(ගයාන් සූරිය ආරච්චි)
ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලික බැංකුවක වාහන අත්පත් කර ගැනීමේ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවලපිටිය මාපා කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.
සැකකරු පෞද්ගලික බැංකුවක වාහන අත්පත් කර ගැනීමේ නිලධාරියකු බව පවසා ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා මාතලේ පොලිස් ස්ථානයේ විවිධ පැමිණිල්ලේ අංශයේ පැමිණිල්ලක් කිරීමට පැමිණ තිබූ බව පොලිසිය පවසයි.
එහිදී එම පෞද්ගලික බැංකුව විසින් විද්‍යුත් තැපෑල මඟින් ඉදිරිපත් කර තිබූ බලය පැවරීමේ ලිපියක් සැකකරු විසින් විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට ඉදිරිපත් කර තිබූ අතර එම ලිපියට අත්සන් කර තිබූ නිලධාරියාගේ නිල මුද්‍රාවක් හෝ නමක් සඳහන් නොවී තිබූ බව පොලිසිය පවසයි.
එහිදී නැවත නම, නිල මුද්‍රාව සහ අත්සන සහිත බලය පැවරීමේ ලිපියක් රැගෙන එන ලෙස සැකකරුට පොලිසිය දන්වා ඇත.
පසුව සැකකරු ප්‍රමාද නොකර පැමිණිල්ල සටහන් කරගන්නා ලෙස පවසමින් විවිධ පැමිණිලි අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ලිපිගොනු අතර රුපියල් 5000ක නෝට්ටුවක් තබා අල්ලස් දීමට තැත් කළ බව පොලිසිය පවසයි.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ
කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.
ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
Amara Wednesday, 25 September 2024 11:37 AM
අල්ලස් දෙන්න ගියොත් දැන් හිරේ තමා. උත්සාහ කරන්න එපා.