(රෝෂන් තුෂාර)
සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලඥයින් හා දේශපාලන ක්‍රියාකාරීන් පහළොස් දහසකට අධික පිරිසක් සහභාගි වෙනවා යැයි කියන උද්ඝෝෂණයට හා පාගමන වලක්වමින් වාරණ ආඥාවක් නිකුත් කරන්නැයි කුරුඳු වත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද ප්‍රතික්ෂේප කළේය.
විවේචනය කිරීම අදහස් දැක්වීම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමක් බවට පූර්ව අධිකරණ නියෝග මගින් ද සනාථ කර ඇති බවට පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා එසේ වාරණ ආඥාවක් නිකුත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියෙන් ලබා දී ඇති මානව අයිතීන් කප්පාදු කිරීමක් බවට සඳහන් කළේය.
කුරුදු වත්ත පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය යටතේ මහජන පීඩාවන් වැළැක්වීමට මෙම ආඥාව ඉල්ලා සිටියද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වගන්තියෙන් ලබා දී ඇති අයිතීන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති මගින් සීමා කළ නොහැකි බව පෙන්වා දුන්නේය.
මෙරට උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පැවසීය.
මහේස්ත්‍රාත්වරයා මෙසේද පැවසීය.
පා ගමන හා උද්ඝෝෂණය වළක්වන නියෝගයක් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106වගන්තිය යටතේ නිකුත් කරන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයා මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබෙනවා.එසේ නියෝගයක් නිකුත් කළ යුතු වන්නේ හදිසි සහ අත්‍යවශ්‍ය අවස්ථාවක බව අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති වල සඳහන්.මහජන පීඩාවක් හෝ අන්‍ය ක්‍රියාවක් කරන්නේ යැයි අනුමාන කරමින් කරන ඉල්ලීම් සඳහා නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය සුපරික්ෂාකාරී විය යුතුයි.
මෙවන් නියෝගයක් නිකුත් කිරීමට තරම් හදිසි සහ අත්‍යවශ්‍ය කරුණක් තිබෙන බවට කරුණු ඉදිරිපත් වී නැහැ.එක් එක් අයගේ හිතළු මත නියෝග නිකුත් කිරීම නොකර සුපරික්ෂාකාරීව අධිකරණය කටයුතු කළ යුතුයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දාහතරවන වගන්තිය අනුව සාමකාමීව රැස්වීම භාෂණයේ නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කර තිබෙනවා.එම නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහළොස්වන ව්‍යවස්ථාව මඟින් සීමා වන අවස්ථා තිබෙනවා.
එවන් සීමා වීමක් ගැන මේ අවස්ථාවේදී අධිකරණයට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නෑ."රැස්වීම " ට මිනිසුන්ට අනන්‍ය වූ අයිතියක් තියෙනවා.එම අයිතීන් උල්ලංඝනය කරමින් නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයකට බැහැ.ඒ අනුව මෙම අවස්ථාවේදී අත්‍යවශ්‍ය කරුණක් හදිසි අවස්ථාවක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.
කුරුඳුවත්ත පොලිසිය මගින් ඉදිරිපත් කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලන ක්‍රියාකාරිකයින් දාසය දෙනෙකු නම් කර තිබිණි.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පා ගමනට එරෙහිව ඉල්ලූ වාරණය අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි
saki Tuesday, 30 January 2024 09:28 PM
සජිත් අපි එස්.අයිට විරුද්ධව නඩුවක් දාමු...!