IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


බංගලා නොදුන් මැති ඇමැතීන්ට නඩු

(සුජිත් හේවාජුලිගේ)

රජයේ බංගලා ලබන 30 වැනිදාට පෙර බාර නොදුනහොත් නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලිපියක් යවමින් අද (15) දැනුම් දුන්නේය.

රජයේ බංගලා වහාම බාරදෙන ලෙස හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට සිහිකැඳවීම් කිහිපයක්ම කර ඇතත් අද (15) වන විට නිවාස භාරදී ඇත්තේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 11 දෙනකු පමණක් බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

හිටපු අමාත්‍යවරුන් රජයේ බංගලා බාරදීමේ ලොකු පසුබෑමක් දක්නට ලැබෙන බව අමාත්‍යාංශය පවසයි.

හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට කොළඹ 7 ප්‍රදේශයෙන් ලබාදී තිබූ බංගලා සංඛ්‍යාව 40 කි.මේ අනුව තවමත් බාර දී නැති බංගලා සංඛ්‍යාව 29කි.

මේ අතර අමාත්‍යවරුන්ට නිල නිවාස ලබාදීමේදී සියලු කරුණු සමාලෝචනය කර වියදම් අඩුවන ආකාරයේ අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

 



අදහස් (7)

බංගලා නොදුන් මැති ඇමැතීන්ට නඩු

ජගත් ලියනගේ Wednesday, 16 October 2024 08:46 AM

ඒ නොදුන්නු අය කවුද කියා රටට හෙලි කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මේ ගොල්ලන් පුදුම විදියට මහජන මුදල් අවභාවිතා කරලා තියෙන බවයි පේන්නේ... (ඇයි විදුලි සහ ජල බිල්පත් පවා ගෙවන්නේ රජයෙන්නේ). ඒ නිවාස පිහිටලා තියෙන්නේත් ලංකාවේ හොඳම ස්ථාන වල. උදා:- බෞද්ධාලොක මාවත සහ එයට සම්බන්ධ පාරවල්.

:       0       26

අරවින්ද මොනරවිල Wednesday, 16 October 2024 09:05 AM

මැති ඇමතිවරුන්ට නිළ නිවාස අවශ්‍ය නැහැ කියලා නේද කිව්වේ, කරුණාකරලා ඒ ප්‍රතිපත්තිය අනුගමනය කරන්න.

:       1       23

රම්බොඩ Wednesday, 16 October 2024 09:34 AM

වැරැද්ද කියන එක එයාලට සාමාන්‍ය දෙයක් වෙලා. ඒකයි මේ.

:       0       22

sukithak Wednesday, 16 October 2024 10:30 AM

මේ උදවිය බංගලා දේශෙට යවන්න.

:       0       22

Ugitha Wednesday, 16 October 2024 11:00 AM

රාජ්‍යය විසින් ඇමතිවරුන්ට නිල නිල නිවාස ලබා දී ඇති අතර, ඔවුන් තවදුරටත් බලය නොමැති විට ඔවුන් භාර නොදුන්නේ නම්, ඔවුන් ආපසු ගැනීමට රජයට උසාවියට ​​යා යුතුය. මොන විහිළුවක්ද.

:       0       21

ජනරළ Wednesday, 16 October 2024 01:00 PM

රටේ අහිංසක මිනිසුන් ව මොන විදියකින් හරි රවට්ටගෙන දිගටම රට කාගෙන කාගෙන ඉවරෙටම කන්න හිතන් හිටපු නිසා තමයි පහුගිය කාලේ දිගටම බලේ ඉන්නයි ආපහු අරහෙන් මෙහෙන් එක එක සන්ධාන හදාගෙන ආපහු බලයට එන්නයි දන්නා තරම් ලෝකේ තියෙන සියලු උප්පර වැට්ටි කලේ. ඇත්තටම මේ සෙට් එක වගේ මහම මහා කාලකන්නි දේශපාලන රැලක් ආසියාවේ නෙමෙයි, මුළු ලෝකේ කොහේ වත් රටක ඉන්නේ නැතුව ඇති. රට ඉස්සරහ තියෙන භයානක ණයබර තත්වේ අබ මල් රේණුවක තරම් වත් ගානකට ගන්නේ නැතුව පහුගිය කාලේ අත දිගඇරලා තමන්ගේ සැප ජීවිතේ ගෙනියන්න රටේ බදු මුදල් වියදම් කළා නේද? ඒ මදිවට තියෙන දේවලුත් තුට්ටුවට දෙකට විකුණලා ඒ සල්ලිත් කාලා විනාශ කරන්නනේ හැදුවේ. දැන් තියෙන්නේ පොදුවේ අධිකරණ නියෝගයක් අරන් රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙටම පේන්න ඇදලා එලියට දාන්නයි. තවත් දිගටම සෙල්ලම් නටන්න දෙන්න නරකයි...

:       0       2

fairoos Wednesday, 16 October 2024 01:42 PM

30 වෙනකම් ඉදී .මුන්ව ඇදලා එලියට දාන්න පොලිසියට බලය දෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහකුඹුක්කඩවල නිවෙසක දඩ මස් : ඡාවාරමා පැන යයි
2024 ඔක්තෝබර් මස 16 764 0

වන සතුන් දඩයම් කර විවිධ ප්‍රදේශ වලට මස් බෙදාහැරිමේ නිරත මහකුඹුක්කඩවල ජයරාජපුර ප්‍රදේශයේ මහා පරිමාණ ජාවාරම්කරුවකුගේ නිවසේ තිබූ මස් තොගයක් සිය බාරයට


ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි
2024 ඔක්තෝබර් මස 16 910 1

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්


යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා
2024 ඔක්තෝබර් මස 16 1135 0

යුද ගැටුම් නිසා ඇති වන අහිතකර බලපෑම සහ අමිහිරි මතක සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක ඇති සුව කිරීමේ බලයද අත් දැක තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයි


යාන් ඔය රක්ෂිතයේ හෝටලයක් හදන්න හෙළි කළ පිරිසක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 16 657 2

සීගිරිය සහ පිදුරංගල පව්වේ සිට මීටර් හාරසීයක් පමණ දුරකින් පිහිටා ඇති යාන් ඔය දෙපස අධි පරිසර සංවේදී අභයභූමි රක්ෂිතයේ සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා වනය හ


ලංකාවට ඖෂධ හදන්න කියුබාවේ අවධානය
2024 ඔක්තෝබර් මස 16 1413 4

⁣ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබා රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අග්‍රාමා


ඉන්දීය මගී ගුවන් යානා10 කට බෝම්බ තර්ජන
2024 ඔක්තෝබර් මස 16 2190 0

ගත වූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 523 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 473 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1492 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site