( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පෞද්ගලික බැංකු මූලස්ථානයක විධායක අධ්‍යක්ෂකවරයෙකුගේ. නාරහේන්පිට නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සමඟ එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම නිවස තුළ තිබී mauser 6.35 මා දිලී කුඩා පිස්තෝල අවි එකක් සහ එම පතරොම් ගැබක් , 9 එම් එම් වර්ගයේ ජීව උණ්ඩ 400 ක් 7.62 ජීව උණ්ඩ 278 ක් 0.22 වර්ගයේ ජීව උණ්ඩ 100 ක් 303 වර්ගයේ ජීව උණ්ඩ 15 ක් බෝර දොළහ වර්ගයේ පතුරම් 350 ක් බෝර දාසය වර්ගයේපතුරම් 25 ක් මෙන්ම විදේශ රටක නිෂ්පාදිත berenta ,santa , hatson escort ,glaock 19 gen semi auto pietal වර්ගයන්ට අයත් ගිනි අවි 4 ක් සහ මැගසින් 2 ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු විසින් එම ගිනි අවි සඳහා ලබා ගන්නා ලදැයි බව කියන බලපත්‍ර හතරක් පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර එම බලපත්‍ර නීත්‍යානුකූලව ලබාගන්නා ලද බලපත්‍ර ද යන්න විමර්ශන කරන බව උසස් පොලිස් නිලධාරියේක් පැවසීය.
ඊට අමතරව සැකකරු ක්‍රීඩා සමාජයක සාමාජිකයකු බව සඳහන් හැඳුනුම් පතක් ද පොලිසිය වෙත ඉදිරිපත් කර ඇතැයි එම නිලධාරියා කීය. සැකකරු 49 හැවිරිදි පුද්ගලයෙකි.
මේ කුඩා කාලයෙදීම මෙරටින් ඈත්ව ප්‍රංශයේ ජීවත් වූ රුවැන්තියක්, සියල්ල කැපකරමින් තම උපන් බිම වෙනුවෙන් ලෝක තරගාවලියක් නියොජනය කර එහි අනුශූරතාව හිමිකරගෙන
නවවැනි ආසියානු ශීත ක්‍රීඩා උළෙල අද (7) සිට 14 දක්වා ඊසානදිග චීනයේ හෙයිලොංග්ජියැං පළාතේ හාර්බින් කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ පැවැත්වෙයි.
ඉපලෝගම රණජයපුර ප්‍රෙද්ශයේදී සිදුවූ යතුරු පැදි අනතුරකින් අවුරුදු 25 ක තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.
මගීන් නංවා ගැනීමේ සිද්ධියක් මුල් කර ගනිමින් පෞද්ගලික බස් රථයක මඟ හරස්කොට එහි රියදුරුට හා බස් රථයට යකඩ පොල්ලකින් පහර දුන් තවත් පෞද්ගලික බස් රථයක රියදු
පෞද්ගලික බැංකු මූලස්ථානයක විධායක අධ්‍යක්ෂකවරයෙකුගේ. නාරහේන්පිට නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සමඟ එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගත් බව
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පෞද්ගලික බැංකු ලොක්කාගේ නිවසේ ගිනි අවි ජීව උණ්ඩ
රනේ Friday, 07 February 2025 09:10 AM
ගිනි අවි බැංකුවක්?
ජිල්බු Friday, 07 February 2025 11:06 AM
බලපත්‍ර නීත්‍යානුකූල නැත්නම් නේද අත්අඩංගුවට ගන්නේ? නෑ, අත්අඩංගුවට අරගෙනම බලමු ඒව නීත්‍යානුකූලද, නැද්ද කියල. එතකොටනෙ අපිට රෙස්පට්.