IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ

(අංජුල මහික වීරරත්න)

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී සඳහන් කර තිබේ.

පොදු ජන පෙරමුණේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් තමාට සහාය දීම සඳහා පැමිණියාට ඔවුන් සමග ජනතාව පැමිණ නැතැයි පෙනී යන්නේ යැයි පවසා ඇති හිටපු ජනාධිපතිවරයා පොහොට්ටුවේ බහුතර පිරිස අනුර දිසානායක වෙනුවෙන් ඡන්දය පාවිච්චි කර තිබෙන බව සඳහන් කළේය.

ඊළඟට කළ යුතුව ඇත්තේ මහ මැතිවරණයට සූදානම් වීම බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කර තිබේ.

එහිදී එක්සත් ජාතික පක්ෂ නිලධාරීන් මෙන්ම පාක්ෂිකයන් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් ඉදිරිපත් වීම සුදුසු බවයි.ජනාධිපතිවරයාද එම අදහස අනුමත කර ඇත.

මහ මැතිවරණය සඳහා සෑම දිස්ත්‍රික්කයකින්ම අලුත් මුහුණු හතරක්වත් ඉදිරිපත් කළ යුතුව තිබෙන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කර තිබේ.

 



අදහස් (14)

පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ

යෝගා Tuesday, 24 September 2024 07:32 AM

පොහොට්ටුවේ බහුතර ඡන්ද වමටයි බර. ඒවා දකුණට වැටෙන්නේ නෑ.

:       0       39

Kazi Shajahan Tuesday, 24 September 2024 07:37 AM

අපි ඒක දන්නවා මුල ඉඳලම .පොහොට්ටුවෙන් ආපු කට්ටිය ඔබතුමාව රැවටුවා.වෝට් තියනවා කියලා ඔබතුමාගෙන් බාර් ලයිසන් සහ තවත් දේවල් ගත්තා . දැන් කෝ ප්‍රසන්නලා ,රෝහිත කටවල් විතරයි. ඔබතුමාට වැඩක් කරලා නැහැ ,දැන් වත් ඒක තේරුම් අරගෙන වැඩ කරන්න

:       1       40

බකල ජයා Tuesday, 24 September 2024 07:54 AM

අලුත් මුහුණු? අලුත් බෝතල්වල ප්‍රමිතියෙන් බාල බීම. ඕව බිව්වොත් බඩේ අමාරු හැදෙයිනෙ, හිටපු ජනාධිපතිතුමණි!

:       5       32

Asela Tuesday, 24 September 2024 08:04 AM

රටේ වෙලාවට මෙයාට ජනාදිපති චන්දෙන් දිනන්න පුළුවන් කියල අවසාන වෙනකම් විශ්වාසය තියන් හිටියා ,නැත්නම් දන්නා තියන ඔක්කොම ජිල් මාර්ට් දාල චන්දෙ නවත්තනවා

:       10       22

Vinivida Tuesday, 24 September 2024 08:06 AM

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් රනිල් ජනදිපතිතුමාට ඡන්දය ලබාදී නැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ පුත් නාමල්ට පවා චන්දය ලබාදී නොමැත. මෙයින් පෙනෙන්නට තිබෙනුයේ වර්තමානයේ චන්දදයකයන් පක්ෂවටා නොව පුද්ගලයන් සහ ඔවුන්ගේ පොරොන්දු මත චන්දය ලබාදීමට කටයුතු කරනා බවකි. කෙසේ වෙතත් ලංකාවේ දේශපාලනයේ දේශපාලකයන් සිටියද, අනාගතයේ රාජ්‍ය නායකයන් වසයෙන් හදුන්වා දීමට හෝ පිළිගැනීමට තරම් කෙනෙකු රනිල් ජනදිපතිතුමා දේශපාලනයෙන් ඉවත් වු පසු කිසිදු දේශපාලන පක්ෂයක සිටීද ? ලංකාවේ දේශපාලකයන්ගෙන් පිරි තිබුනද බුද්දිමත් ඉවසීම සහ දුරදක්නා නායකයන් නොමැත. මෙය පක්ෂ දේශපාලනයෙන් තොරව සිතා බැලිය යුතු කාරණයකි

:       9       23

ලුම්බිණි Tuesday, 24 September 2024 08:28 AM

නරකද දැන් පොඩ්ඩක් පැත්තකට උනා නම් .

:       19       28

Asank Tuesday, 24 September 2024 08:35 AM

අඩෝ සීයේ විශ්‍රාම යන්න කාලේ හරි අවුරුදු 45 ඉදලා කරපු දේවල් අපි දැක්කා නේ

:       29       32

NIHAL DHARMATILEKE Tuesday, 24 September 2024 08:40 AM

අවස්ථාවාදීයා... අලියා මරලා දාලා දැන් ආයෙත් අලියාට එන්න හදනවා ... ඔබගේ දේශපාලනය කලකිරෙනවා අපිට

:       18       29

ranjith Tuesday, 24 September 2024 09:03 AM

පොහොට්ටුවේ හොරු ටික අරන් ඔබගේ නමත් කිට්ටු වුණා. එයාලා එක්ක ජනතාව නොව බව කවුරුත් දැනගෙන සිටියා ඒ හොරු රැල පන්නලා දමලා පක්ෂය සුද්ද කරගන්න

:       5       24

C.K.Lankaputhra Tuesday, 24 September 2024 09:39 AM

දැන් නං සෑර් මොන වෙට්ටු දැම්මත් ගොඩ එන එක ලේසි නෑ. සර් ට දැන් තියෙන්නෙ රනිල් රාජපක්ස කියන නම වෙනස් කරල රනිල් වික්‍රමසිංහ නම ආපහු ගන්න එකයි. නැත්නම් ඉතින් මිනිස්සු අලුත් නමක්යි දායි රනිල් බිබික්කමසිංහ කියල.

:       13       13

sarath Tuesday, 24 September 2024 09:42 AM

අපේ සමාජය දුප්පත් වී ඇති තරම ඔය අසන්ක ගේ කොමෙන්ටුවෙන්ම තේරුම්ගන්න පුළුවනි. කවුරු ආණ්ඩුකලත් මේවගේ මිනිස්සු පුනුරුත්තාපනය නොකර මේ රට හදන්න බැහැ . මේ වගේ මිනිස්සු තමන්ගේ පාසලේ විදුහල්පති විශ්‍රාම ගිය දවසට අඩෝ පිනා කියල කතාකරාවි.

:       9       21

Harsha Tuesday, 24 September 2024 09:43 AM

මොකාගෙන් ආවත් දිනන්න බෑ.

:       15       20

Mettananda Mudalige Tuesday, 24 September 2024 10:40 AM

වික්‍රමසිංහ මහත්තයෝ, ඔබේ තත්ත්වය රැකගෙන නම්බු පිටින් විශ්‍රාම යනවාද? එහෙම නැත්නම්, අර ඔබේ මිත්‍ර මහින්ද ලොක්කා වගේ ලොම් හැලෙනකන් ඉඳලා, දේශපාලන කුණු බක්කියට වැටෙනවද? තීරණය ඔබ සතුයි.

:       4       4

අරවින්ද මොනරවිල Tuesday, 24 September 2024 10:48 AM

උන් මට ගැහුවා මට උන් ගැහුවා වගේ වැඩක් වෙලා තියෙන්නේ මුත්තට !

:       2       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1069 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 67 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1136 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 190 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2032 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32277 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23827 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site