IMG-LOGO

2024 ජුලි මස 02 වන අඟහරුවාදා


පෙට්‍රල් - සුපිරි ඩීසල් මිල බස්සයි

(යොහාන් භාසුර)

පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) අද රාත්‍රී නිවේදනය කළේය.

මෙම මිල පහත දැමීම අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව ද එම සංස්ථාව කීය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 41 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් ද, පහළ දැමූ බවත් ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් මිල පැවති මිලේම තව දුරටත් පවතින බවත් ඛනිජ තෙල් සංස්ථාව කීය. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 344 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 379 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් රුපියල් 355 ක් බව ද එම සංස්ථාව සඳහන් කළේය.

ලංකා දුසු ඩීසල් ලීටරයක මිල රුපියල් 317 ක් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 202 ක් ලෙස තව දුරටත් පවතින බව ඛනංජ තෙල් සංස්ථාව වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (7)

පෙට්‍රල් - සුපිරි ඩීසල් මිල බස්සයි

Achi Sunday, 30 June 2024 10:30 PM

මැතිවරණ ගිල්මාට් මැතිවරණයෙන් පසු ජනතාවට තවත් බදු ගසා දඩ ගසා අත්‍යාවශ්‍ය මිල අහස උසට නගිනු ඇත.

:       1       2

Dharshi Sunday, 30 June 2024 10:39 PM

මාළු සඳහා මසුන් ඇල්ලීම සූදානම් ගිල දැමීමට පෙර දෙවරක් සිතන්න

:       1       0

SL Sunday, 30 June 2024 11:12 PM

මේ මාසෙකට ,සතියකට සැරයක් කරන ,ගොබ්බ මිල අඩු වැඩි කිරීම් වලින් වෙන එකම දේ මුදලාලිලා ට ලාභයක් යන එක විතරයි. බස් ගාස්තු , පාසල් බස් ගාස්තු ,වැඩි වුණ ඒවා එහෙමම තියෙනවා, බඩු වල මිලත් එහෙමමයි.ආයේ තව මාසෙකින් ඩීසල් ඔය මිලටම වැඩි කලොත් , සතයක් අඩු නොකරපු, බස් ගාස්තු, පාසල් ගාස්තු , බඩු මිල වැඩි වෙනවා.

:       0       1

පිටරටවැසියා Monday, 01 July 2024 02:42 AM

මේක පුදුම මිල සුත්‍රයක්...ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් ගන්නෙ එකම බොරතෙල් එකෙන් නෙමෙයිද ???

:       1       2

ගැමිය Monday, 01 July 2024 04:31 AM

මේ බැස්සීම හරියට අර අමරකීර්ති මහත්තය කිව්ව වගේ අගල් 8ක කිනිස්සක් බස්සල අගල් 1/2 උඩට ඇදල කිනිස්සෙන් ඇනුම් කාපු එකාගෙන් අහනව දැන් සැපද කියල වගේ වැඩක්

:       0       8

sachith Monday, 01 July 2024 07:37 AM

ඡන්දෙට කලින් සතියක් වෙනකොට තෙල් මිල 100-200 අතර ඉස්සර තිබ්බ ගාණට ආවොත් හොඳයි

:       0       11

Perera Monday, 01 July 2024 09:57 AM

ඡන්දෙන් මෙයා දිනුවාට පස්සේ ඕවායේ පොලියත් එක්ක වැඩි වෙන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්න පොම්ප ගාවට වෙලා.

:       1       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ණය තිරසර බව ස්ථිරයි
2024 ජුලි මස 02 8 0

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවස


උඩරට පාරේ මාස 6ට කෝච්චි 11ක් පීලි පැනලා
2024 ජුලි මස 02 21 0

2024 වසරේ ගෙවීගිය මාස හයක කාලය තුළ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පිලී පැනීම් 11 ක් පමණ සිදුව ඇති බවත්ල පසුගිය ජුනි මස පමණක් හතරවතාවක් දුම්රිය පීලි පැනීමට ල


රට හරි පාරේ යන විට ඇඟේ ඉත්තෑවො දුවන්නේ ඇයි?
2024 ජුලි මස 02 98 0

ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියකින් ඉදිරියට යන විට විවේචකයන් බලය වෙනුවෙන් දිනෙන් දින විවිධ අභූත කථා නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමස


පුනර්ජනනීය බල ශක්තිය මිල දී ගැනීමේ ගාස්තු සංශෝධනයට
2024 ජුලි මස 02 132 0

සම්මත විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම යටතේ පුනර්ජනනීය බල ශක්තිය මිල දී ගැනීමේ ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2024 ජුලි මස 02 91 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් මෙම මස තුළ නොවන බව ලාෆ් ගෑස් සමාගම අද (2) පස්වරුවේ පැවසීය.


පැතිබැම්මක් කඩා වැටි අයෙක් මරුට
2024 ජුලි මස 02 236 0

මීරිගම දංඕවිට පාරේ නිවසක ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටියදී ඒ අසල තිබූ පැතිබැම්මක් කඩා වැටීමෙන් යටවූ පුද්ගලයකු මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 510 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1555 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3383 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site