IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පා පුවරුවේ නීතිය එළියට එයි

දුම්රිය පා පුවරුවේ ගමන් කිරීම තහනම් බවට දුම්රිය ආඥා පනතේ සදහන් නීතිය දෙසැම්බර් මස 01 දා සිට ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පවසන්නේ දුම්රිය පා පුවරුවේ ගමන් කිරීම තහනම් නිතියක් ඇතත් එය තදින් ක්‍රියාත්මක නොකළ බවයි. නමුත් ලබන පළමුවැනිදා සිට දුර ගමන් සේවා දුම්රිය පා පුවරුවල ගමන් කරන්නන් සදහා නීතිය ක්‍රියාත්මක කිරිමට තීරණය කර ඇති බව ද සමරසිංහ මහතා කීවේය.

පා පුවරුවේ ගමන් කිරීමෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම සදහා මගීන් වෙනුවෙන් මේ නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු පවසයි.



අදහස් (0)

පා පුවරුවේ නීතිය එළියට එයි

අසෝක Sunday, 29 November 2015 08:13 AM

මිනිස්සු පා පුරුවේ යන්නේ යන්න තැනක් නැති නිසයි. එකටත් කෙලියා නේද ? (ම)

:       0       0

හේෂාන් Sunday, 29 November 2015 11:12 AM

පා පුවරුවේ යන්නේ ඉඩ නැති කමටමත් නෙවෙයිනේ. තහනම් කිරීම හොඳයි. අනතුරු අඩුවෙයි. පා පුවරුවේ විනෝදයටත් යන අය අනන්තයි, මං හොඳට දැකල තියෙනවා ආසන වල ඉඩ තිබිලත් එහෙම යනවා. දියුණු රටවල් වල දොරවල් විදුලි පද්ධතියක් අනුව ක්‍රියා කරන්නේ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 28 November 2015 06:12 PM

මිනිස්සු ආශාවට පා පුවරුවේ ගමන් කරනවා කියලා වෙන්න ඇති ලොකු ලොක්කෝ හිතාගෙන ඉන්නේ. (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Saturday, 28 November 2015 06:16 PM

මේ වගේ "නිදාගන්නා" නීති කොතරම් අපේ රටේ නීති පොත්වල තිබේද? ඒවා ක්‍රියාත්මක කළොත් රටටත්, මහජනතාවටත් කොතරම් සහන සැළසේද? මේ විදියට පාපුවරුවල වවුලන් වගේ එල්ලී ගමන් කරන්නේ මැදිරිවල ඉඩ නැති නිසාද කියා මුලින් සොයාබලන්න ඕනෑ. මේ විදියට ගොස් අනතුරක් සිදුවූවිට පොලිසිය එනතුරු දුම්රිය නවතාගෙන සිටීමෙන් මඟීන්ට ඇතිවන දුෂ්කරතාවයත්, දුම්රිය සේවයට වන අලාභයත් සුළුපටු නොවේ .... (නි)

:       0       0

විමල් Saturday, 28 November 2015 07:53 PM

දියුණු රටවල මෙන් දොරවල් තිබීමෙන් එම ආරක්ෂාවට අමුතු නීති අවශ්‍ය නොවේ. අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යමක් කරන්නට පාලකයන්ට හා නිලධාරීන්ට උවමනාවක් නැහැ. පාලකයින්ට ලෝකයේ තිබෙන ඉහළම වාහන, විශ්‍රාම වැටුප් සහිත විවිධ වරප්‍රසාද. නමුත් සාමාන්‍ය ජනතාවට අවම පහසුකම්වත් ලබානොදෙනවා පමණක් නොව එයින්ද ගසා කෑමට දක්ෂ පිරිසක් තමයි බහුතරය ඉන්නේ. (නි)

:       0       0

දොන් Saturday, 28 November 2015 08:09 PM

හොඳ අදහසක්. ප්‍රථමයෙන් සියලුම දුම්රිය මැදිරි තුළ දැන්වීම් ඇලවිය යුතුය. නීතිය නොදන්නා බොහෝ විදේශිකයන් මෙම වරද කරනවා මා දැක තිබෙනවා. (නි)

:       0       0

දයානන්ද Saturday, 28 November 2015 08:56 PM

කියපු විදියටම දැන් දුම්රියේ හිඟන්නොත් යන්නේ නැති නිසා ඇතුළෙ ඉඩ තියෙනවනේ. ඒ හින්දා පා පුවරුවල යන කට්ටියට වාඩිවෙලා යන්න පුලුවන් (නි)

:       0       0

චන්න Saturday, 28 November 2015 09:16 PM

ඇති යාන්තන්... මේ නීතිය නම් හොඳයි (නි)

:       0       0

කමනි Saturday, 28 November 2015 10:11 PM

හොඳ පියවරක්. හරි නම් කෙරෙන්න ඕනෑ අනිවාර්යයෙන්ම දොරවල් වසාගෙන යාමේ නීතියක් ක්‍රියාත්මක කිරීම. නැතුව කොහොමද පාපුවරුවේ යන එක නවත්වන්නේ? සංවර්ධිත රටවල මඟීන් පවා දුම්රියවල හිරවෙලා යනවා. වෙනස් වන්නේ දුම්රිය සුඛෝපබෝගී වීම පමණයි. එහෙත් දොරවල් අනිවාර්යයෙන්ම වසාතබන නිසා අපේ රටේ මෙන් මහමඟ මරණ නැහැ. නමුත් අපේ අය වර්ජන කරාවි, පාපුවරුවේ යන්න ඕනෑ, නැත්නම් වෙලාවට වැඩට යන්න බැහැ කියලා! (නි)

:       0       0

ශ්වේත Sunday, 29 November 2015 01:07 AM

කතා විතරයි.....හිඟන්නෝ නැති කරනවා කිව්වා. කෝ කළාද? තාමත් ඉන්නවා. හොඳටම පිරිච්ච කෝච්චි වල තමයි ඒ අය හිඟාකන්නේ. මේ ඊයෙත් හිටියා (නි)

:       0       0

නිමල් ලාලිත Sunday, 29 November 2015 01:23 AM

සියලුම සැප සම්පත් විඳින උගතුනි, මඟීන් පා පුවරුවේ යන්නේ කැමැත්තෙන් නොවේ. කෙසේ වෙතත් මේ රටේ කිසිම උගතෙක් හෝ දේශපාලුවන් මේ රටේ සාමාන්‍ය ජනතාව විඳින දුක දන්නේ නැත. හැකිනම් කාර්යාල වේලාවන් සඳහා යොදවා ඇති දුරගමන් හෝ කෙටිගමන් දුම්රියක ගොස් බලන්න. (නි)

:       0       0

සංජීව Sunday, 29 November 2015 02:08 AM

ඇයි දුරගමන් විතරක්? ළඟ ගමන් යන්නේ දුම්රියෙන් නෙමෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 99 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1433 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 897 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1483 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1130 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2613 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20747 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19639 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site