(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නිල වාහන බල ඇණියට අයත් යැයි විශ්වාස කෙරෙන ඕරස් සෙනට් මාදිලියේ ලිමොසීන් රථයක් මොස්කව්හි රුසියානු එෆ්.එස්.බී බුද්ධි සේවා මුලස්ථානය ආසන්නයේ නවතා තිබියදී ඊයේ (29) පුපුරා ගොස් ගිනිගෙන ඇතැයි "ද සන්" පුවත්පත වාර්තා කළේය.
ලිමොසීන් රථයේ එන්ජිමෙන් ගින්න ආරම්භ වී ඇතුළත දක්වා පැතිර ඇතැයි එම පුවත්පත සඳහන් කළේය.
මෙය රුසියානු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ගත් උත්සාහයක්දැයි විදෙස් මාධ්‍ය ප්‍රශ්න කර ඇත.
කෙසේ වෙතත් රථය පුපුරා යන අවස්ථාවේ එම රථය භාවිත කර ඇත්තේ කවුරුන්දැයි තොරතුරු හෙළිකර නොමැත.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුර හේතුවෙන් කිසිවෙකුටත් ජීවිත හානියක් සිදුව නොමැති බවද පැවැසුවේය. රථය ගිනිගැනීමත් සමග ඒ අසල ආපනශාලාවල සහ වෙළෙඳසැල්වල සිටි සේවකයන් එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීමට උත්සාහ කර ඇති බවත් හදිසි සේවා එම ස්ථානයට පැමිණ එම තත්වය පාලනය කර ඇත.
ඕරස් සෙනට් ලිමොසීන් රථය රුසියාවේ නිෂ්පාදනය කරන මෝටර් රථයක් වන අතර එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 3,55,796 කි. ජනාධිපති පුටින් මෙම මාදිලියේ රථයක් උතුරු කොරියානු නායකයාටද තෑගි කර ඇත.
මෙම සිදුවීමත් සමග රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිසැකවම සිය ආරක්ෂාව තවත් දැඩි කරගනු ඇතැයි "ද සන්" පුවත්පත සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අ
සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.
කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ
භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි
හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
පුටින්ගේ රථය පුපුරවලා?
වින්සන්ට් කජ්ජා Sunday, 30 March 2025 04:16 PM
රුසියාවට හා ලෝකයට අගනා අවස්ථාවක් අහිමිවුනාවත්ද?
Nandalal de Silva - France Sunday, 30 March 2025 05:33 PM
ඔය පිපිරීම අනිවාර්යයෙන්ම කරන්න ඇත්තේ යූක්රෙන බුද්ධි අංශ විසින් කියා, ක්‍රෙම්ලින් වල පූටින් ගෙ සට්ටැඹි රංචු ලොව පුරා පතුරුවා හරිමින් සිටිනවා... ගරා වැටෙමින් පවතින පූටින් ගෙ ජනප්‍රියත්වය ඉහල නැංවීම සදහා රුසියාවේ KGB රහස් ඔත්තු සේවාවේ ක්‍රියාවක් බව බටහිර බුද්ධි අංශ පවසයි... පව්... අනේ... පව්. පූටින් එවෙලේ එම රථයේ නොසිටි ඒක !!!