IMG-LOGO

2025 ජනවාරි මස 06 වන සඳුදා


පුස්තකාලයෙන් රැගෙන ගිය පොත දශක 3 කට පසු ආපසු

දශක 30 කට පමණ පෙර, එක්සත් රාජධානියේ ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය ළමා කතා පොතක්, පසුගිය නත්තල් දා යළි පුස්තකාලයට ලැබී ඇත.

පොත යළි ලැබී ඇත්තේ තැපෑලෙනි. එය කවුරුන් විසින් එවනු ලැබූවක්දැයි සඳහන් වී නැත. පුස්තකාල බලධාරීන් පොත පරීක්ෂා කරද්දී එය වසර 31 කට පෙර, ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය එකක් බව තහවුරු විය.

පොත සම්බන්ධයෙන් පුස්තකාල බලධාරීන් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙසේ සටහනක් පළ කර ඇත. ඒ පොතේ ඡායාරූපයක් මෙන්ම පුස්තකාලයේ රම පොතට අදාල කාඩ්පත ද ප්‍රසිද්ධියට පත් කරමිණි.

'අපේ පුස්තකාලයෙන් රැගෙන ගිය පොතක් ආපසු ලැබුණා. පොත රැගෙන ගියේ කවුරුන්දැයි හෝ එය අපට ආපසු ලැබෙන්න සැලැස්සුවේ කවුරුන්දැයි දන්නේ නැහැ. කියන්න කැමතියි නියමිත දිනයට වඩා වසර 31 කට පසුවයි පොත ආපසු ලැබුණේ.' යැයි එම ෆේස්බුක් සටහනේ දැක්වෙයි.

පුස්තකාලයේ කාඩ්පතට අනුව, 'තෝමස් ඒබීසී' නමැති මෙම ළමා කතා පොත රැගෙන ගොස් ඇති බවට සටහන් වන්නේ, 1993 මාර්තු 25 වැනිදාය. නත්තල් දා පොත ලැබුණු බැවින්, එය නත්තලේ සිදුවුණු 'ප්‍රාතිහාර්යයක්' ලෙස තමන් සලකන බව පුස්තකාල බලධාරීහු වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

 (යූ.පී.අයි.)



අදහස් (1)

පුස්තකාලයෙන් රැගෙන ගිය පොත දශක 3 කට පසු ආපසු

Bunny Preena Monday, 06 January 2025 11:26 AM

පොතක් සාමාන්‍යෙයන් බේරෙට ගෙනියනකොට පොතක නම, ගම සහ ලිපිනය සඳහන් කරගන්නවා නේද? එහෙම එකක් වෙලා නැතිවා වත්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පළමුවෙන්ම පොරොන්දු වූ පරිදි වංචා - දූෂණ ‘ක්ලීන්’ කරන්න
2025 ජනවාරි මස 06 56 0

ආණ්ඩුව රට ‘ක්ලීන්’ කරනවා නම් පළමුවෙන්ම ප්‍රධාන පොරොන්දුවක් වූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ ගැටලුව ‘ක්ලීන්’ කළ යුතු බවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත


අංශු මාරසිංහගේ වීඩියෝ පටයක් ප්‍රචාරය කිරීම වලකා වරණයක්
2025 ජනවාරි මස 06 101 0

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අංශුබෝධ මාරසිංහ මහතාගෙන් කප්පම් ඉල්ලීමකට අදාල අපහාසාත්මක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ(මුහ


’’පිනකල් ශ්‍රී ලංකා 2024’’ සම්මාන උලළේදී ලංකාදීපයට සම්මාන 7ක්
2025 ජනවාරි මස 06 30 0

ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ’’පිනකල් ශ්‍රී ලංකා 2024’’ සම්මාන උළලේ දී ලංකාදීප පුවත්පතට සම්මාන හතක් පිරිනැමිණ.


මධ්‍යම තැන්පතු ක්‍රමයෙන් ක්ෂණික දුරකථන අංකයක්
2025 ජනවාරි මස 06 130 0

කොළඹ කොටස් හුවමාරුවට අනුබද්ධිත මධ්‍යම තැන්පතු ක්‍රමය, ආයෝජකයන් සහ සාංගමික ගනුදෙනුකරුවන් ඇතුළු එම ආයතනය සමඟ සම්බන්ධ වන ජනතාවගේ පහසුව සඳහා 011 2356 444 යන ක්ෂ


මහජන අපේක්ෂා බිඳ දාන්න ඉඩ දෙන්නෙ නෑ
2025 ජනවාරි මස 06 340 2

අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නීතිපතිවරයා ඇතුළු නීත


රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්
2025 ජනවාරි මස 06 255 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ආර්. රණවක මහතා පත් කරනු ලැබ ඇත.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 447 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 227 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 213 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site