ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’ යැයි රුසියන් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
රුසියන් ජනාධිපතිවරයා ට්‍රම්ප් වර්ණනා කර ඇත්තේ රුසියාවේ සෝචි නුවර උත්සවයක් අතරතුරේය. ‘ට්‍රම්ප් ධවල මන්දිරයට ආ පළමු ධුර කාලයේදී හැමෝම ඔහුට වටකර ගනිමින් පහර දුන්නා. ඔහු සැලුණේ නැහැ. යළි ජනාධිපති වෙන්න ඔහු උත්සාහ ගනිද්දී ඔහුට කෙණෙහිලිකම් කළා ඒත් ඔහු සැලුණේ නැහැ. ඝාතනය කිරීමට උත්සහ ගත්තා. ඒත් ඔහු පරාජය බියට පත්වුණේ නැහැ’ යැයි පුටින් පවසා ඇත.
තමන් ජනාධිපති වුවහොත්, දිනක් ඇතුළත රුසියන් යුක්රේන යුද්ධයට පැහැදිලි විසඳුමක් ලබා දී, එය සමතයකට පත් කරන බවට ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රතිඥා දී ඇත. මේ ගැන අදහස් දක්වමින් පුටින් පවසා ඇත්තේ ට්‍රම්ප් යෝජනා කරන්නේ කුමක්දැයි අසා දැන ගැනීමට තමන් උනන්දුවෙන් පසුවන බවය.
(ඒ.එෆ්.පී.)
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මත්ද්‍රව්‍ය සැකකරුවෙකු නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා පසන
මෙරට ප්‍රමුඛතම ව්‍යපාරික සඟරාවක් වන ’’එල්.එම්.ඩී’’ සඟරාව 2024 වසර සඳහා ’’ වසරේ ශ්‍රී ලාංකිකයා’’ ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ
මොරටුව වෛද්‍ය සිසුන්ට අවශ්‍යය සායනික පුහුණුව ලබා දීම සඳහා කලුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළ මහාචාර්ය ඒකයක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ති
දේශපාලඥයෙක් මෙන්ම දේශපාලන විචාරකයෙකු වූ ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා අද (2) අභාවප්‍රාප්ත විය.
පිටකොටුව පීපල්ස් පාක් වෙළඳ සංකීර්ණය ආපනශාලාවකින් ඇනවුම් කළ පැණි බීම බෝතලයක් වෙනුවට පිරිසිදු කාරක අඩංගු බෝතලයක් ලබාදීමෙන් අනතුරුව එය පානය කල තරුණියක
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි