IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පා ගමන් දෙකක්

විදුලිබිල අඩු කළ ජනපතිට වැඩ කරන ජනතාවගේ ප්‍රණාමය පුද කිරීමේ පා ගමනක් කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ සිට කොටුව බලා පිටත්විය. ප්‍රවාහන අමාත්‍යංශය ඉදිරිපිටින් ඇරැඹුණු පා ගමනට වනජීවි ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා නායකත්වය දුන්නේය. වැඩිකළ විදුලි බිලට විරෝධය පාමින්  එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ කැම්බල්පිටියෙන් කොටුව දුම්රිය පොළ දෙසට පා ගමනක් ඇරැඹීය.

 



අදහස් (0)

පා ගමන් දෙකක්

අරුණ Wednesday, 15 May 2013 08:08 PM

මේ පෙළපාලියේ යන සේරටම තණකොළ කන්න දීල ගොම ගත්තා නම් හරි පැලයකට හරි දාන්න තිබුනා.(නදී)

:       0       0

නිලූ Thursday, 16 May 2013 09:19 AM

ඔතන ඔක්කොම ඉන්නේ 2005 න් පස්සේ රජයේ පත්වීම් ගත්ත අහිංසක කොල්ලෝ කෙල්ලෝ උන්ට ඒවාට යන්න අනිවාර්යකරලා නැත්නම් ජොබ් ඔක්කොම හබක්. පව් උන් දෙපෙතෙන්ම තැලෙනවා.(නදී)

:       0       0

ජයසේන Wednesday, 15 May 2013 08:14 PM

මට නාගගුරුලා නාට්‍යය මතක් වෙනවා (නි)

:       0       0

ෂිරාශ් Wednesday, 15 May 2013 03:51 PM

විදුලි බිල වැඩි කළාට සහය දෙන උද්ඝෝෂකයන්ගේ සටන් පාඨ... " අපි මාසික පඩියවාදියෝ.. කුමක් කර කියා ගන්නද කියල තේරුම් ගන්න බැරියෝ... ඒ නිසා විධුලි බිල වැඩි කරපියෝ..." වගේ ඒවා වෙන්න ඇති (නි)

:       0       0

රත්න Wednesday, 15 May 2013 03:51 PM

එතකොට විදුලි බිල වැඩිකලේ "විපක්ෂය"ද? නැත්නම් " මහජනයා"ද? "තණකොල කෑවට උම්බෑ කියන්න එපා" කියලා කතාවක් තියනවා. (නි)

:       0       0

සුරංග Wednesday, 15 May 2013 03:53 PM

වනජීවී ඇමතිට මොන විදුලියක්ද? කලාවේ ඉන්න එක්කෙනෙක්නේ.(නදී)

:       0       0

ජීවන්ත Wednesday, 15 May 2013 03:53 PM

අරක්කු 1/4 යි, බත් පැකට් එකයි, රු. 500 යි ලැබුනාම විදුලි බිල හඳේ ගියත් මොකෝ? (නදී)

:       0       0

චමිලා Wednesday, 15 May 2013 03:56 PM

අපරාදේ මිනිස් පැය කීයක් නිරපරාදේ අපතේ යනවද? (නි)

:       0       0

යොහාන් Wednesday, 15 May 2013 03:58 PM

අපේ සෙනගයි එයාලගේ සෙනගයි කොහොමද හදුනාගන්නේ? (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 15 May 2013 04:00 PM

මේ විදුලිබිල වැඩිකරන්න කැමති අයගේ බිල ගෙවන්නේ අපේ බදු වලින්නේ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 15 May 2013 04:03 PM

විදුලි බිල අඩු කරනවා කිව්වට අඩු කරලත් නැහැ. වැඩි කරනවා කිව්වට වැඩි කරලත් නැහැ . අද අපේ මනු කියවන්න ආවා. පරණ විදියටමයි බිල හැදුවේ. අපිට පොඩි වාසියකුත් වුණා. මොකද විදුලි යුනිට් 120 පැන්නොත් බිල වැඩිවෙයි කියලා,මේ මාසේ විදුලිය පාවිච්චිය අඩු කළා. ඒක නිසා වෙනදාටත් වඩා විදුලි බිල ටිකක් අඩු වුණා. (නි)

:       0       0

සෆීන් Wednesday, 15 May 2013 04:04 PM

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට. කවුද හරි? කවුද වැරදි? ආශ්චර්යයේ තවත් පැත්තක්. (නි)

:       0       0

ජගත් Wednesday, 15 May 2013 04:07 PM

එතකොට අර විදුලිබිල වැඩිකල කෙනාට විජිත් විජයමුණි සොයිසා මහතා මොකද කරන්නේ? විස්වාස භංගයේදී එකඟව චන්දය දෙනවාද? (නදී)

:       0       0

ෆයිසර් Wednesday, 15 May 2013 04:07 PM

වැඩිය සෙනග නැහැනේ. (නි)

:       0       0

අමිත් Wednesday, 15 May 2013 04:10 PM

අපේ මිනිස්සු මෝඩයි. වෙන කියන්න දෙයක් නෑ මේවා දකිද්දි. (ස)

:       0       0

ෆාරු Thursday, 16 May 2013 09:52 AM

හූඌඌඌඌඌ... සෙනග නැහැනේ (නි)

:       0       0

ශාන්ති Wednesday, 15 May 2013 04:11 PM

සාමාන්‍ය ජනතාව මෝඩ වෙලා ඉවරයි. ලොකු කට්ටිය හෝටල් වලට ගියාම මාර සතුටින් කනවා, බොනවා, හිනාවෙනවා, සින්දු කියනවා එකම මේසයක වාඩ්වෙලා. අසරණ ජනතාව බොරුවට එලියට අරගෙන අන්දනවා. කොටි හිටියනම් හොදයි නේද එහෙම හිතෙන්නේ නැතිද කාටවත්.(නදී)

:       0       0

සහීහර් Wednesday, 15 May 2013 04:11 PM

අනේ මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ.. (ස)

:       0       0

ජීවන් Wednesday, 15 May 2013 04:15 PM

ඔය මැති ඇමතිවරු විදුලිබල අඩුකල ප්‍රණාමය ජනපතිට පුද කලා ට , වැඩි කලේ අනික් පෙලපාලිය යන කට්ටිය වෙන්න ඇති නේද? විස්වාස භංගයේදී වැඩිකල කෙනා පරද්දනවාද? (නදී)

:       0       0

විකී Wednesday, 15 May 2013 04:18 PM

මේක දාන්න ඕන දෙයියෝ සාක්කි එකටනේ. (ස)

:       0       0

රට Wednesday, 15 May 2013 04:23 PM

අයියෝ මෙහෙම ආණ්ඩු දෙකක්. රට කන්න එපා.(නදී)

:       0       0

චානක ඇන්ටන් Wednesday, 15 May 2013 04:24 PM

කවුද හරි කවුද වැරදි? (ස)

:       0       0

වරුණ Wednesday, 15 May 2013 04:25 PM

සහය දෙන එක නිකන් වීරයෝ වගේ යයි පොලිස් ආරක්ෂාව එක්ක. විරුද්ධව යන අයට තව ටිකක් ඉස්සරහට යන විට හම්බ වෙයි ජාල ප්‍රහාර හා කදුළු ගෑස් (නි)

:       0       0

උවජිත් Wednesday, 15 May 2013 04:26 PM

මිනිස් පැය කීයක් අපතේ ගිහින්ද මේකද කාර්යක්ෂමතාවය රට ආශ්චර්ය කර යන ගමන අඩාල වෙන්නේ මේවිදිහට. (ස)

:       0       0

කෙවින් Wednesday, 15 May 2013 04:27 PM

ලංකාවේ තවම බත් කන අහවල් වර්ගයේ අය ඉන්නවා. එහෙම අය ඉදිද්දි රටක් හදන්නේ කොහොමද? (නි)

:       0       0

හසිත Wednesday, 15 May 2013 04:27 PM

වැඩි කරන්න කැමති අය 7777 ට කෙටි පණිවිඩ යොදා තමන්ගේ පමණක් විදුලි බිල වැඩි කර ගන්න. (ස)

:       0       0

රේනුකා Wednesday, 15 May 2013 04:30 PM

මේ ඔක්කොටම පිස්සු. (ස)

:       0       0

ජානා Wednesday, 15 May 2013 04:31 PM

අපි ඔක්කොම රජවරු ...ඔක්කොම වැසියෝ ..තුන් සිංහලයම අම්බරුවෝ..තුන් සිංහලයම අම්බරුවෝ...... ලා ..ලා ...ලලා..ලා..ලා.. (නි)

:       0       0

ආනන්ද ආර් Wednesday, 15 May 2013 09:28 PM

අමිල කටුනායක, මගේ ප්‍රාර්තනාවත් ඒකයි.(නදී)

:       0       0

නානායක්කාර Wednesday, 15 May 2013 04:33 PM

පිස්සු මිනිස්සු.(ස)

:       0       0

මයීම් Wednesday, 15 May 2013 04:36 PM

විදුලි බිල වැඩි කරේ කවුද ? (ස)

:       0       0

විරාජ් Wednesday, 15 May 2013 04:36 PM

වැඩි කළේ අපිද ? (ස)

:       0       0

දිනේෂ් Wednesday, 15 May 2013 04:39 PM

විදුලි බිල වැඩි කරලා අසීමිතව, සනසවන්න සීනි බෝල දෙනවා. නුගත් සමහරු රැවටුනාට අපි රැවටෙන්නේ නැහැ (නි)

:       0       0

නලීන් Wednesday, 15 May 2013 04:40 PM

අයියෝ මේවා කාට කියන්නද ? මේ වගේ අය ඉන්නකොට රටට දෙයියන්ගේම පිහිටයි (නි)

:       0       0

රුවනි Wednesday, 15 May 2013 04:40 PM

මේවා පිස්සු වැඩ. (ස)

:       0       0

අමින්ත Wednesday, 15 May 2013 04:40 PM

දැන් පැය 8 ක් වැඩ කරලා එලියට එන මහජනයා ගෙදර යන්නේ කොහොමද? (ස)

:       0       0

බුද්ධි Wednesday, 15 May 2013 04:41 PM

ඔන්න මුනුත් එක්කම බලාගන්න ලංකාවේ ජනතාව.. (ස)

:       0       0

ගිහාන් Wednesday, 15 May 2013 04:41 PM

මට මේවා දකිනකොට හැම පැත්තෙන්ම හිනා යනවා. (නි)

:       0       0

තබුක් සිල්වා Wednesday, 15 May 2013 04:42 PM

සලකලා මදි, සලකලා මදි ජනතාව දැව් බුද්ධිමත්.(නදී)

:       0       0

ඉන්දික Wednesday, 15 May 2013 04:43 PM

ඒකත් හොදයි

:       0       0

කමල් Wednesday, 15 May 2013 04:43 PM

දෙගොල්ලොම කොටුවට ගිහිල්ලා මරා ගත්තනං හරි.(නදී)

:       0       0

නිසාර් Wednesday, 15 May 2013 04:45 PM

යු.එන්.පී එකේ මෝඩකම හැරෙන්ඩ වෙන මොනවද. මීට පස්සෙවත් සුළු පිරිසක් උනත් කමක් නැහැ කලින් නොකියා එක පාරටම පාරට එන්න. එතකොට ඔය අනු පෙළපාලි වලට විසඳුමක් හොයන්න පුළුවන්.(නදී)

:       0       0

වාවේස් Wednesday, 15 May 2013 04:45 PM

මෝඩකමට ඡන්දෙ දීලා දැන් තවත් තමන්ගේ කාලය කාගෙන එක එක්කෙනාගේ පස්සේ යනවා. අනේ මෙහෙම මෝඩයෝ ඉන්න රටක්. (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 15 May 2013 04:45 PM

මේ පාගමනට වනජීවී ඇමති තුමත් සම්බන්ධ උන එක අගය කල යුතුයි. මොකද විදුලි බිල අඩුකළා වගේම, විදුලි එළියේ බලයත් අඩු කළා නම් පැණි කොමඩු කන්න ආපු අලියාව මියයාම වලක්වා ගන්න තිබුනා.(නදී)

:       0       0

මෝහමෙඩ් Wednesday, 15 May 2013 04:52 PM

මේ හැම දේකින්ම තැලෙන්නේ මහ ජනතාව. අර පැය ගානක් වැඩ කරලා එන මිනිස්සු ගෙවල්වලට යන්න අද හුඟක් කරදර වේවි.(නදී)

:       0       0

මහේෂ්-සෞදි Wednesday, 15 May 2013 04:59 PM

අනිවාර්යෙන්ම සාදාරන පදනමකින් විදුලි බිල වෙඩි කළ යුතුයි. එහෙම නැත්නම් වෙන්නේ මේ ආයතන වල තියෙන පාඩු රජය දරන එකයි. රජය කියන්නේ අපේ සල්ලි. ඇයි මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැත්තේ? මිල වැඩිනම් මිනිස්සු එදාට පාරට බහීවි මේ ආයතන කාර්යක්ෂම කරන්න කියලා. හොරකම් අඩු කරන්න කියලා. එහෙම වෙනකන් මේ රට හැදෙන්නේ නැහැ. (නි)

:       0       0

විරාජ් කාලිංග Wednesday, 15 May 2013 11:28 PM

මේ වගේ මිනිස්සු ඉන්නකන් රජ මගුල් ඉතින් ලොකු අයට (නි)

:       0       0

ජනිත් Wednesday, 15 May 2013 05:09 PM

මේ සමෘද්ධි කපනවා කියලා බය කරලා ලංගම බස්වල එවපු සෙනග ගොඩක් නේද? (නදී)

:       0       0

විරාජ් කාලිංග Wednesday, 15 May 2013 11:36 PM

අයියෝ මෙච්චරද සෙනග? (නි)

:       0       0

සෝමපාල Wednesday, 15 May 2013 11:36 PM

සොච්චමක් අඩුකරලා මෙහෙම යනවා නම් තව ටිකක් අඩු කලොත් මේ අය නිරුවතිනුත් යයි. (නි)

:       0       0

මෙතුජ Wednesday, 15 May 2013 11:38 PM

රටට ආදරය කරන විපක්ශයක් හිටියා නම් මේ වගේ නාඩගම් බලන්න වෙන්නෙ නැහැ. (නි)

:       0       0

මනෝජ්-ඩුබායි Wednesday, 15 May 2013 05:15 PM

ඔය යන අයගේ වැටුපෙන් රුපියල් 2000 ක් විදුලි බල මන්ඩලයට යැව්වා නම් හරි පාඩුව අඩුකරගන්න.(නදී)

:       0       0

මධුරංග Wednesday, 15 May 2013 05:17 PM

මහේෂ්-සෞදි, මෝඩ කථා කියන්න එපා. ඔයා හිතුවද මේ සෞදිය කියලා? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 15 May 2013 05:21 PM

මොනවා වැඩි කළත් කමක් නැහැ. පුන්නක්කු මිළ නම් වැඩිකරන්න එපා (නි)

:       0       0

ඩී.උපුල් Wednesday, 15 May 2013 05:31 PM

සූ ගාල පන්සීයක් විතර ඉන්නවා නේද? (නි)

:       0       0

ෂපීක් Wednesday, 15 May 2013 05:34 PM

වීදි නාට්‍ය කියන්නේ මේවට තමා.(නදී)

:       0       0

ෂපීක් Wednesday, 15 May 2013 05:36 PM

මහේෂ්ට ප්‍රශ්නයක් නැහැ සෞදි වල නම් තෙල් තියෙනවනේ. ප්‍රශ්නේ නොපෙනෙන්නේ ඒකයි.(නදී)

:       0       0

කීර්ති Thursday, 16 May 2013 01:15 AM

තවම මොංගල් චරිත රගපාන දේශපාලන හෙන්චයියෝ ටිකක් ඉන්න නිසා රජය අනිත් මහජනතාව ගොනාට අන්දනවා.(නදී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 15 May 2013 05:46 PM

අනේ මෙහෙමත් මිනිස්සු? (නි)

:       0       0

මහේෂ් Wednesday, 15 May 2013 05:46 PM

මොකද්ද අඩු කළේ? ඒත් රටවල් වල දුක් විදින අපිට නම් අඩු කරපු එක දැනෙන්නේ නැහැ. කෝ අර දෙනවා කියපු ඒකක 66/96/126 ඒවා? (නි)

:       0       0

සමිත් Wednesday, 15 May 2013 05:49 PM

අර උඩම ෆොටෝ එකේ ස්වයං රැකියාලාභින්ගේ සම්මේලනය කියන්නේ මොන බිස්නස් කරන අයගේ එකක්ද? (නි)

:       0       0

නිරාන් Wednesday, 15 May 2013 05:51 PM

සු ගාලා 25 ක් විතරයි ඉන්නේ. මේකෙන්ම පේනවා ආණ්ඩුවේ නොහැකියාව. (නි)

:       0       0

ප්‍රේම් Wednesday, 15 May 2013 05:55 PM

මෙයාලට තව ටිකක් බිල වැඩිකරලා දෙන්න (නි)

:       0       0

සෑම් Wednesday, 15 May 2013 06:10 PM

මන් දන්නවා ඇයි වනජීවී ඇමති ඔතන ඉන්නේ කියලා.(නදී)

:       0       0

ච.බ. පෙරේරා Thursday, 16 May 2013 01:27 PM

හදවට එකගවද ආවේ කියලා තමාගේ හදවතින්ම තට්ටුවක් දමලා අහන්න.(නදී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 15 May 2013 06:27 PM

මේ ඔක්කොම මෙහෙම අද ආවට ගෙදර ගිහිල්ලා පස්සෙ කියවයි ලයිට් බිල නම් වැඩියි වගේ කියලා. (නි)

:       0       0

සරත් Thursday, 16 May 2013 01:39 PM

අතිගරු ජනාධිපතිතුමාට ජය වේවා! අපි ඔබ සමගයි (නි)

:       0       0

සුමිත් Thursday, 16 May 2013 07:16 AM

බත් කන හරක් කියලා කියන්න පුළුවන්.(නදී)

:       0       0

හෂාන් Thursday, 16 May 2013 07:49 AM

මොන කොල්ලෝ ටිකක්ද මේ? (නදී)

:       0       0

අසේල Wednesday, 15 May 2013 07:03 PM

කට්ටියම එකතු වෙලා ජලාශ ආශ්‍රිතව ඇති වන සම්පත රැක ගන්න යමක් කරනවද? කොලේ හංගගෙන බෙදුවා ඇති දෙපැත්තම. (නි)

:       0       0

රිෂාන් Thursday, 16 May 2013 08:18 AM

විදුලිය නැති ගෙවල් වල අයද දන්නේ නැහැ, මේ පාරට බැහැලා තියෙන්නේ. මොකද එයාලට ගානක් නැහැනේ විදුලි බිල ගැන. (නි)

:       0       0

රාජිත-දෝහා Wednesday, 15 May 2013 07:24 PM

සමහර මිනිසුන්ගේ ස්වයං රැකියාව වෙන්න ඇති මේ කරන්නේ... ඒ මිනිස්සුවත් දන්නේ නැතුව ඇති මේ මොකටද කෑ ගහන්නේ කියලා. (නි)

:       0       0

මාලක සිල්වා Thursday, 16 May 2013 08:23 AM

කවදාවත් හොඳක් නොවේවා.(නදී)

:       0       0

නිරෝෂන් Wednesday, 15 May 2013 07:49 PM

හරිම ලැජ්ජයි මහත්තයෝ (නි)

:       0       0

ශාන්ත Thursday, 16 May 2013 08:43 AM

ඇත්තටම ලංකාවේ ඔක්කොම මිල වැඩි කරලා පුන්නක්කු පිදුරු මිල අඩු කරන්න කියලා මේ පෙළපාලි යන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 107 0

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 482 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 438 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 487 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1158 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 453 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25167 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site