ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත මෙරට ප්‍රමුඛ මහජන සම්බන්ධතා ආයතනයක් වන Mark and Comm හි කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් මහතා විසින් පිළිගන්වනු ලැබීය.
මෙම ත්‍රෛභාෂා වාර්තාව මගින් මාධ්‍ය වෘත්තිකයන්ගේ දර්ශනය සහ ඔවුන් උත්සුක වන කරුණු පිළිබිඹු කරන අතර වඩාත් ශක්තිමත් සහ ප්‍රගතිශීලී ක්ෂේත්‍රයක් පෝෂණය කිරීමේ අවස්ථා ඉස්මතු කරයි.
මෙම පිළිගැන්වීමේ අවස්ථාවේදී වාර්තාවේ ඇතුළත් කරුණු පිළිබඳව අදහස් හවුමාරු කරගැනීමක්ද සිදු කෙරිණ.
Mark and Comm විසින් පිළිගන්වන ලද වාර්තාවේ ඉස්මතු කරන ලද මූලික ප්‍රමුඛතාවක් වන්නේ මාධ්‍ය ආයතන තුළ වැඩි මූල්‍ය ස්ථාවරත්වයක් පවත්වාගෙන යෑමය.
එසේම සාධාරණ වැටුප්, නියමිත වෙලාවට සිදුකරන ගෙවීම් සහ තිරසර ආදායම් ආකෘති සහතික කිරීම මඟින් වඩාත් සුරක්ෂිත සහ උනන්දු ශ්‍රම බලකායක් නිර්මාණයට දායක වනු ඇත.
මීට අමතරව, ව්‍යුහගත වෘත්තීය වර්ධනයේ සහ ප්‍රවර්ධන අවස්ථාවල වැදගත්කම වාර්තාව අවධාරණය කරයි,
මාධ්‍යවේදීන්ට ප්‍රමාණවත් උපදේශනයකින් සහ කුසලතා සංවර්ධනයකින් තම වෘත්තියේ ඉදිරියට යාමට ඇති අවස්ථාව පිළිබඳවද සාකච්ඡා කොට තිබේ.
ආචාරධාර්මික ප්‍රමිති ශක්තිමත් කරමින් මාධ්‍ය නිදහස තහවුරුකරන ශක්තිමත් ක්ෂේත්‍ර රෙගුලාසිවල අවශ්‍යතාව මෙම වාර්තාව මගින් අවධානයට යොමු කර තිබේ.
කරුණු පරීක්ෂා කිරීම, වැරදි තොරතුරු වැළැක්වීම සහ විනිවිදභාවයෙන් යුතුව වාර්තා කිරීම පිළිබඳ පැහැදිලි මාර්ගෝපදේශ ලබාදීම තුළ මෙරට පුවත්පත් කලාව කෙරෙහි මහජන විශ්වාසය ඉහළ නැංවීමටද මෙහිදී අවධානයට යොමු කර තිබේ.
ආචාරධාර්මික මාධ්‍යවේදය සහ වගකීම් සහගත වාර්තාකරණය,විශ්වසනීය මාධ්‍ය පරිසරයක් හැඩගැස්වීම, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ මානසික සුවතාව, මාධ්‍ය වෘත්තිකයන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා මානසික සෞඛ්‍ය, ආතති කළමනාකරණ මූලාරම්භ සහ සමබර වැඩ පරිසරයන් සැපයීමේ වැදගත්කම, වර්ධනය වන මාධ්‍යවේදීන් ප්‍රමාණය, ඩිජිටල් සහ බහුමාධ්‍ය මාධ්‍යවේදය, ගවේෂණාත්මක වාර්තාකරණය, මාධ්‍ය ආචාර ධර්ම සහ අර්බුද ආවරණය පිළිබඳ පුහුණුව සහ අවස්ථා ඉහළ නැංවීම කෙරෙහිද මෙමගින් අවධානය යොමු කොට තිබේ.
පුවත්පත් කලාව පිළිබඳ මහජන අවබෝධය බොහෝ දුරට ධනාත්මකව පවතින බවත් මෙම වාර්තාව මගින් Mark and Comm ආයතනය වැඩිදුරටත් දක්වා තිබේ.
අපරාධ කල්ලි එකවර ක්‍රියාත්මක වීම තුළ යම් කුමන්ත්‍රණයක් තිබේයැයි හඳුනාගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.
ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී එම වැය ශීර්ෂය වැඩි ඡන්ද 78කින් පාර්ලිමේන්තුවේදී අද (28) පස්වරුවේ සම්මත විය.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හයදෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍ර
වාහන පර්මිට් ඉවත් කළා වගේ පාර්ලිමේන්තුවේ බොරු කියන්න තියෙන වරප්‍රසාදයත් ඉවත් කරමු යැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැ
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පෙබරවාරි මාසයේ උද්ධමනය තවදුරටත් පහත ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (28) නිවේදනය කළේය.
ඉන්ධන හල් හිමිකරුවන් අද (28) රාත්‍රී සිට වර්ජනයක් ආරම්භ කරන බවත් සියලුම ඉන්ධන ඇනවුම් අවලංගු කරන බවත් ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් පැවස
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
පුවත්පත් කර්මාන්තය නැංවීමේ යෝජනා මාලාවක් අමාත්‍යවරයාට