IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


පීඩාවට පත් ජනතාව ළඟටම ගිහින් සහන දෙන්න

(අංජුල මහික වීරරත්න)

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 

ඒ සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ , ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීම සදහා රාජ්‍ය නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවති සාකච්ඡාවේදීය.

විපතට පත් ජනතාව ආරක්ෂිත මධ්‍යස්ථාන වල රඳවා තබා ගෙන අවශ්‍ය ආහාර පාන සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය.
එම ජනතාවට සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය තරම් මුදල් වෙන් කරන ලෙස ජනාධිපතිවරයා  බලධාරීන්ට දැනුම් දුන්නේය.

අයහපත් කාලගුණය හේතුවෙන් අධි අවධානමක් සහිත උතුරු නැගෙනහිර පළාත් සඳහා වැඩි අවධානයක් යොමු කිරීමටද මෙහිදී සාකච්ඡා කෙරිණි.

උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ගේ  මානසික තත්ත්වය සහ අපහසුතා පිළිබඳ  සළකා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

දැනට  මසුන් ඇල්ලීම සඳහා මුහුදට ගොස් සිටින ධීවර ජනතාව පිළිබඳව සොයා බලා ඔවුන්ව සුරක්ෂිතව ගොඩ බිමට ගෙන ඒමට අවශ්‍ය පහසුකම් ලබා දීමට මෙහිදී අවධානය යොමු විය.

විපතට පත් ජනතාව වෙනුවෙන් ගුණාත්මක සේවා සපයමින්  එම ජනතාව සම්බන්ධයෙන් පසු විපරම් තොරතුරු ලබා ගැනීමට ද කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය, මහජන  ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල,  ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ,ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්  වයිෂ් එයාර් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්  රවී සෙනෙවිරත්න ,ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා,  ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ , කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. කේ කරුණානායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 



අදහස් (0)

පීඩාවට පත් ජනතාව ළඟටම ගිහින් සහන දෙන්න

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නැ‘හිර මුස්ලිම් පාසල් දින දෙකක් වහයි
2024 නොවැම්බර් මස 27 23 0

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .


ණය ප්‍රතිව්‍යුහගත මෙහෙයුම් ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්
2024 නොවැම්බර් මස 27 129 0

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර ඇතැයි ජනාධි


වව්නියාවේ වැව් 29ක් කැඩී යයි
2024 නොවැම්බර් මස 27 203 0

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අ‍ැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.


පොහොර සහනාධාරයේ පමාවක් ඇතැයි පිළිගන්නවා
2024 නොවැම්බර් මස 27 352 0

ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.


’’අමුල්’’ සහල් කිලෝ 17,925ක් විනාශ කරන්න නියෝග
2024 නොවැම්බර් මස 27 383 0

අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක


අ‘පුරේ ගමක් යටවේ
2024 නොවැම්බර් මස 27 1111 1

පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site