IMG-LOGO

2025 ජනවාරි මස 08 වන බදාදා


පොලිස්පතිට කියන්න ඔන්ලයින් සේවාව යළි ක්‍රියාත්මකයි

(ජේ.ඉඳුරුවගේ )

 ශ්‍රී ලංකා පොලීසිය මගින් පවත්වාගෙන ගොස්    කාලයක් නතරකර  තිබූ "පොලිස්පතිට කියන්න" (tell IGP ) ඔන්ලයින් පැමිණිලි සේවාව  යළි ආරම්භ කර තිබේ.

වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ( 6) යළි ස්ථාපිත කළ   මෙම සේවාව මගින්   පොලිස් සේවය පිළිබඳව අදහස් හා යෝජනා මෙන්ම පොලිස්පතිවරයාගේ  අවධානයට යොමුවිය යුතු ඕනෑම ආකාරයේ පැමිණිල්ලක් පොලිස්පති  වෙත සෘජුවම ඉදිරිපත් කිරීමට  මහ ජනතාවට අවස්ථාව සැලසෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

කඩිනමින් ප්‍රතිචාර දක්වනු ලබන මෙම සේවාව ලබාගැනීම සඳහා www.police.lk නිල වෙබ් අඩවියේ E-Service යොමුවට පිවිස Tell IGP අයිතමයේ    සඳහන්  පෝරමයේ සත්‍ය තොරතුරු සටහන්කරමින් පැමිණිල්ල ඉදිරිපත්කිරීම සිදුකළ යුතුය.

පොලිස් ස්ථානයේ සටහන් කළ ඔබේ පැමිණිල්ල නිසි විමර්ශනයට බඳුන් නොවන බව හැගෙන්නේ නම් ඒ බව    පැය 24 පුරා ක්‍රියාත්මක මෙම සේවාව මගින් පොලිස්පති වෙත ඉදිරිපත් කළ හැකි බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.



අදහස් (2)

පොලිස්පතිට කියන්න ඔන්ලයින් සේවාව යළි ක්‍රියාත්මකයි

Yass Samarasinghe Tuesday, 07 January 2025 11:15 AM

වැඩ කරනවා ද කියලා ටෙස්ට් කලාද?

:       0       0

Kamal Koyrala Tuesday, 07 January 2025 01:44 PM

මහජන අදහස් සහ යෝජනා සඳහා මෙහි කොළමක් නැත පැමිණිලි පමණයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඖෂධ - පාස්පෝට් මගඩි ගැන පරීක්ෂණ අරඹන්න
2025 ජනවාරි මස 08 137 0

ඖෂධ සහ පාස්පෝට් හිඟයට වගකිවයුතු නිලධාරීන් නීතිය හමුවට පමුණුවන්න ලෙස බලකිරීම සහ ඖෂධ නියාමන අධිකාරියේ වටිනා දත්ත වංචාව සහ විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්)


ක්ලීන් ශ්‍රී ලංකා ගැන දින දෙකක විවාදයක්
2025 ජනවාරි මස 08 117 0

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇති බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද


අන්තරේ විරෝධයට තහනම් නියෝගයක්
2025 ජනවාරි මස 08 591 2

ජනාධිපති මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය මහ බැංකුව ආදී ප්‍රදේශවලට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මහත්මිය අන්තර් විශ්ව


අපනයන - කර්මාන්ත දියුණුවට ’ජාතික තනි කවුළුව’ ක් අරඹයි
2025 ජනවාරි මස 08 202 0

දේශීය අපනයනකරුවන් සඳහා සහ දේශීය කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනකරුවන් වෙත අවශ්‍ය සේවා සම්බන්ධයෙන් කාර්යක්ෂමව ආකාරයෙන් පහසුකම් සැලසීම සහතිකිර


සිස්ටම් චේන්ජ් කරන්න ඇවිත් බුලත් විට කඩ ගලවනවා
2025 ජනවාරි මස 08 333 3

සිස්ටම් චේන්ජ් කරන්නට පැමිණි ආණ්ඩුව අන්තිමේදී කරන්නේ බුලත් විට කඩ ඉවත් කිරීම පමණක් බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා:-(සජබ) පාර්ලිමේන්


කැසිනෝ නියාමනයට රෙගුලාසියක්
2025 ජනවාරි මස 08 206 0

කැසිනෝ නියාමය සම්බන්ධයෙන් රෙගුලාසි පනතක් ගෙන එන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 475 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 246 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 238 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site