IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


පොල් හිඟය යට ගේම් එකක්

(සුජිත් හේවාජුලිගේ)

රටේ පොල් හිඟයට හේතුව බහුජාතික සමාගම් පොල්  සංවර්ධන අධිකාරියේ දූෂිත නිලධාරීන් පිරිසක් සමඟ එකතු වී රටේ පොල්,  පොල් කිරි සහ පොල් පිටි වශයෙන්  රට පටවමින් කරන ගේම් එක යැයි  සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ  කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය.

රටේ මිනිස්සුන්ට කන්න තියෙන පොල් වලින් සියයට 70ක්  බහුජාතික සමාගම්  පොල් කිරි සහ පොල් පිටි වශයෙන්  විදේශයන්ට පටවන බවද   හෙතෙම   ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසූවේ කොළඹදී  පෙරේදා (24) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

ලංකාවේ නිෂ්පාදනය කෙරෙන පොල් දේශීය පරිභෝජනයට හොදටම ප්‍රමාණවත් බවත්  අද පවතින තත්වය යටතේ පොල් වත්තක පොල් ගෙඩියක්  රුපියල් 120ත් 125 ත්  අතර මිලකට  අලෙවි කළ හැකි බවත් බුද්ධික ද සිල්වා මහතා පැවසීය.

රටේ නිපදවන පොල් ටික මුලින්ම පාරිභෝජනයටදී ඉතිරි කොටස කර්මාන්ත වලට  දෙන්නැයි   ඉල්ලීම් කරන බවද ඔහු කීවේය.

පොල්තෙල් සහ පොල් මිල පාලනය කිරීමට පොල් සංවර්ධන අධිකාරියේ   ඇති පීඑස් එස් ඔයිල් ෆන්ඩ් වැනි අරමුදල් මේ අවස්ථාවේදී යොදාගෙන කර්මාන්තකරුවන්ට සහ පාරිභෝගිකයන්ට සහන ලබාදෙන ලෙස ඔහු රජයෙන් ඉල්ලීමක් කරයි.

 



අදහස් (6)

පොල් හිඟය යට ගේම් එකක්

යෝගා Friday, 25 October 2024 02:10 PM

මෙතැන කිසිම ගේම් එකක් නෑ. පහුගිය කාලයේ අධික මිල නිසා පොහොර යෙදීම අවම වුණා. ලැබුණු ඵලදාවෙන් විශාල ප්‍රමාණයක් රිලව් විනාශ කරනවා. මේ වගේ මෝඩ ප්‍රකාශ කරන්න කලින් ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕනෑ..!

:       9       22

සිල්වා Friday, 25 October 2024 02:34 PM

මේකත් අර සහල් මාෆියා වගේ. පොල්වල තොගමිල තීරණය කරන්නේ... මෙම බහුජාතික සමාගමයි. ඔවුන් දේශීය වෙළෙඳපළට ද පිටිකළ පොල් නිකුත් කරති.

:       10       2

සෞදි-සිංහ Friday, 25 October 2024 03:08 PM

පිටරට සිටින අපට සුපර් මාකට් එකක් ලංකාවේ කියලා දකින්න තියෙන ප්‍රධානම දේ තමයි පිටිකළ පොල්කිරි. මේ ව්‍යාපාරය නතර නොකර පොල් වගාව ඉහළ දැමීමට කටයුතු කිරීම තමයි කළයුත්තේ...!

:       4       2

ගෝෂක Friday, 25 October 2024 03:14 PM

පොල් සංවර්ධන අධිකාරියේ අලුත් සභාපතිට මේ ගැන වගේ වගක් නෑ. එයාගේ සිහිය පුලුවන්තරම් ඉක්මණට ටෙන්ඩර් වලින් හම්බ කරගන්න පරණ, දූෂිත නිලධාරීන් ඔක්කෝම ළඟට අරන්. ඉතින් පොල් මිල ගැන සිහියක් තියෙයිද?

:       1       1

SIRIPAALA Friday, 25 October 2024 03:38 PM

මේවාට කොහෙන් හිනාවෙන්නද මන්දා? එතකොට ඔය පිටිකළ පොල්කිරි පිටරට පැටෙව්වේ හොරෙන්ද? මේවා අපනයන නෙවෙයිද? අපනයන වලින් ලැබෙන්නේ ඩොලර්ද රුපියල්ද? අර ඉස්සර විමලයට ඉඳහිට පෑවිල්ලක් ආවත් එක විදේශ කුමන්ත්‍රණයක් ලෙසයි පෙනුනේ. ඒ වගේ මෙයාලාටත් හැම මගුලම කඩාකප්පල් ක්‍රියා ලෙස පෙනෙන්න ගනීවිද මන්දා?

:       0       1

ජනරළ Friday, 25 October 2024 03:51 PM

පහුගිය කාලේ රටේ ස්ථිර නීතියක් තිබුනේ නැහැ. දේශපාලන බලය මත බොහෝ පොල් ඉඩම් කට්ටිකර වෙන්දේසි කළා. පොල් ගස් කැපුවේ වගේ වගක් නැතුව. ඒ කාලේ මහින්ද ජනපති සැලුන් දොරෙන් ආපු හාදයෙකුට පොල් සංවර්ධන ඇමැති කියලා පට්ටමකුත් දුන්නා. මිනිහා සත පහක දෙයක් කරේ නැහැ. ඒ මදිවාට දිලීර රෝග, සුදු මැසි හානිය වැනි දේවල් නිසි ලෙස හොයලා බලලා ප්‍රතිකාර කරන්න හරි වැඩ පිළිවෙලක් තිබුනේ නැහැ. අපි දිලීර රෝග හැදුණාම ගස් කපලා දැම්මා. ඉන්දියාව ෆියුරඩන් යොදලා ගස් ටික බේරා ගත්තා. අපේ ඔක්කෝම ඔහේ අයාලේ ගලාගෙන ගියා. පොල් වගා කිරීමේ මණ්ඩලයට මීට වඩා පණ ඇතිව කරගෙන යන්න පුළුවන් අයව පත් කළ යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රිය සේවකයන් දිරිමත් කරන්න අලුත් වැඩක්
2024 ඔක්තෝබර් මස 25 327 0

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් දිරිමත් කිරීම සඳහා දුම්රිය සේවකයන්ට තම නිවාසය සහ සේවා ස්ථානය අතර ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය අවසර පතක් ලබාදීමට ප්


වැසිකිලි පිරිසිදු කළ දරුවන් 22ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 25 823 1

බලන්ගොඩ නගරයේ පාසලක දරුවන් පිරිසක් අද (25) දා පාසලේ ඇති වැසිකිළි පිරිසිදු කිරීමෙන් පසු ඇති වූ සංකුලතාවයන් සහ ක්ලාන්තය තත්ත්වයන් හේතුවෙන් දරුවන් 22 කු


පොලිසියට බයේ දුවපු අයෙක් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 25 411 0

තිස්සමහාරාම කච්චේරියගම ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසක් නිදන් හාරමින් සිටින බවට තිස්සමහාරාම පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (24) දා එම ස්ථානය වැටලූ


මඩකලපුව අධිකරණයේ බෝම්බ බියක්
2024 ඔක්තෝබර් මස 25 383 0

මඩකලපුව අධිකරණ ගොඩනැගිලි පරිශ්‍රයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යන බවට ඊයේ (24) රාත්‍රියේ ලැබුණු දුරකථන ඇමතුමක් මත ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක විධිවිධාන යො


පොල් හිඟය යට ගේම් එකක්
2024 ඔක්තෝබර් මස 25 1267 6

රටේ පොල් හිඟයට හේතුව බහුජාතික සමාගම් පොල් සංවර්ධන අධිකාරියේ දූෂිත නිලධාරීන් පිරිසක් සමඟ එකතු වී රටේ පොල්, පොල් කිරි සහ පොල් පිටි වශයෙන් රට පටවමින් කර


ගාසා තීරයට සටන් විරාමයක් ඕනෑ - චීන ජනපති බ්‍රික්ස් නායකයන්ට කියයි
2024 ඔක්තෝබර් මස 25 444 0

ගාසා තීරයේ පුළුල් සටන් විරාමයක් ඇති කළ යුතු බවත්‍, පලස්තීනයේ සහ ලෙබනනයේ දුක්ඛිත තත්ත්වයන් අවසන් කළ යුතු බවත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 891 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 568 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site