(බී.ජි. චතුරංග)
අනුරාධපුර නව නගරයේ කුම්බිච්චංකුලම වැව අසල පිහිටි ළමා උද්‍යානයේ ඉදිරිපිටදී අද (30) දහවල් තම පෙම්වතියට තියුණු ආයුධකින් ඇන බර පතල තුවාල සිදු කල පුද්ගලයෙකු, උල් පිහියක් සහ වස බෝතලයක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අනුරාධපුර නගරයේ මූල්‍ය ආයතනයක සේවය කරමින් සිටි, එප්පාවල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇත්තේ, එප්පාවල ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණියකි.
මෙම සිද්ධිය දුටු පිරිසක් වහා ක්‍රියාත්මක වී පහර දීම සිදු කරමින් සිටි පෙම්වතා බව කියන පුද්ගලයා අල්ලා ගෙන පොලිසියට බාර දී ඇති අතර, පිහි ඇනුමට ලක්ව බර පතල තුවාල ලැබූ කාන්තාව, අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.
පිහි අනුම සිදු කල පිරිමි පුද්ගලයා සහ තුවාල ලැබූ තරුණිය වසර 9කට ආසන්න කාලයක්, පෙම්වතුන් ලෙස සිට ඇති අතර දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන්, මෙම පහර දීම සිදු කරන්නට ඇති බවට සැක කරන බව පොලිසිය කියයි.
එම දෙදෙනා අද (30) දහවල් හමු වූ අවස්ථාවේදී පෙම්වතා බව කියන පුද්ගලයාගේ හැසිරීමේ වෙනසක් දුටු පෙම්වතිය, ඔහුගෙන් මිදී දිව ගොස් ඇති අතර, මීටර් පන්සියයක් පමණ දුරක් පමණ ඇය පිටුපසින් ලුහුබැඳ පැමිණි සැකකරු, ඇයට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කර ඇති බව පොලිසිය කියයි.
පහර කෑමට ලක් වූ තරුණියගේ අත් දෙකට, පිට ප්‍රදේශයට, යටිබඩ ප්‍රදේශයට බරපතල තුවාල සිදුව, ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11 වන වාට්ටුවට ඇතුලත් කිරීමෙන් අනතුරුව, ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතව තිබූ බව පොලිසිය සඳහන් කළේය.
පානදුර ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි කඩ කාමර පහක් එකවර කඩා වැටීමෙන් දන්ත වෛද්‍ය වරියක ඇතුළු තිදෙනෙකු දිවි බේරාගෙන ඇතැයි පානදු
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය ක්‍රියාත්මක වුවද අද (30) රාත්‍රී ධාවනය වීමට නියමිත සියලු රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි ක
ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගෙන් ලබා ගන්නා අම්බර කිලෝ 17 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇතැ
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද සවස සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක නිරතව සිටිති.
මිද්දෙණිය පොලිස් වසමේ වැලිපිටිය ප්‍රදේශයේදී 1996 වසරේ ජූලි මස 26 වැනි දින තියුණු ආයුධයකින් පහර දී තම බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවෙකු වූ අයෙකුට තංගල
2024 වසරේ උසස් පෙළ විභාගය කිසිවිටක කල් නොදමන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අද (30) හම්බන්තොට දි පැවැති උත්සවයකදි ප්‍රකාශ කලාය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතිය රෝහලට
Pradeep Kumara Wednesday, 30 October 2024 04:24 PM
මොකක්ද මේ තරුණ පරපුරට වෙලා තියෙන්නේ? එක ප්‍රවෘත්තියකින් කියනවා පෙම්වතා පෙම්වතියව බස් එකෙන් බිමට තල්ලු කරලා කියලා, තව එකක කියනවා පෙම්වතා පෙම්වතියව මුහුදට තල්ලු කරලා කියලා. දැන් පිහියකින් ඇනලා. විශේෂයෙන්ම තමන් ආදරය කළ කෙනෙකුට කොහොමද මෙහෙම කරන්නේ? පෙන්වලා තියෙන්නේ බොරු ආදරයක්ද? ඒත් දෙයියනේ තව කෙනෙකුට මේ වගේ දෙයක් කරන්න තරම් තිරිසන් තත්වයකට පත් වෙන්නේ කොහොමද?