IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පී.සී.ට වෙඩි:කාරයට ගිනි

දොඩංගොඩ බෝඹුවලදී මින් පැයකට පෙර පොලිස් කොස්තාපල්වරයකු ගමන් කළ නැනෝ වර්ගයේ කාරයකට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි. අට දෙනකු පමණ කැබ්රියකින් ඇවිත් පොලිස් කොස්තාපල්ට වෙඩි තබා ඇතත් ඔහු තුවාල  නොලබා බේරි ඇත. එහෙත් කාරයට ගිනි තබා ඇතැයි පොලිසිය සඳහන් කරයි ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවය කරයි.



අදහස් (0)

පී.සී.ට වෙඩි:කාරයට ගිනි

පද්මසිරි Saturday, 31 May 2014 07:40 AM

ලංකාවේ සාධාරණය , නීතිය, සාමය, ගරුත්වය, බලය මේ හැම දෙයක්ම ලබන්න නම් කුමන ආකාරයකින් හෝ දේශපාලනයට සම්බන්ධ විය යුතුයි. (ස)

:       0       0

ලසන්ත ද සිල්වා Saturday, 31 May 2014 02:22 PM

ලොක්කෝ ඇහෙකන පියාගෙන ඉන්නකොට සොක්කෝ ඕව කරනවා (අ)

:       0       0

දිල්ශාන් Saturday, 31 May 2014 02:40 PM

රටේ පාලනය වෙනස් කරලා හරියන්නේ නැහැ. කරන්න තියෙන්නේ දේශපාලකයන්ගේ බලය අඩු කරන එකයි. (අ)

:       0       0

මෙවන්ත Sunday, 01 June 2014 05:50 AM

ලංකා තිලක්, මට පෙනෙන හැටියට අර වාහනය පැදෙව්වේ ඔබ වගේ. ඒකනේ‍ මේ වුණ දෙය අනුමත කරන්නේ. (නි)

:       0       0

නිලන්ත Sunday, 01 June 2014 06:06 AM

පොලිසියට නම් මේ දිනවල බොහොම අපලයි වගේ (නි)

:       0       0

චමින්ද Thursday, 05 June 2014 01:28 PM

නීතියට මොකද වෙන්නේ දේශපාළුවන්ගේ වැඩ තමා (නදී)

:       0       0

කපිල Saturday, 31 May 2014 08:35 AM

මේ වෙන හැම දේම දැක දැකත් නොදැක්කා සේ ඇස් කන් පියා සිටින අපේ ජනාධිපති තුමනි, මෙහෙම ගියොත් ඔබ තුමා රැකගත් රට යලිත් මහා අගාධයකට තල්ලුවෙන දිනය වැඩි ඇතක නොවේ. (ස)

:       0       0

සුරංග Sunday, 01 June 2014 06:46 AM

ඕස්ට්‍රේලියාවේ අගමැතිගේ කාර් එක වේගයෙන් ගියා කියෙලා දඩ කොළයක් දුන්නා කියලා මම මාධ්‍ය වලින් දුටුවා. ලංකාවේ එහෙම වුණා නම්...? (නි)

:       0       0

රූපසිංහ Saturday, 31 May 2014 03:03 PM

පාතාලය කවදාවත් නවත්වන්නේ නැත. පොලිසියටද එය කිරීමට ඉඩ දෙන්නේ නැත. පාතාලය නැවැත්විය හැක්කේ අපි සාමාන්‍ය ජනතාවට පමණි. අපි සංවිධානය විය යුතුයි. (අ)

:       0       0

නිමල් ලලිත Saturday, 31 May 2014 08:42 AM

මේ වගේ දේශපාලකයන්ට ඡන්දය දුන් අයටත් ශාප වෙනවා. (ස)

:       0       0

චන්න Sunday, 01 June 2014 07:26 AM

ඒකනේ සුරංග ඕස්ට්‍රේලියාව වගේ රටවල් හැමදාම දියුණු. රටේ නීතිය හැමෝටම සමානයි. බලවතාට එක විදියක් , සාමාන්‍ය අයට තව නීතියක් නැහැ. අපි රජ කාලේ ඉඳලා එන සංස්කෘතිය ගැන පුරාජේරු කියනවා. හරි විදියට රටේ නීතිය ක්‍රියාත්මක කරගන්න තවම බැහැ??? (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 31 May 2014 08:43 AM

මේ සියල්ලට ම පිළිතුරු ඇත්තේ අපේ ජනාධිපති තුමා අතෙයි. එතුමාගේ පිළිවෙලට කලොත් හොඳයි. (ස)

:       0       0

ජෙහාන් Sunday, 01 June 2014 07:30 AM

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති කෙනෙකුගේ දියණියක් මත්පැන් බී රිය පැදවීමේ වරදට දඩ ගසා මාස ගණනාවක් සමාජ සේවයක් ලෙස පොදු ස්ථාන පිරිසිදු කරන්න යෙදෙවුවා. අපේ රටේ බලවතුන්ගේ ආරක්ෂකයන්ගේ ලොකුකම් බලන්න ඕනෑ පාරේ යනකොට. (නි)

:       0       0

විමල් Saturday, 31 May 2014 03:14 PM

අපි බලාගෙන ඉන්නේ ගරු පොලිස් මාධ්‍ය ප්‍රකාශය කියකම්. ඒ අනුව උප ඇමතිද, රාළහාමි ද කියල හිතා ගතහැකි. මගේ අදහසට අනුව නම් රාළහාමි වැරදි පාටයි. (අ)

:       0       0

කුමාර Sunday, 01 June 2014 07:40 AM

දඩ කොළය ලිවුවේ ලංකාවේ නීතියක් තිබෙන නිසාලු. හරි එහෙනම් දඩ කොළය ලියු කෙනාට මැර තර්ජන කරලා පුද්ගලික දේපල විනාශ කළේ මොන නීතිය යටතේද ? (නි)

:       0       0

කාන්ති Sunday, 01 June 2014 07:44 AM

රාජකාරිය හරියට කරන්න ගිහින්, මිනිසුන් අමාරුවේ වැටෙන එකම රට අපේ රට තමයි. (නි)

:       0       0

දසුන් Sunday, 01 June 2014 07:50 AM

මෙහි අවසානය කුමක් වේද? (නි)

:       0       0

අජිත Saturday, 31 May 2014 03:24 PM

ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම දෙනාගෙන් ආදරෙන් ඉල්ලමු. ඔබගේ මසුරන් මෙන් වටිනා ඡන්දය හිගන්නෙක් උනත් කමක් නැහැ හොඳම උගතාට දෙන්න. එවිට ලංකාව බැබලෙන්න වැඩකරාවී .අපේ ලාංකීය ජනතාවට මෙය නොතේරෙන්නේ අනාගතයේ උපදින දරුවන්ගේ අවාසනාවටයි (අ)

:       0       0

හේමා Sunday, 01 June 2014 08:01 AM

මේවායේ ඇත්ත නැත්ත උඩ ඉන්න දෙවියන්ම තමා දන්නේ. (නි)

:       0       0

චම්පික Sunday, 01 June 2014 08:09 AM

ඔන්න බලන්නකෝ අන්තිමට මේ අවනඩුව අවසන් වෙන්නේ කොහොමද කියලා... (නි)

:       0       0

සේරම් Monday, 02 June 2014 11:59 AM

බලමු අර කොහෙද පොලිස් මහත්වරු දෙන්නෙක්ට ගහලා එක් අයෙකු මරපු අය හොයලා ආවුද හොයන්න තිබ්බ උනන්දුව මේකටත් තියේවිද කියලා.(නදී)

:       0       0

නිහාන්ත Wednesday, 04 June 2014 07:19 AM

දැන් මෙරට ඇත්තේ මෝඩ දේශපාලන දර්ශනයකි.(නදී)

:       0       0

දයා අලහකෝන් Saturday, 31 May 2014 08:53 AM

රට වැසියනි, රටේ පාලනය වෙනස් කළ යුතු කාලය හරි.(ස)

:       0       0

ටිරෝන් Saturday, 31 May 2014 03:36 PM

ආයුධ පෙන්නන්න අරන් යමුද? (ස)

:       0       0

දයාරත්න Sunday, 01 June 2014 08:18 AM

මම නම් හිතන්නෙ නැහැ ඔහු අත්අඩංගුවට ගනියි කියලා (නි)

:       0       0

ජගත් Saturday, 31 May 2014 03:42 PM

කෝ මේ පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක ....(ස)

:       0       0

සුනිල් Saturday, 31 May 2014 03:51 PM

මේකද අද මගේ මව් බිමේ නීතිය දෙවියනේ? අනේ අපිට මොනවද මේ උනේ? මෙතරම් පහත තත්වයට මගේ රට වැටුනේ කොහොමද? මේ පොලිස් නිලධාරියා නීතියේ හැටියට රාජකාරි කලාට මෙහෙමද වන්දි ගෙවන්න වෙන්නේ? පාලකයෝ අද මේ අවනීතිය දැක දැකත් නිහඬ වෙලා. (ස)

:       0       0

අමාරිස් Saturday, 31 May 2014 03:56 PM

අධිවේගී මාර්ග පාලනය කරන උත්තමයන්ට මේ යෝජනාව කරන්න කැමති. දවස ගානේ පිට වෙන තැන්වල බුලත් අත් කීපයක් තියල තිබුනොත් යහපතක් වේවි නේද මේ පොලිස් නිලධාරීන්ට. එතකොට මේ දේශපාලකයන් වරදක් කරලා ඇල්ලුවොත් එයාලට බුලත් දීල වඳින්ට පුළුවනි පොලීස් ඇත්තන්ට. (ස)

:       0       0

ලංකා තිලක් Saturday, 31 May 2014 03:56 PM

පොලිස් රාලහාමි හොඳට දඩ කොල නම් ලියල තියෙනවා කියල කාර් එක බැලුවම පේනවා..අනේ වාසනාවන්.ඕක නම් රක්ෂණයෙන් ගන්න පුළුවන් නේ..නැත්නම් ඉතින් තව දඩ කොල කීයද කඩන්න ඕන..සුපිරි මගේ යන්නේ රස්තියාදු වෙන්න කැමති මිනිස්සු නෙමෙයිනේ.පොලිසියට අත තියල කාපු පරිප්පු කට්ටියට මේ ඉක්මනට අමතක උන එකනේ පුදුමේ. (ස)

:       0       0

මේනකා Sunday, 01 June 2014 08:39 AM

දැන්නම් ලංකාවේ ඉන්නත් බයයි (නි)

:       0       0

විජේසිරි Saturday, 31 May 2014 04:16 PM

මම හිතන්නෙ එයා නියම පිරිමි නිලධරියෙක් වගේ රාජකාරිය කරන්න ඇති ඒකයි ඔය (අ)

:       0       0

නිලන්ත Sunday, 01 June 2014 08:56 AM

කවුද අප්පේ මේ චණ්ඩියා? (නි)

:       0       0

සිසිිිර Saturday, 31 May 2014 09:26 AM

දැන්නම් පිරිහීම ළඟයි. (ස)

:       0       0

ප්‍රනාන්දු Sunday, 01 June 2014 08:58 AM

ලංකාවේ මිනිස්සු මෝඩයි. කිසිම පක්ෂයකට ඕනෑවට වැඩිය බලයක් දෙන්න හොඳ නැහැ (නි)

:       0       0

ජයාන් Saturday, 31 May 2014 04:29 PM

පීසී මහත්තයාත් දාගන්න ලෙඩ? (නි)

:       0       0

මහේෂ් Sunday, 01 June 2014 09:19 AM

බොහෝවිට ලොකු කෙනෙක් කළොත් ඉතින් අන්තිමේදී ගුටිකාපු කෙනා තමයි වැරදිකාරයා වෙන්න්‍ෙ. (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 31 May 2014 04:30 PM

දැන්නම් ඉවසුවා හොඳටම ඇති වගෙයි (නි)

:       0       0

බණ්ඩාර Saturday, 31 May 2014 09:51 AM

රටේ පාලනය වෙනස් කරලා බලන්නකෝ කොහොමද කියල, කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ තමයි කියල හිතෙයි ..(ස)

:       0       0

ප්‍රියන්ත Saturday, 31 May 2014 04:39 PM

පුදුම වැඩනේ දැන් වෙන්නේ? (නි)

:       0       0

කුමාර Saturday, 31 May 2014 10:06 AM

අපි චන්දෙ දීල පත් කර ගන්න මහජන නියෝජිතයන් වටේ වැඩිපුර අරක් අරගෙන ඉන්නේ මේ වගේ වැඩ කරව ගන්න පුළුවන් උත්පත්ති දෝෂ ඇති අය. කොස්තාපල් වරයා මෙහෙම බේරුනේ පුරුවේ අකුසල් නොකරපු පින නිසා ය. (ස)

:       0       0

ලාල් සුනෙත් Saturday, 31 May 2014 05:01 PM

එතකොට දේශපාලකයන්ට නීතියක් නැද්ද? (නි)

:       0       0

රමේෂ් Saturday, 31 May 2014 10:20 AM

කරු..කපිල...ඔයාල තාමත් නිදාගෙනද ඉන්නේ? දැන්වත් ඇස් ඇරලා බලන්න. (ස)

:       0       0

රොෂාන් Sunday, 01 June 2014 10:25 AM

ඉහත කට්ටිය මොන අදහස් දැම්මත් මට පේන්නේ කොන්ද පන තියන එක පොලිස් නිලධාරියෙක් හරි නීතියක් නැති රටේ ඉන්නවා කියන එක. පිට රටවල් වල මෙහෙම සෙල්ලම් දාන්න රටේ ජනාධිපතිටවත් බැහැ. (ස)

:       0       0

නාමල් මදුරංග Saturday, 31 May 2014 10:26 AM

මේ කොස්තාපල් විසින් ළගඳි ඉහළ දේශපාලන නියෝජිතයෙක් විසින් කරන ලද රථවාහන වරදක් සම්බන්ධයෙන් කොට්ටාව පිවිසුමේදී දඩ කොලයක් නිකුත් කිරීමේ ප්‍රතිඵලය ද මේ ‍‌ලැබිල තියෙන්නේ ? (ස)

:       0       0

ආනන්ද Saturday, 31 May 2014 05:05 PM

මේ වගේ පුද්ගලයින් දෙශපාලනයට ගෙනාවේ කවුරුන්ද? (නි)

:       0       0

හේෂාන් Saturday, 31 May 2014 10:28 AM

මම නං නෙමේ ඔන්න ඔය වැඩේ කළේ (ස)

:       0       0

ජනක Sunday, 01 June 2014 10:34 AM

නි‍යෝජ්‍ය ඇමති කෙනෙක්ට බය නැතුව දඩ කොලයක් ලියපු පොලිසියේ මහත්තයා ගැන ආඩම්බර වෙන්න තිලක්. (ස)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Saturday, 31 May 2014 10:32 AM

අටවත් පාස් නැති රස්තියාදු කාරයින්ට ඡන්දෙ දීල පාර්ලිමේන්තු යවපු මිනිස්සුන්ට දැන් පස්ස විකාගන්න වෙලා. ඉදිරි ඡන්දෙදි මේ වගේ අය ගෙදර යවන්න රටේ සියලු ඡන්ද දායකයින් හිතාගත්තොත් රට මේ උවදුරින් බේරාගන්න පුළුවන් වේවි. නැත්නම් ඉදිරියට මීට වඩා දේවල් වලට මුහුණ දෙන්න වේවි. (ස)

:       0       0

ගුණපාල Saturday, 31 May 2014 05:20 PM

අනේ අපොයි අපේ රටට ගිය කලක්...! (නි)

:       0       0

විජයසිරි Saturday, 31 May 2014 05:21 PM

මම හිතන්නෙ එයා නියම පොලිස් නිලධාරියෙක් වගේ රාජකාරිය කරන්න ඇති (නි)

:       0       0

සිල්වා Saturday, 31 May 2014 05:22 PM

මේවා පොලිස් දෙපාර්තුමේන්තුවේම වැරදි. එයාලට දැන් ඒවාට වගකියන්න වෙලා. හරියට කොන්ද කෙළින් තියාගෙන කාටවත් යටත් නොවී තමාගේ රාජකාරිය හැමකෙනෙක්ම හරියට කළා නම් හරි (නි)

:       0       0

ජයකොඩි Saturday, 31 May 2014 05:27 PM

ඉතාමත්ම නරක ආදර්ශයක්. අනේ! අපේ රටට ගිය කලක්! හරිම දුකයි (නි)

:       0       0

කුමාර Saturday, 31 May 2014 05:44 PM

මේක අපේ දේශපාලකතුමාට විරුද්ධව කරන කුමන්ත්‍රණයක්ද කියලත් සෙවිල්ලෙන් සිටියොත් හොඳයි (නි)

:       0       0

ඒශාන් Sunday, 01 June 2014 12:05 PM

ඕක කරපු අයව නම් අයුධ පෙන්නන්න එක්ක යන එකක් නෑ. (ස)

:       0       0

නිල්මා Sunday, 01 June 2014 12:05 PM

මෙතන හොයන්න කාරණා කීපයක් තිබෙනවා. දේශපාලන බලවතා අයුතු ලෙස බලය යෙදවූයේද? පොලිසියේ රාලහාමිගේ ආදායමට කාරය මිල දී ගත හැකිද? රටේ නීතියක් හරියට ක්‍රියාත්මක කල හැකි ක්‍රමයක් තියෙනවද? (ස)

:       0       0

රොහාන් සෞදි Saturday, 31 May 2014 06:08 PM

ඔබ වැනි අවංක නිලධාරියෙකුට අපි ගරු කරමු. නීතිය ක්‍රියාත්මක කිරීමට ගොස් ඔබට නැති වුණ දේ ගැන දුක් වෙමු (නි)

:       0       0

ඩික්සන් Sunday, 01 June 2014 01:32 PM

අනේ අපේ් පොලිසිය! (නි)

:       0       0

දීපික Saturday, 31 May 2014 06:09 PM

දැන්නම් අපේ රටේ දේශපාලනයේ වෙනසක් අවශ්‍ය කාලයයි (නි)

:       0       0

අහමඩ් Sunday, 01 June 2014 01:38 PM

අපේ රටේ මේ මොනවද වෙන්නේ? (නි)

:       0       0

ඒ. හේවගේ Saturday, 31 May 2014 06:13 PM

සුනිල්, ඔබගේ මතයේ තමයි මමත් ඉන්නේ.මේකද අද මගේ මව්බිමේ නීතිය? දෙවියනේ! අනේ අපිට මොනවද මේ වුණේ? (නි)

:       0       0

පියල් Saturday, 31 May 2014 06:20 PM

දැන් බලනකොට පිටරටකට වෙලා ඉන්න එක සැපයි වගේ (නි)

:       0       0

පද්මිණි Saturday, 31 May 2014 06:22 PM

ඔන්න හෙට ඉඳලා ඔය කාටත් දඩකොළයක් එයි පාන් රාත්තලට. අරෙහේ පිටි මිල වැඩිවෙලාලු (නි)

:       0       0

ප්‍රසාද් Saturday, 31 May 2014 11:29 AM

කවුරු හරි ඔය ඇමැතියාගේ නම හොයල දෙන්න බැරිද හොද පාඩමක් උගන්නන ජනතවට දෙන්න (අ)

:       0       0

සජිත් Saturday, 31 May 2014 11:30 AM

මේවට ඉතින් නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ රටට දෙවියන්ගේම පිහිටයි (අ)

:       0       0

තිලක් ඩුබායි Saturday, 31 May 2014 11:31 AM

කපිල.හීනයක්වත් දැකලද ඇහැරුනේ. (අ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 31 May 2014 11:39 AM

පොලිස් කොස්තාපල්ට තිබුණේ දඩ කොලේ දුන්නු වරදට වැදලා සමාව ගන්නනේ.වැදලා සමාව ගත්තනම් මෙහෙම විපතක් වෙන්නේ නැහැනේ.(ස)

:       0       0

චමිල් Saturday, 31 May 2014 06:33 PM

ඔයින් බේරුනා ඇති. මොකද කියලා ගිහින් තියෙන්නේ පොලිස් නිලධාරියාව වැලිගම යවනවා කියලනේ... (නි)

:       0       0

පද්මා Saturday, 31 May 2014 06:37 PM

ලංකාවට දැන් නම් යහපත් වෙනසක් අවශ්‍යයි කියලා මට හිතෙනවා (නි)

:       0       0

මිලානො ජයන්ත Saturday, 31 May 2014 11:40 AM

‍රටට මේවගෙ තත්ත්වයක් උදාවි අත්නම් රටෙ නීතිය සුරෙකින පොලිස් නිළධාරින්ට,නීතිය ක්‍රියාත්මක කරවාද නැත්නම් තමාගෙ දරුපවුල ආරක්ෂා කරගෙන තමාගෙ ජීවිතය බේරගෙන අස් කන් වහගෙන ඉන්නවාද (අ)

:       0       0

නිමල් Saturday, 31 May 2014 11:50 AM

කොස්තාපල් කෙනෙක් කොහොමද පඩියෙන් කාර් එකක් ගන්නේ .(අ)

:       0       0

අමිල Friday, 30 May 2014 10:45 PM

දේශ පාලුවෙග්ගේ ගොලයෝද? (දී)

:       0       0

කුමාර Saturday, 31 May 2014 12:05 PM

අනේ මේ කවුද කියල හෙලි කරලා ..ගෝලයෝ ටික ආයුධ පෙන්නන්න එක්ක ගෙන යන්නකෝ. (ස)

:       0       0

ප්‍රියාන් Saturday, 31 May 2014 12:09 PM

නම හංගන්න හොඳ නෑ නම පළ කරන්න ඕනේ (අ)

:       0       0

නිශාන්ත ඩුබායි Saturday, 31 May 2014 12:10 PM

අත්තමයි ලංකාවේ ජීවත් වෙන්න බයයි දැන් හෙට අපිට මෙහෙම නොවේවි කියල කාටද කියන්න පුළුවන් මේක ලෝකෙන්ම උතුම් රට නේද මනුස්ස ජීවිතෙක වටිනාකම මේ තරම්ම පහලට ගිහින්ද මගේ රටට දළදා හිමි සරණි (අ)

:       0       0

අරුණ ශාන්ත කුමාර Saturday, 31 May 2014 12:08 PM

මහත්මයාණනි බිය නොවේ ප්‍රවෘත්තියක අපට පළ කළ හැකි ප්‍රමාණයක් ඇත. ඒම නිසා පළ කළහැකි ප්‍රතිචාර පමණක් එවන් ඔබට ස්තුතුයි

:       0       0

චන්ද්‍රා Friday, 30 May 2014 11:23 PM

කෝ අපේ රටේ නායකයා , එතුමත් හොදින් ඇස් කන් ඇති කෙනෙක්නේ ,බලමු මොකද වෙන්නේ කියල, (ස)

:       0       0

ඇසළ Saturday, 31 May 2014 07:33 PM

පළාත් සභා නැති කළ දවසට කොයි පක්ෂයේත් දැන් ඉන්න චණ්ඩි නිකම්ම නැතිවෙලා යයි. (නි)

:       0       0

ජෙහාන් Saturday, 31 May 2014 12:22 PM

අට පාස් නැති ව ගමේ චන්ඩි පාට දමාගෙන හිටපු උදවිය බලයට ගෙනල්ල දැන් ඉතින් අපි කසාය බීපු ගොළුවෝ වගේ ඉමු. (අ)

:       0       0

ජයලත් Saturday, 31 May 2014 12:33 PM

අපි මොනවා කීවත් ගමේ ඉන්න පොඩි මිනිහට මේ දේවල් යන්නේ නැ ඒ නිසා ඒ මිනිස්සු මේ අයට ඡන්දෙ දානවා එක වෙනස් කරන්න ඕන (අ)

:       0       0

අන්දරමාන Saturday, 31 May 2014 12:35 PM

මිනිස්සුනේ කලබල වෙන්න එපා නොබෝදිනකින් දැනගන්න පුළුවන් කාගේ බලපුලුවන්කාරකමක්ද කියල. රට හදන්න අපිට බෑ.. ඔබටත් රටේ සුරක්ෂිතව හොඳ ජීවිතයක් ගතකරන්න අවශ්‍යනම් රටේ හොඳම බිස්නස් තියෙන තැනට යන්න ජනවරමක් ලබාගන්න..(ස)

:       0       0

තිලක් Sunday, 01 June 2014 04:15 PM

මේක කාගේ රඟපෑමක්ද කියලා හෙට අනිද්දා නියමාකාරයෙන් පැහැදිලි වේවි (නි)

:       0       0

දසනායක Saturday, 31 May 2014 09:06 PM

දේශපාලන සවිය නොබලා කළ වරදට දඩ කොළය ලියන්න කොන්ද පණ තිබුන පොලිස් නිලධාරියාට අපේ ආචාරය! (නි)

:       0       0

උදිතා Saturday, 31 May 2014 09:31 PM

සාමාන්‍ය අපිට මෙහෙම වුණා නම්....? (නි)

:       0       0

දසනායක Saturday, 31 May 2014 09:36 PM

මේක කාගේ වැඩක් වෙන්න ඇද්ද? (නි)

:       0       0

චමින්ද Saturday, 31 May 2014 09:40 PM

කවදාහරි වැරදිකරුවන්ට නියම දඩුවම ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා (නි)

:       0       0

අමරසිරි Saturday, 31 May 2014 09:41 PM

මේ අදහස් කියවද්දී එක දෙයක් තේරෙනවා. බහුතරයකට මේ සත්‍යය තේරුනත් නොතේරෙන බව හඟවන කුහකයන් කිහිප දෙනෙකුත් ඉන්නවා (නි)

:       0       0

නෙළුම් Saturday, 31 May 2014 10:09 PM

අනේ මන්දා, දැන් එතකොට එයාලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? (නි)

:       0       0

පිටිගල Saturday, 31 May 2014 12:52 PM

පුළුවන් නම් ඔය ගෝලයෝ ටික අයිති වගකිවයුතු දෙසපාලකයා අත් අඩංගුවට ගන්න. පොලිසියේ කොන්දේ ශක්තිමත් කම ලොවටම බලා ගත හැකිය.(අ)

:       0       0

ජයන්ත Saturday, 31 May 2014 12:55 PM

දැන් මේ දඩ කොළ ප්‍රශ්නය තියෙන්නේ තව ටික වෙලාවයි. කට්ටිය දන්නෙත් නැතුව ඇති ඔන්න අයෙත් පාන් මිල වැඩි කරන්න යනවා. ජරමර මදිවට බර කරත්ත කිව්වේ නිකන් ද ? (අ)

:       0       0

මංජුල Saturday, 31 May 2014 02:21 AM

පවතින දේසපාලන ක්‍රම වේදය තුල සියලුම දේසපාලන පක්ෂ දැන් රටේ තියෙන මේ තත්ත්වයට වගකිව යුතුයි.

:       0       0

බණ්ඩා Saturday, 31 May 2014 02:31 AM

කරන වැඩ වලට මේ ගොල්ලට පාරේ යන්න බැරි කාලයක් ඒවි ..... (දී)

:       0       0

චමින්ද Monday, 02 June 2014 08:55 AM

දේශපාලුවන්ට මේ රටේ නිතිය අදාල නැද්ද ? (නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 01 June 2014 04:54 PM

රොෂාන්ගේ කතාවට 100% එකඟයි. (නි)

:       0       0

විමුක්ති Saturday, 31 May 2014 11:32 PM

ඔයාලට හොදනම් අපිට මොකෝ මේ ඔයාල පත්කරපු දේශපාලකයෝ නේ. අපි මෙයාලට කැමති නැ එක නිසා අපි ලංකාවට එන්නේ නැ . මේවට වගකිව යුත්තේ පොලිසියවත් දේශපලකයන් වත් නොව ලංකාවේ ඉන්න ඡන්ද දායකයන්ය. (ස)

:       0       0

බණ්ඩාර Sunday, 01 June 2014 04:56 PM

අද දඩ කොළේ දුන්නොත් වෙන දේ පේනවනේ අපේ ඇස් දෙකෙන්ම. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 01 June 2014 04:58 PM

අද අපිට අයිති වෙලා තිබෙන ඉරණම ඉතාම පැහැදිලියි. (නි)

:       0       0

ප්‍රශීන් Saturday, 31 May 2014 01:09 PM

නිමල් මොකද මේ නැට්ට පාගාගෙන? කොස්තාපල් කෙනෙක්ට නෙවේ ඕනෑම කෙනෙක්ට වහනයක් ගන්න පුළුවන් ධෛර්ය තියෙනවා නම්. දියුණු වෙන්න කැමති කෙනාට කොහොමත් එකයි. (අ)

:       0       0

කසුන් Sunday, 01 June 2014 12:15 AM

වගකිවයුත්තන්ගේ අවධානයට මෙම ප්‍රශ්නය යොමුවේවා! (නි)

:       0       0

සරත් බණ්ඩාර Saturday, 31 May 2014 03:20 AM

ලබන මැතිවරණයකදී මේවට ප්‍රතිචාර දක්වමු. (ස)

:       0       0

ප්‍රසාදිනී Sunday, 01 June 2014 12:30 AM

මට නම් සැකයක් තිබෙනවා මේ ගැන. මොකද ළඟකදී ඉඳලා පොලිසියට මේතරම්ම අපල? (නි)

:       0       0

නවීන් Saturday, 31 May 2014 01:19 PM

අන්තිමේ බලනකොට අධිවේගය ජනතා සන්තක කෙරිලා නෙවෙයි බලවතා සන්තක කෙරිලා ! (අ)

:       0       0

කුසුම් Saturday, 31 May 2014 01:20 PM

වැරදි දැක්කත්,බොහෝ වෙලාවට පොලිසිය ඇස් කන් පියාගෙන ඉන්නේ ඇයි කියල දැන් පැහැදිලියිනේ. (ස)

:       0       0

කරු Saturday, 31 May 2014 04:05 AM

ජනාධිපතිතුමනි, දැන් බලාගෙන හිටිය හොඳටෝම ඇති. (ස)

:       0       0

සිරි අයියා Saturday, 31 May 2014 01:22 PM

කොස්තාපල් කෙනෙකුට කාර් එකක් ගන්න පුලුවන් වෙන තරමට අපේ රටේ පඩි වැඩිවෙලා. රටේ ආර්ථිකය දියුණු වෙලා. හැමෝගෙම අතේ යහමින් සල්ලි ගැවසෙනව​. අනේ වාසනාවන්. (ස)

:       0       0

වරුණ Sunday, 01 June 2014 12:37 AM

අනේ මන්දා මේ යන විදියට ඉදිරියේදී මොනවා වේවිද කියලා? (නි)

:       0       0

සෝමරතන හිමි Saturday, 31 May 2014 05:08 AM

දැන් පොලීසිවල ලොක්කෝ දන්නේ වෙඩි තියන්න ,නීතිය සාමය රකින්න දන්නේ නැහැ .කාටද මේවා කියන්නේ. (ස)

:       0       0

ශලනි Sunday, 01 June 2014 01:57 AM

දැන්වත් ඇස් හැර සත්‍යය තේරුම් ගන්න මිනිසුන්ට හැකි නම්.... (නි)

:       0       0

සෑම් Saturday, 31 May 2014 06:01 AM

මේකේ පරීක්ෂණ පවත්වනකොට අපිට දැනගන්න ලැබේවි ඒ කොස්තාපල් තමාම වෙඩි තියාගෙන කාර් එකටත් එයාම ගිනි තිබ්බා කියලා. (ස)

:       0       0

රාස් Saturday, 31 May 2014 06:04 AM

චන්ද්‍රා, ඔයා කියන එක්කෙනා තමා කීවේ අපේ මිනිස්සු මොන වරදක් කලත් ඒ අයව අපි බේරාගත යුතුයි කියලා. (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 01 June 2014 03:08 AM

පොලිසියේ අයට කිරීමට ඇති රාජකාරිය හරිහැටි කිරීමට නොදී දේශපාලනය විසින් ඒවා උල්ලංඝනය කර ඒ ජීවිතත් විනාශ කරනවා නම් තවත් මුනිවත රැකිය යුතුද? (නි)

:       0       0

සේන Saturday, 31 May 2014 01:48 PM

රථවාහන පොලිස් නිලධාරීන් කරන්නේ අපේ ආරක්ෂාව අපිටම සලසා ගන්න මතක් කිරීමක්. දඩ කොලක් ලැබුනාම අපි ඒ වැරැද්ද නැවත කරන්නේ පෙලබෙන්නේ නැහැ. එකෙන් අපේ ආරක්ෂාව සැලසෙනවා. පොලිස් නිළධාරින්ට තියෙන්නේ දෙසපාලුවන්ට දඩ කොළ දීම නවත්වන්න. එතකොට පොලිස් නිළධාරීන්ගේ ජීවිත සහ දෙපලවත් ආරක්ෂා වේවි. (අ)

:       0       0

ගයාන් Saturday, 31 May 2014 01:54 PM

වැඩක් නෑ.හාල්මැස්සෝ ටිකක් අල්ලාවි.ඇප දේවී.මෝරා තව තවත් ඔය වගේ දේ කරාවි.හැමදාම වෙන්නෙ ඕකනේ.පොලිස් ප්‍රකාශක තුමත් හොද බයිලයක් ගහවි. (අ)

:       0       0

මලී Saturday, 31 May 2014 02:01 PM

අධිවේගෙ සාමාන්‍ය මිනිස්සුන්ට හදපු එකක්නෙවි (අ)

:       0       0

සංජීව Sunday, 01 June 2014 03:55 AM

මේ දේ කළේ කවුද කියන එකයි දැන් අපි හැමෝටම තිබෙන ප්‍රශ්නය වෙන්නේ (නි)

:       0       0

නිමල් Sunday, 01 June 2014 04:53 AM

ලංකා තිලක්ගේ අසනීපය එන්න එන්නම වැඩිවෙනවා වගෙයි. (නි)

:       0       0

උපරතන හිමි ´- ඩෙන්මාර්ක් Saturday, 31 May 2014 02:18 PM

දකින්නත් අසන්නත් අප්‍රසන්න සිදුවීම්.ජනපතිතුමනි හිතවත්කම් නොබලා මේ පුද්ගලයන්ට එරෙහිව නිතිය යොදවන්න. (අ)

:       0       0

ගයාන් Sunday, 01 June 2014 05:03 AM

ලංකා තිලක් , රස්තියාදු වෙන්න බැහැ කියලා පාරේ යන අනෙකුත් වාහන හප්පාගෙන වාහන ගෙනයන්න නොවෙයි අධිවේදී මාර්ග තිබෙන්නේ. වෙන රටවලට ගොස් බලන්න ඒ රටවල දේශපාලකයෝ අධිවේගයේ සහ පාරේ යන්නේ කොහොමද කියලා. (නි)

:       0       0

කැනඩා දිසා Saturday, 31 May 2014 07:37 AM

මුළු රටම අද දේශපාලනයට යට වෙලා ඉවරයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 937 2

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 315 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 218 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 2268 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 3171 4

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2264 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36907 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24347 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 578 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site