IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


පුංචි පුතා වෑකණ්ඩියේ දමා ගිහින්

මිහින්තලේ මහකනදරාව බෝගහයාය නාන තොටුපළක් අසළ අතරමංකර ගියැයි කියන වයස අවුරුදු තුන හමාරක පිරිමි දරුවකු තමන් බාරයට ගත් බව මිහින්තලේ පොලිසිය කියයි.

දරුවා හඬමින් සිටියදී එහි දියනෑමට ගිය යුවළකට ඔහු හමුවී ඇති අතර ඔහුගේ නම ආකාෂ් බව කියයි. දරුවාගේ මව නිලූකා බවත් පියා සම්පත් බවත් ඔහු පොලිසියට කියා ඇත.

තමා වව්නියාවේ සිට බසයකින් එහි පැමිණි බවද දරුවා සඳහන් කරයි.

child_20151117IMG_34 child_20151117IMG_329 child_20151117IMG_339

child_20151117IMG_3339

ඡායාරූප - අතුල බණ්ඩාර

 

 



අදහස් (0)

පුංචි පුතා වෑකණ්ඩියේ දමා ගිහින්

පියෙත් Wednesday, 18 November 2015 07:57 AM

දරුවා නීත්‍යානුකුලව දෙන්න. මගේ දරුවෙක් ලෙස මම හදා ගන්න කැමතියි. දෙනවා නම් ඕනැම පරික්ෂණයකට ඉදිරිපත් වෙනවා. දන්වන්න. (ස)

:       0       0

සුමේධ Tuesday, 17 November 2015 03:45 PM

මේ සිද්ධිය ගැන ප්‍රවෘත්තිය මතුපිටින් බලා අදහසක් ඉදිරිපත් කිරීම අසීරුයි. නමුත් සිතාමතා දරුවා දාලා ගියා නම් අහස පොළව නුහුලන අපරාධයක්. (නි)

:       0       0

ඩික්සන් Tuesday, 17 November 2015 03:49 PM

පවු අහිංසක දරුවා. (නි)

:       0       0

සජිව Wednesday, 18 November 2015 03:27 AM

පපුව පැලෙනවා මේවා දකිනකොට.... අපේ රටට මොනවා වෙලාද මන්ද...(ම)

:       0       0

නිමල් Wednesday, 18 November 2015 03:32 AM

දරුවන් දාල නොගියත් දරුවන්ට නිසි පෝෂණයක් නොදෙන එහෙම දෙන්න පුළුවන් කමක් නැති නිසා දුක් විදින දරුවෝ කොච්චර මේ රටේ ඉන්නවද? ආහාර පාන මිල සැලකිය යුතු ලෙස අඩු විය යුතුයි. වෙන විසදුමක් නැත. ආහාරවලින් බදු අය කරන ලෝකේ එකම රට ලංකාව වෙන්න ඇති. වෙන රටවල්වල ආදායමෙන් 10% යි කෑමට වියදම් වෙන්නේ. අපේ රටේ 100% ත් මදි. (ම)

:       0       0

චන්දික Wednesday, 18 November 2015 03:31 AM

පුතා ඔයාට තෙරුවන් සරණි..(ම)

:       0       0

හේමන්ත Wednesday, 18 November 2015 03:33 AM

කන බොන දේවල ගාන බැස්සුවේ නැත්තන් රටම පාරට බහින දවස වැඩි ඈතක නැහැ. එදාට ඔය දුවන්න පාරවල් නැති වෙයි. (ම)

:       0       0

තුසිත Wednesday, 18 November 2015 03:42 AM

මේ ළමයාගේ දෙමාපියන්ට කරදරයක් වුණාවද්ද? නැත්නම් උවමනාවෙන් දාලා ගියාද? දෙමවුපියෝ දෙන්නා ගැනත් සෙව්වා නම් නේද හොඳ? අහිංසක දරුවා රැකදෙන්න දෙවියනි (ම)

:       0       0

බුද්ධික Wednesday, 18 November 2015 03:57 AM

මගේ දෑසට කඳුළු ආවා පොලිසියේ මහතුන්ට මගේ ප්‍රණාමය (බ) 

:       0       0

රංග Wednesday, 18 November 2015 04:09 AM

කාලකන්නි දෙමව්පියෝ (බ)

:       0       0

කුලරත්න Tuesday, 17 November 2015 04:29 PM

ඔබ වාසනාවන්තයි පුතේ! (නි)

:       0       0

ජයරත්න Wednesday, 18 November 2015 04:14 AM

දෙමව්පියන්ට චෝදනා කිරීමට ඉක්මන් නොවී පලමුව ඔවුන් ගෑන සොයා බෑලිය යුතුය. ඉන් පසු දරුවාට යම් උපකාරයක් අවශ්‍ය නම් එය කළහැකි ආකාරයක් පිළිබඳවද දෑනුම් දුනහොත් බොහෝ ඉදිරිපත් වනු ඈත. (බ)

:       0       0

කුරුවිට Tuesday, 17 November 2015 04:25 PM

මේ දරුවාගේ අම්මා තාත්තා සොයා නොදෙන තරමට මම නම් කැමතියි (නි)

:       0       0

දමිත් Tuesday, 17 November 2015 04:43 PM

කවුද කැමති දරුවා අරගෙන හදන්න? මම උදවු කරන්න කැමතියි. මම විදේශයක ජීවත්වන පියෙක්. (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 17 November 2015 05:04 PM

පොලිසියට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

කමල් Tuesday, 17 November 2015 05:16 PM

මේ පුංචි දරුවාට දැන් කාගේ පිහිටක්ද? (නි)

:       0       0

සුනිල් ගිකියනගේ Tuesday, 17 November 2015 05:20 PM

දෙමාපියෝ දාලා ගියා නම් ඒත් කමක් නැහැ, කරදරයක් නොකර. කොහොම වුණත් හොයලා බලන එක හොඳයි (නි)

:       0       0

බුද්ධි Wednesday, 18 November 2015 04:40 AM

කරුණාකර මේ දරුවා ර‍ෑපවාහිනී නාලිකා මඟිනුත් පෙන්වන්න. දෙමාපියන් ගැන හෝඩුවාවක් ඉක්මනින් ලබාගන්න පුළුවන්. (නි)

:       0       0

ලංකාසිරි Tuesday, 17 November 2015 06:30 PM

දෙමවුපියන්ට කරදරයක්වත් වෙලාද දන්නේ නැහැ (නි)

:       0       0

සමන් Wednesday, 18 November 2015 04:41 AM

අරන් හදාගත් ළමයෙක් වෙන්න ඇති.දැන් එයාලට ළමයි ඉන්න නිසා දාලා යන්න ඇති. (ම)

:       0       0

පහන් Tuesday, 17 November 2015 08:23 PM

වාසනාවන් දරුවාට කරදරයක් නොවී හමුවුණ එක. මේ දවස් වල අනුරාධපුරේ ගංවතුර. පව් එක ෆොටෝ එකකට හිනාවෙනවා, අනෙක් ඒවායේ අඬනවා. තෙරුවන් සරණයි පුතේ !!! (නි)

:       0       0

අජිත් Wednesday, 18 November 2015 04:44 AM

ගොඩක් දෙමව්පියෝ වැඩිවෙන ජීවන වියදම කරපින්න ගෙන කොහොම හරි දරුවන් ජීවත් කරවනවා. එ්ත් ඒ බර උහුලගන්න බැරි දෙමව්පියෝ මේ වගේ දේවල් කරනවා. අඩුම තරමින් සමබර ආහාර වේලකට අවශ්‍ය ආහාරවලවත් මිල විශාල ලෙස අඩු විය යුතුයි. (බ)

:       0       0

විශ්ව Tuesday, 17 November 2015 08:31 PM

මේක දරුවාගේ ජීවිතයටම බලපානවා. ආපසු දෙන්න එපා ඔය අම්මටයි තාත්තටයි. හෙට වෙනකොට වැඩි විස්තර දැනගන්න ලැබේවි. අද මට නින්දක් නැහැ. සේයා දරුවා නැතිවුණ දවස් වලත් නින්ද නැහැ. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 17 November 2015 08:45 PM

අපේ පොලිසියේ කරුණාවන්තකම දැකලා මගේ දෑස් තෙත්වුණා. මොනතරම් හොඳ පොලිසියක්ද අපට තියෙන්නේ !! (නි)

:       0       0

අසෝක Tuesday, 17 November 2015 09:30 PM

දෙමවුපියෝ දෙන්නා ගැනත් සෙව්වා නම් නේද හොඳ? (නි)

:       0       0

කුමාර Tuesday, 17 November 2015 09:54 PM

මේ සියල්ලටම හේතුව රටේ ආර්ථිකය පහත වැටීම. මිනිසුන්ට ජීවත්වෙන්න අමාරුයි (නි)

:       0       0

සරසි Tuesday, 17 November 2015 09:59 PM

මට මේ ඡායාරූපය දැකලා කඳුළු ආවා. මේ ලෝකේ කීදෙනෙක් ළමයි නැතුව දුක්වෙනවාද? දෙවියන්ගෙන් පෙර පිනට ලැබුන දේ අතහැරිය උදවිය ගැන කියන්න වචන නැහැ (නි)

:       0       0

රංජිත් Wednesday, 18 November 2015 05:13 AM

අනේ කරුණ කරලා හැකිනම් මට මේ දරුවා දෙන්න, මගේ දරුවන් දෙන්නට තව හොඳ සහෝදරයෙක් වේවි , බුදු සරණයි (බ)

:       0       0

අනුර Wednesday, 18 November 2015 05:15 AM

"වෙන රටවල්වල ආදායමෙන් 10% යි කෑමට වියදම් වෙන්නේ. අපේ රටේ 100% ත් මදි."- නිමල් ඔයා හරියට හරි. රටේ ආදායමට සාපේක්ෂව ආහාර මිල විශාල ලෙස අඩු විය යුතුයි. නැත්තන් ළමයින්ට දෙමව්පියෝ කරන පව්කාර පාපතර වැඩ වල ඉවරයක් දකින්න ලැබෙන එකක් නැහැ. (ම)

:       0       0

හේමන්ති Wednesday, 18 November 2015 05:19 AM

මේ දරුවා ආරක්ෂිත ස්ථානයකට බාර දෙන්න. ළමා නිවාසයකට බාර දෙනවාට වඩා දරුවා හොදින් බලා ගත හැකි දෙමවිපිය යුවලකට උසාවිය මගින් බාර දෙන එක සුදුසුයි. අපේ රටේ ළමා නිවාසවල නඩත්තුව සහ තත්වය එතරම් යහපත් නැත.(ම)

:       0       0

නුවන් Wednesday, 18 November 2015 05:24 AM

දරුවන්ට විලි වහගන්න කොළ අතු හරි අන්දවන්න පුළුවන්. වහලයක් නැත්තන් මඩුවක හරි ජීවත් කරවන්න පුළුවන්. එත් දෙවියනේ බඩගිනි වෙනකොට කොළ පොතු කවන්නද? මේ දෙමව්පියන්ගේ පපුවේ නැගෙන ගින්දර ශීත කාමරවල ඉගෙන තීරණ ගන්න ලොකු මහතුරුන්ට පෙන්නේ නැහැ. අාහාර පාන මිල සැලකිය යුතු ලෙස අනිවාර්යයෙන්ම අඩු විය යුතුයි. (ම)

:       0       0

නිර්මල Tuesday, 17 November 2015 10:53 PM

රටේ පවතින දැඩි දරිද්‍රතාවයෙන් හැමෝම පීඩා විඳිනවා. බඩු මිල බාගෙට බාගයක්වත් ඉක්මනින් අඩු නොකළොත් මේ වගේ ප්‍රවෘත්ති රට පුරා සුලබ වේවි. (නි)

:       0       0

එර්නස්ට් එස්. ද සිල්වා Tuesday, 17 November 2015 10:53 PM

අද අපේ රටේ දරුවන් විශාල පිරිසන් මන්දපෝෂණයෙන් පෙළෙනවා. බහුතරයක් දෙමාපියන්ට දරුවන්ට නිසි පෝෂණයක් ලබාදීමට වත්කමක් නැහැ. රටක් දියුණු කිරීමට නම් ශරීර ශක්තියෙන් පිරිපුන් ජනතාවක් ඇතිකිරීම අංක එකේ අවශ්‍යතාවයයි. කිසිම දෙමාපියෙක් දරුවන් දාලායන්නේ කැමැත්තෙන් නෙමෙයි. දරාගන්න බැරි ජීවන වියදම නිසයි. (නි)

:       0       0

සරදම් Wednesday, 18 November 2015 10:33 AM

මේ වගේ හොද මිනිස්සුත් පොලිසියේ ඉන්නවා .(ම)

:       0       0

කුමාර Tuesday, 17 November 2015 01:20 PM

දරුවා දමල ගිය අයට උඩින් දඬුවම් දෙයි (අ)

:       0       0

අරුණි Tuesday, 17 November 2015 01:30 PM

අනේ පවු අහිංසක දරුවා! (නි)

:       0       0

දීප්ති Wednesday, 18 November 2015 06:02 AM

හරි වැරැද්ද හොයල බලන්න ඕන එක සැරේට දෙමව්පියන්ට ශාප නොකර අනතුරක් වුනාද දන්නේ නැහැනේ හරියටම දාල ගියානම් අපහු හොයල අම්මලට දීල වැඩක් නැහැ (බ)

:       0       0

පද්මිණී Wednesday, 18 November 2015 06:06 AM

අපුරුවට හැදුණු දරු පැටියෙක්. මේ දෙමාපියන්ට සිදුවුණු නස්පැත්තිය හොයමු. ඔවුන් දෙන්නා ගගක මුහුදක වැටුනද , නයෙක්පොලගෙක් කෑවද එහෙම නැත්නම් වසක් විසක් කැවිලා උන් පිස්සු වැටුනද මේරත්තරන් දරු පැටිය දාල ගියා කියල මට හිතන්න බැහැ. පොලිසියේ නිලදරුවනි ඔබලාගේ සෙනෙහස උතුරන හදවත් වෙනුවෙන් මගේ ප්‍රණාමය පුදමි (බ)

:       0       0

නිලන්ත Wednesday, 18 November 2015 01:07 AM

මොනතරම් අහිංසක දරුවෙක්ද? (නි)

:       0       0

මංජු Wednesday, 18 November 2015 01:04 AM

මේ දරුවා බලාගන්න පියෙක් වගේ ඉදිරිපත්වෙන්න මම කැමතියි (නි)

:       0       0

සොපි Wednesday, 18 November 2015 06:19 AM

හරිම සීදේවි කොලු පැටියෙක්නේ .....(ම)

:       0       0

දහම් Wednesday, 18 November 2015 01:38 AM

හිනාව දැකලා ඇස් වලට කඳුලුත් ආවා (නි)

:       0       0

චානක Wednesday, 18 November 2015 01:41 AM

මේ ළමයාගේ දෙමාපියන්ට කරදරයක් වුණාවද්ද? නැත්නම් උවමනාවෙන් දාලා ගියාද? (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 18 November 2015 01:45 AM

බුදුන් තුන්වරක් වැඩි සිරි ලංකාදීපය! මොකක්ද මේ ලංකාවට වුණ විනාශය? (නි)

:       0       0

ගමදාස Wednesday, 18 November 2015 06:25 AM

පව් අහිංසක දරුවෙක් මම දැක්කා කිහිප දෙනෙකුගේම අදහස දෙමව්පියන්ට කරදරයක්ද කියල මගේ අදහසත් එයමයි නාන්න ගිහින් අනතුරක් වත් වුණාද එත් ඉතින් මේ පැටිය ඕනෑකමින් අතරමන් කලානම් ලොකු වැරද්දක් (ම)

:       0       0

මාලික Tuesday, 17 November 2015 02:03 PM

අහිංසක පුංචි දරුවෙක් (නි)

:       0       0

සනුක Wednesday, 18 November 2015 02:17 AM

කරනවට කියනවා නෙමෙයි. මටත් නෝනයි ළමයිනුයි පාරේ දාලා දුවන්න හිතෙනවා කඩේට ගිහින් බඩුවල ගණන් අහනකොට. (නි)

:       0       0

චන්න බුවනක Tuesday, 17 November 2015 02:20 PM

අනේ එහෙමවත් කළ එක හොඳයි, ජීවිතයට අනතුරක් නොකර. (නි)

:       0       0

ඉනෝකා-එංගලන්තය Tuesday, 17 November 2015 02:21 PM

දරුවාගේ අහිංසක මුහුණත්, පොලිස් නිළදරුවන්ගේ දෑසේ වැගිරෙන කරුණාවත් බලා මගේ දෑසට කඳුලක් නැගුණි....! (නි)

:       0       0

නිහාල් Tuesday, 17 November 2015 02:27 PM

සිව්පාවන්ට නම් සමාන කරන්න එපා (බ)

:       0       0

කුමාවඩු Tuesday, 17 November 2015 02:35 PM

මේ මල් වගේ ලමයි අමතක වෙන දෙමුපියන් ඉන්නවනේ මේ රටේ .. මෙච්චර අපරාධ සිද්ධ වෙන කලේ ... (අ)

:       0       0

රුවන් Tuesday, 17 November 2015 02:38 PM

කරපු අයට හොඳක්නම් වෙන්න එපා (අ)

:       0       0

දිනේෂ් Tuesday, 17 November 2015 02:39 PM

ඒ දෙමවුපියන් දරුවාව දාලා ගියාද, නැත්නම් වැවේ නාන්න ගිහින් දෙමාපියන්ට කරදරයක් වුණාද කියලා හෙව්වොත් හොඳයි. (නි)

:       0       0

රත්න Tuesday, 17 November 2015 02:40 PM

දෙමාපියන්ගේ වැරදි නිසා මේ අහිංසක දරුවනුයි දුක්විඳින්නේ (නි)

:       0       0

ඉන්ද්‍රා Tuesday, 17 November 2015 02:48 PM

පුංචි පැටියෝ, අම්මා තාත්තා නුඹව දාලා ගියාට නුඹේ සිනහවෙන් පෙනෙනවා හොඳ අනාගතයක් හිමි බව (නි)

:       0       0

ජානකි Wednesday, 18 November 2015 02:48 AM

පුළුවන්තරම් ඉක්මනට බඩුමිල අඩුකර ජීවන වියදම අඩු කළයුතුයි. (නි)

:       0       0

නිශාන්ත Wednesday, 18 November 2015 03:04 AM

මුහුණ දැක්කහම ඇස් දෙකට කඳුළු එනවා (නි)

:       0       0

රවී Wednesday, 18 November 2015 03:08 AM

අහිංසක දරුවා රැකදෙන්න දෙවියනි (ම)

:       0       0

සම්පත් Wednesday, 18 November 2015 03:08 AM

දරුවාගේ දෙමාපියන්ට බර දෙන්න එපා එහෙම දෙනවනම්‍ දෙද්දි කොන්දෙසි මත බාර දෙන්න නැත්නම් බාර දෙන්න එපා (ම)

:       0       0

ටෙනිසන් Wednesday, 18 November 2015 03:15 AM

අනේ රටකට ගිය කලක්! රටේ මෑත ඉතිහාසය බලන්න. දරුවෝ සමඟ දුම්රියට පනිනවා, ගඟට මුහුදට වීසිකරනවා, උපන්ගමන් නැති කරනවා... කෙසේවුණත් දරුවාට කරදරයක් නොකොට අතහැරගිය දෙමාපියන්ට මම දොස්කියන්නේ නැහැ. (නි)

:       0       0

අජිත් Wednesday, 18 November 2015 07:38 AM

දරුවා නීත්‍යානුකුලව දෙනවා නමි මගේ දරුවෙක් ලෙස මම හදා ගන්න කැමතියි (ම)

:       0       0

සම්පත් - ඩබායි Tuesday, 17 November 2015 03:04 PM

මේ පුංචි මල් කකුල දල ගියේ මොන හිතකින්ද? චුටි පැටියෝ ඔයාගේ අම්මව පොලිසිය මාමල හොයල දේවි. (අ)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 November 2015 07:44 AM

ඕනෑකමින් දරුවාව අතරමන් කරලනම් ආපහු ඔය දරුවාව ඔය කාලකන්නි දෙමාපියන්ගේ භාරයට දෙන්න එපා. එහෙම වුණොත් ආපහු දරුවාගේ ජිවිතයට හානියක් සිදුවෙයි.(ම)

:       0       0

අකිල Wednesday, 18 November 2015 03:21 AM

කැබිනට් එකක් දාගෙන එකේ වියදම් පියවන්න කෑම ගණන් කරනවා. මිනිස්සු පිස්සු හැදිලා උමතුවෙන් කටයුතු කරනවා. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය
2024 සැප්තැම්බර් මස 16 1326 0

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


පන්නල පොලිසියට පාප්ප ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 16 378 0

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ


ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා
2024 සැප්තැම්බර් මස 16 673 0

අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය


ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 902 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 224 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 738 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2132 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 986 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site