IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කැස්බෑව නගර  මධ්‍යයේ සිදුවූ  අනතුරකින්  පසු ටිපර් රථ රියදුරුට  මෙන්ම  විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්ථානය තුළදී කලහකාරි  ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරියක් ඇතුළු පවුලේ සිව් දෙනා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (8) දින දක්වා රිමාන්ඞ් භාරයට පත්කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් වීරසිංහ මහතා නියෝග කළේය

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ මඩපාත පොල්හේන ප්‍රදේශයේ පදිංචි නීතිඥ නිමේෂා දුෂානි වානගුරු (27) ඇයගේ සැමියාවන වීරතුංග ජයවර්ධන තුමේෂ් ගිහාන්  කාංචන (27)  දොන් අසේල හේමන්ත වානගුරු (නීතිඥවරියගේ පියා) නැගණිය වන රුවිෂානි කමේශි වානගුරු (24) යන අයවලුන්ය.

සැකකාර නීතිඥවරියගේ පියා  පෙරේදා පෙරවරුවේ පොල්ගස්ඕවිට දෙස සිට කොළඹ දෙසට මෝටර් රථය ධාවනය කරමින් සිටියදී කැස්බෑව නගරයේ මාර්ග සංඥා පද්ධතිය අසල ධාවනය වීමට නියමිත සංඥා ක්‍රියාත්මක වන තෙක් මෝටර් රථය  නවතා  තිබියදී  එම දිශාවටම ධාවනය වීමට පිටුපසින් පැමිණි ටිපර් රථයක්  රියදුරුගේ ග්‍රහණයෙන් මිදී මඳක් ඉදිරියට පැමිණ මෝටර් රථයේ පිටුපස ගැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී  ටිපර් රථ රියදුරුද ටිපර් රථයෙන්  බිමට බැස ඇති අතර මෝටර් රථ රියදුරු සහ එහි සිටි කාන්තාවන් තිදෙනෙකු  ද ඒ සමගම මෝටර් රථයෙන් බිමට බැස රියදුරුට  දොස් පවරමින් ඔහුව වට කරගෙන ඇති අතර කාන්තාවන් ටිපර් රියදුරුව අල්ලාගෙන සිටියදී මෝටර් රථ රියදුරු ඔහුට පහර දී  තිබේ.

අනතුරු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සැරයන්වරයා එම ස්ථානයට පැමිණ ටිපර් රියදුරට පහරදීම සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරු ද අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ටිපර් රියදුරද අත්අඩංගුවට ගෙන පොලිස්  ස්ථානය වෙත රැගෙන ඒමට සූදානම් වීමේදී  යතුරුපැදියකින් සැමියා සමග පැමිණ තිබූ නීතිඥවරිය  සැරයන්වරයාගේ නිල ඇඳුමේ කොළරයෙන් අල්ලා " මම ලෝයර් කෙනෙක් තමුසෙ කොහොමද මගේ තාත්තව අරන් යන්නේ තමුසෙට මගේ තාත්තව අරගෙන යන්න දෙන්නේ නැහැ " යයි පවසමින් පරුෂ වචනයෙන් බැන වදිමින් ආවේගශීලීව හැසිරී  ඇති බව පොලිසිය කියයි

 

 

 

 



අදහස් (5)

පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්

Nimal Monday, 07 October 2024 12:53 PM

මේ අයගේ තරහා සාධාරණයි. ටිපර්, ත්‍රි රෝද රථ, බයික්, බස් නම් දැන් මාර කරුමයක්... වෙන මනුස්සයෙක්ට හරියට පාරේ යන්න බෑ... කොහෙන් හරි රිංගලා යන්න බලන්නේ...!

:       20       8

චම්Monday, 07 October 2024 02:08 PM

මේවා අරගලයේ ප්‍රතිඵල. පොලිසිය බල්ලාට දාලා නීතියට අගෞරව කරලා. රටේ පාලනය බිඳ වට්ටලා. රට අරාජික බව මිනිසුන්ට ඒත්තු ගන්නලා. දැන් හැමෝම නීතිය අතට ගන්න බලනවා.

:       1       4

මැක්ස් Monday, 07 October 2024 01:15 PM

නීතිඥ වෘත්තියේ සිටි පමණින් නීතිය අතට ගන්න කිසිවකුට අයිතියක් නැත. මොවුන්ට විරුද්ධව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්න.

:       0       9

රම්බොඩ Monday, 07 October 2024 01:22 PM

නීතිය දැනගත්තාට මොළේ ඉතිරි ප්‍රදේශ සංවර්ධනය වෙලා නෑ. වර්තමාන අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන්නේ මෙවැනි උගතුන් තමයි...

:       3       28

Pradeep KumaraMonday, 07 October 2024 02:24 PM

හරියටම හරි

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 2 0

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 664 1

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 238 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්
2024 ඔක්තෝබර් මස 07 1132 2

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 723 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 2651 5

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39279 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25626 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site