IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පිං මදි වෙයි තව සැප ලබන්නට

ඔහු මෙයට වසර 15කට පෙර ඉතාලියට පැමිණි ශ්‍රී ලාංකිකයෙකි. කාලයාගේ ඇවැමෙන් බීමට ඇබ්බැහිවු ඔහුට අවසානයේ උරුමවුයේ රෝමයේ පදික වේදිකාවයි. රැකියාවට අමතරව ඉතාලියේ රැදිසිටීමේ බලපත්‍රය පවා අහිමිවූ ඔහු අවසානයේදී යාචකයෙක් විය.

මෙයට වසර ගණනාවකට පෙර තෙරේසා මව්තුමිය ආරම්භ කළ ආනාත මඩමක පුජකවරියෝ පිරිසක් ඔහු සොයා පැමිණියහ. සියලු සැප සම්පතින් පිරි එම අනාත මඩම ඔහුගේ නාවාතැන විය. කාලයත් සමග රෝද පුටුව උරුම වූ ඔහුට සැත්කමක් කිරීමට අවශ්‍ය බව රෝහල් වෛද්‍යවරු  නිගමනය කළහ.

එහෙත් ප්‍රශ්නය නම් ලාංකිකයාට ලියවිලි නොමැති වීමයි. අනාථමඩමේ පුජකවරියෝ රෝමයේ තානාපති කාර්යාලට ප්‍රශ්නය දැන්වුහ . විගස තාවකාලික ගමන් බලපත්‍රයක් මඩමට යැවිණි.

 රෝම කුස්තුරා පොලිසියද පසුගිය 19 වැනිදා ආදාල ශ්‍රී ලාංකිකයා රැගෙන එන්නැයි පුජකවරියන්ට දැන්වීය. පරණ කොම්පියුටර් දත්ත ඔස්සේ ඉතාලි රැදීසිටීමේ බලපත්‍රයක් ලබාදීම සදහාය. එහෙත් අවාසනාවක තරම. 18වෙනිදා සවස් යාමයේ තට්ටු තුනකින් පහලට පැන ඔහු ජිවිතයෙන් සමුගෙන ගියේය.

ඔහු එම ගොඩනැගිල්ලෙන් පැන්නේදැයි සැකයකි. තවත් ලාංකිකයෝ දෙදෙනෙක් අනාථමඩමේ සිටිති. කුලියාපිටියේ විපුලද කිසිත් කරකියාගත දෙයක් නොමැතිව එහි අසරණව සිටියි. ඉතාලි රජයෙන් නිකුත් කළ කිසිදු ලියවිල්ලක් ඔහුටද නොමැත. තානාපති නිලධාරින් කියනුයේ විපුලට ඉතාලි රැදිසිටීමේ බලපත්‍රය ලබාදීමට උපරිම උත්සහා කරන බවයි. විපුල තානාපති නිලධාරීන්ට කියා තිබෙනුයේ  රෝමයේ සිටින ප්‍රසිද්ධ වංචා කරුවෙකු රැදිසිටීමේ බලපත්‍රය ලබාදීමට තමන්ගෙන් යුරෝ 2000ක් ( රුපියල් 344000) ලබාගත් බවයි.



අදහස් (0)

පිං මදි වෙයි තව සැප ලබන්නට

යෂ්මාල් Sunday, 23 June 2013 07:40 PM

දිට්ටධම්මවෙදනීය කර්මය...(අ)

:       0       0

ෂාෆීක් Monday, 24 June 2013 10:10 AM

සේරමට මුල බීමත් කමට ගිජු වීමයි, කණගාටුයි. (ස)

:       0       0

ශශිනි Friday, 28 June 2013 09:19 AM

මේ මිනිස්සු දිවි නසා ගන්න එක නම් මම අනුමත කරන්නෙ නැහැ. ජීවිතය ලැබෙනුයේ ජීවත් වෙන්න මිසක් නැතිකර ගන්න නොවෙයි (නි)

:       0       0

පහන් Sunday, 23 June 2013 10:10 PM

මිනිසුනේ මස් කෑවත් කමක් නැහැ අරක්කු සිගරට් බොන්න එපා .මම බොන්නේ නැහැ .බියර් වයින් වත් නැහැ .අපිත් එක්ක හිටපු ගොඩක් මත්පැනින් වැලැක්වුවා.මගෙන් අහනවා අවුරුදු 120 ඉන්නද හදන්නේ කියලා? මම කියන්නේ, නැහැ මම දන්නවා මැරෙනවා කියලා, ඒත් මට සල්ලි දීලා මැරෙන්න ඕනෑ නැහැ කියලයි (නි)

:       0       0

ජීවක Sunday, 23 June 2013 10:11 PM

ලංකාවෙත් කාත් කව්රුත් නැද්ද හැබෑට? අනේ ඇයි මෙහෙම සල්ලි හොයන්න ගිහින් අනාත වෙන්නේ? (නි)

:       0       0

අමල් Monday, 24 June 2013 11:41 AM

මොකට ඉතාලි යනවද මන්දා? මෙහෙ ප්‍රාදේශීය සබාවකට සෙට් වුනානම් ගොඩ තමයි. බැරිනම් ප්‍රාදේශීය සබාවේ මන්ත්‍රී කෙනෙක්ගේ ගෝලයෙක්වත් වුනානම් කොච්චර හොදට ඉන්න තිබුනද? (නි)

:       0       0

සමන් Sunday, 23 June 2013 10:32 PM

මොලයක් නැති හින්දනේ මෙහෙම ‍කරන්නේ (නි)

:       0       0

මොහෙමඩ් Sunday, 23 June 2013 11:26 PM

අහෝ දුකකි . ඉතාලි ඇවිල්ලත් හෙදෙන්න බේරී වුනු අය කීප දෙනෙක් ඉන්නවා . මොන උනත් සර්වබලදරී දෙවියන්ගේ ආශීර්වාදය පතමි (අ)

:       0       0

ප්‍රිය Sunday, 23 June 2013 11:55 PM

ලංකාවේ මිනිස්සු හිතන් එන්නේ රට සැප කියල කීයක් හරි හොයාගෙන ලංකාවට යන්නේ නැතුව මහා ලොකු සැපක් ගැන කතා කරනවා, අන්තිමේදී තමන් තමන්ගේ දෙමු පියෝ බැලුවේ න රට සැප ගත්ත, අන්තිමට තමුන්ගේ දරුවෝ කරන්නෙත් ඔය ටිකම තම, මහලු මඩම් වල මැරෙන්න වෙන්නේ අන්තිමට, රට මොන සැපද (අ)

:       0       0

චතුල වෙරෝනා Monday, 24 June 2013 12:51 AM

ගොඩාක් කණගාටුදායක ආරංචියක්. මේ වගේ ගොඩාක් අසරණ වෙච්ච මිනිස්සු ඉන්නවා මෙහෙ. හැබැයි වරද 100% ක් වෙන කෙනෙකුට පටවන්න බැහැ. මොකද අවුරුදු 15ක් වගේ කාලයක් මෙහෙ හිටපු කෙනෙක් නිකම්ම නිකම් හිටියා කියන එක බොරුවක්, කුමක් හෝ ඔහුට දරුණු මානසික පීඩනයක් තිබෙන්නට ඈති. (නි)

:       0       0

මැල්කම් - වෙරෝනා Thursday, 27 June 2013 03:46 PM

අපිත් ඔය බැංකුවේ වැඩ කරන ලංකාවේ කෙනාව අදුරනව, අපෙත් ගිණුම් තියෙන්නේ ඒ බැංකුවේ , හැබැයි අපිට නම් ඔය කරදර මුකුත් නැ. අනිත් එක ඒ මනුස්සයා ඒ තැනට ආවේ එයාගේ උගත් කම නිසා. ලාංකිකයෝ විදියට අපිට නම් එයය ගැන තියෙන්නේ ආඩම්බරයක්.(අ)

:       0       0

මොහෙමඩ් Monday, 24 June 2013 01:03 PM

ඉතාලිය දෙන් මැදපෙරදිග රටක් වෙලා. ලංකාවේ අයට සලකන්නේ නරකම විදියට. හේතුව අපේ බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ හැසිරිම නුගත් කම නිසා. සමහර මැද පෙරදිග රටවල් මෙහෙට වැඩිය හොඳයි . එය දැන ගැනීමට ඉතාලි වලම ජිවත් විය යුතුය. (නදී)

:       0       0

කැනඩා දිසා Monday, 24 June 2013 03:40 AM

මම හිතනවා මෙය මිනිස් ඝාතනයක් බව මේ ගැන වහාම පරීක්ශා කරන්න ඉතාලි පොලීසියටම බාර දිය යුතුයි ! අසරනයෙක්නේ .(අ)

:       0       0

තේජසිරි Monday, 24 June 2013 04:22 AM

කියන්න කණගාටු තත්වයක් මේ රටේ වෙසෙන ලංකාවේ ජනතාව ගැන තියෙන්නේ.හැම දේම මුදල් වලට යටවෙල .එකම ගෙවල් කොන්ත්රාත්තුව කිප දෙනේකුටම විකුණමින් මුදල් හම්බකරන අය හෙමතැනම යහමින් සිටී .මීට වසර කීපයකට උඩදී මෙවැනි අමන දේවල් මෙහි සිදු උනේ නැත .මෑත කාලයේදී නොයෙක් නම් වලින් පටන් ගත්ත කාර්යාලයන් ගොඩක් නගර වල දැකගන්න පුළුවන් .අහිංසක ජනතාවගේ මුදල් ගසාකෑම ඔව්න් ගේ පරමාර්ථයයි .විශේෂයෙන් වෙරෝනා හී බැංකු රැකියාවක නිරතුව සිටින කෙනෙකු විසින් පවත්වාගෙන යන මේ හ සමාන කාර්යාලයකින් මෙවැනි අමන දේවල් සිදුවෙමින් පවතී.මීට අමතරව නය පහසුකම් ලබා දීමට ලිංගික අල්ලස් ,රැකියා ලබාදීමට අල්ලස් මේ වැනි දේවල් සිදුවෙමින් පවතී .තව ද ඔහු සතුව ඇති ආයතනයෙන් රැඳී සිටීමේ බලපත්‍රය දික් කරගන්නේ නැති අය හට බැංකු කටයුතු වලදී ඉතා කරදර වලට මුහුණ දීමට සිදුවේ .ඔව්න් ගේ ණය පහසුකම් කපා හැරේ .ඉතාලි භෂාව නොදත් අහිංසක ජනතාවට මොහුගේ ගැටවලට හසුවී අදත් කරකියාගත නොහැකිව සිටි .කරුණාකර බලදාරින්ගේ ඇස මේවෙත යොමුවේව . (අ)

:       0       0

ජ.හේරත් Monday, 24 June 2013 05:22 AM

තෙජසිරිගේ කතාවෙන් පෙන්නේ ඉතාලියේ නීති රීති බොහොම ලිහිල් වගේ ! (අ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 24 June 2013 01:23 PM

මෙම සිදුවීම එක් දෙයක් පමණි. බීමත්කම නිසා මෙහි පවුල් විශාල සංඛ්‍යාවක් කැඩෙනවා, නැත්නම් තුන්වැන්නෙක් රිංගනවා. සිංහලයන් තරම් 'බේබද්දෝ' කොටසක් තවත් මේ මිහිපිට නැත.(නදී)

:       0       0

හෙළයා Monday, 24 June 2013 05:47 AM

කැනඩා දිසා 'ලොකු ටෝක්' එකක් දීලා තියෙන්නේ.... (නි)

:       0       0

ගාමිණී Monday, 24 June 2013 06:29 AM

දැන් අපි විදේශ කටයුතු අමාත්‍යංශයට බනිමුද? (නි)

:       0       0

මන්ජු Monday, 24 June 2013 07:54 AM

පෙර පවු ඕවා (අ)

:       0       0

ලලිත් පෙරේරා Thursday, 27 June 2013 01:26 AM

වෙරෝනා වල තෙජසිරි මහත්මයාට ඔය කියන ආයතනයේ සේවය කරන කාන්තාවකගෙන් ළගදි දවසක සෙරප්පු පාරක් ලැබුන කියන්නේ ඇත්තද ?(නදී)

:       0       0

රකිත් Monday, 24 June 2013 09:03 AM

එතකන් අපේ කිසිදු ලාංකිකයෙක් මොහු ගැන දැන සිටියේ නැද්ද? තානාපති කාර්යාලයට කලින් දන්වලා නැද්ද? (නි)

:       0       0

රන්ජිත් පැරිස් Sunday, 23 June 2013 07:20 PM

පැරිස් වලත් ඉන්නවා තුට්ටු දෙකේ ලාබෙට ඕනෑම වංචාවක් කරන අය... අනේ අනිච්චන් මෙහෙමත් නාටක ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 996 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2052 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 993 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 220 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2409 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1686 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37865 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24951 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site