IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


පී.එච්.අයිට වෙඩි තිබ්බේ වැරදිලාද?

(ගයාන්  සූරියආරච්චි)

මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ භාණ්ඩාගාරික දිලී ප රෝෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්‌ඩායම් 20 ක් යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

දිලීප රොෂාන් කුමාර මහතා යතුරු පැදියකින් පැමිණි නාඳුනන  තුවක්කු  කරුවන් දෙදෙනෙකුගේ වෙඩි පහරින්  පසුගිය 26 දා ජීවිතක්ෂයට පත් විය.

සැකකරුවන් පැමිණි බවට සැක කරන යතුරු පැදිය ඌරුගස් මං හන්දිය, කටවල් පහ ප්‍රදේශයේ බෝක්කුවක් අසල ගිනි තබා විනාශ කර තිබියදී පසුගියදා සොයා ගනු ලැබීය.

යතුරු පැදිය ගිනි තැබීම සඳහා සැකකරුවන් පැමිණි අයුරු කවුරු හෝ දුටුවේද යන්න පිළිබඳව සීසී ටීවී දර්ශන, විශේෂ සුනඛ කණ්ඩායම්, දුරකථන ජාල සන්නිවේදන මාර්ග ඔස්සේ විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.

මෙම ඝාතනය කිසියම් කොන්ත්‍රාත්තුවක් අනුව සිදුවූ එකක් විය හැකි බවත් සමහරවිට එය වැරදීමකින් සෞඛ්‍ය පරීක්ෂකවරයා ඉලක්ක වී ඇති බවට සැක පළ කරන බවත් පොලිසිය පවසයි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් පරිදි විමර්ශන පැවැත්වේ.



අදහස් (4)

පී.එච්.අයිට වෙඩි තිබ්බේ වැරදිලාද?

නිහාල් Saturday, 02 March 2024 12:57 PM

අනේ වැරැදීමක් වෙලා නම් පරීක්ෂණ කටයුතු නතර කරමු. බැරිවෙලා හරි එයාලා හොයාගත්තොත් දැඩි සේ අවවාද කරන්න මීට පස්සේ හරි ඉලක්කයම තෝරා ගන්න කියලා...!

:       4       83

චන්දිම ෆොන්සේකා Saturday, 02 March 2024 01:52 PM

හරිම අපරාධයක් මේක. තම රාජකාරිය ඉතා අවංකව නිවැරදිව කළා මෙන්ම මෙතුමා පුවත්පත්වලට සහ වෙනත් මාධ්‍ය වලට ආහාර වල තිබෙන අහිතකර දේවල් ගැන විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කරමින් වස විස ආහාර හඳුනා ගනිමින් ඒවායින් මිදී නිරෝගී ජිවිතයක් ලබා ගන්න ආකාරය ජනතාවට දැනුවත් කරන්න අප්‍රමාන වෙහෙසක් දැරූ දෙවියෙන් වැනි මනුෂ්‍යයෙක්.

:       2       72

de silva Saturday, 02 March 2024 07:10 PM

මේ මනුස්සයා පිළිබඳව පුද්ගලිකව මම කිසි දෙයක් දන්නේ නැහැ. මම මගේ විශ්ලේෂණය ඉදිරිපත් කරන්නේ මාධ්‍යවල පළවුණ රූපරාමු සහ තොරතුරු පදනම් කරගෙන... මාධ්‍යවල පලවන ආකාරයට, හුදකලා පරිසරයක පිහිටි ඔහුගේ සුඛෝපභෝගී නිවසටම ගිහින් වෙඩි තැබුවා නම් වැරැදීමක් වෙන්න බැහැ... නගරයකදී හෝ වෙළඳ සලකදී හෝ එකවගේ ගෙවල් විශාල සංඛ්‍යාවක් තිබෙන නිවාස සංකීර්ණයකදී හෝ මුඩුක්කු පරිසරයකදී මේ සිද්ධිය වුන නම් විශ්වාස කරන්න තිබුණා. මේක වැරදීමක් කියලා සමහරවිට මේක පොලිසියේ හෝ ආරක්ෂක අංශවල උසස් නිලධාරියෙකු ලබාගත්ත කොන්ත්‍රාත් එකක් වෙන්න පුළුවන්.. එවැනි තත්වයන් යටතේ, සැකකාරය ගියේ කොහෙන්ද ආවේ කොහෙන්දවත් කියලා පොලිසියට හොයාගන්න බැරිවෙන අවස්ථා තිබෙනවා.

:       2       70

sachith Sunday, 03 March 2024 09:02 AM

88-89 ඝාතන රැල්ලේ මහ මොලකරුවන් රටක් පාලනය කරනකොට මේ වගේ පොඩි නාට්‍ය එළියට එන්න පුළුවන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 210 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 409 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 381 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 571 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1748 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 169 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site