(රෝෂන් තුෂාර)
අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරයා ලබන 08 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (24) නියෝග කළේය.
නීතිවිරෝධි මත්පැන් සම්බන්ධ නඩුවක් පවතින පුද්ගලයෙකුට එම තොරතුරු ඇතුළත් කිරීමෙන් තොරව පොලිස් වාර්තාවක් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුකර දීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් අනුව පොතුහැර පොලිස් ස්ථානය ඉදිරිපිටදී අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේ සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ලබන අටවෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.
අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය
ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක
ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්