IMG-LOGO

2025 පෙබරවාරි මස 04 වන අඟහරුවාදා


බංගලා තක්සේරු වාර්තාව කැබිනට්ටුවට

(සුජිත් හේවාජුලිගේ)

ඇමතිවරුන්ගේ බංගලා සම්බන්ධයෙන් ලබාගත් තක්සේරු වාර්තා ලබන සතියේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය  ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.

එම බංගලා තක්සේරු කිරීම අවසන් අදියරට පැමිණ ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙම බංගලා සම්බන්ධයෙන් යෝජනා රැසක් දැනටමත් ඉදිරිපත්ව ඇතැයි පැවසූ අමාත්‍යවරයා එම යෝජනා අතරින් වඩාත්ම හොඳ යෝජනාවට ප්‍රමුඛත්වය ලබාදීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

අැමැති බංගලා ආර්ථික වශයෙන් ඵලදායි කටයුත්තකට යොදා ගැනීම රජයේ අරමුණ බවද අබේරත්න  මහතා කීවේය.

ඇමතිවරුන්ගේ බංගලා  කුලියට ලබා දෙන ලෙස රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ගණනාවක්ද රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වනඑම අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහතා පැවසුවේ එ්  ඉල්ලීම සම්බන්ධයෙන්ද කරුණු සලකා බලාගෙන යන බවයි.

ඇමැතිවරුන් වෙනුවෙන් වෙන් කරුණු බංගලා තිස්පහක් කොළඔ  පවතී.

වර්තමාන රජයේ ඇමතිවරුන්ට ඇමැති බංගලා ලබා නොදීමට රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්  ගෙන ඇත.



අදහස් (0)

බංගලා තක්සේරු වාර්තාව කැබිනට්ටුවට

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

’’රෝග මඩින්න ව්‍යායාමත් ඖෂධයක්’’
2025 පෙබරවාරි මස 04 16 0

රෝග නිවාරණයේ දී ක්‍රීඩාව හා ව්‍යායාම ඖෂධයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


ලුණු ගෙන්වීමට පෞද්ගලික අංශයටත් අවසර
2025 පෙබරවාරි මස 04 17 0

පවතින ලුණු හිඟයට පිළියමක් ලෙස පෞද්ගලික අංශයටත් ලුණු ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට රජය පියවර ගෙන තිබේ.


සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාවේ ලොරි මඟඩියක්
2025 පෙබරවාරි මස 04 213 0

සමුපාකාර තොග වෙළද සංස්ථාවට අයත් ලොරි රථ 51න් 43ක්ම විකුණා ඇත්තේ ගැණුම්කරුවන් දෙදෙනකු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් ව


විද්‍යුත් දුම්වැටි තොගයක් කටුනායකදී මාට්ටු
2025 පෙබරවාරි මස 04 120 0

රුපියල් තිස් නව ලක්ෂ තිස් දහසක් වටිනා විද්‍යුත් දුම්වැටි 262 ක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගු


නිදහස් දින කතෝලික දේව මෙහෙයෙන්
2025 පෙබරවාරි මස 04 169 0

77වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් කතෝලික ආගමික දේවමෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දින බොරැල්ල සියලු සාස්තුවරයන්ග


ගම්පහ රණවිරු ස්මාරකය විවෘත කරයි
2025 පෙබරවාරි මස 04 528 0

තිස් වසරක යුද්ධය හේතුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් ගම්පහ නගරය මධ්‍යයේ ඉදිකරන ලද ’’ රණවිරු ස්මාරකය ’’ විශ්‍රාමික මේජර් ජෙනරාල් ජේ.ආර්.අම්පෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 83 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 748 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 731 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site