමින් යුතුකම් වගකීම් පුළුවන් ආකාරයෙන් සිදුකරගෙන ගියත් ගමේ ඵකාලාට ඉන්න තැනක් යමක් කමක් දෑතෙන් කරගන්න පුළුවන් කමත් තියෙද්දී තමන්ගේ කියලා දෙමාපියන් නෑදෑ හිතවතුන් අසල සිටියදීත් කරන්නේම දුෂ්ඨ, කුහක වැඩමයි. පව්..!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site