(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
මෙම හමුවේදී මහ කොමසාරිස්වරයා විසින් බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යුනුස් මහතාගේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත පිරිනැමුවෙිය.
බංග්ලාදේශයේ ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීම සහ එහි සේවය කරන සැලකිය යුතු තරම් වූ ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය පිළිබඳව ද මෙහි දී විශේෂයෙන් සාකච්ඡා කෙරුණු අතර දෙරට අතර වන ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.
එසේම වෙළෙඳ සහ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම අරමුණු කරගෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින වරණීය වෙළෙඳ ගිවිසුම (PTA) ශක්තිමත් කර ගැනීම සඳහා කටයුතු කරන බවට ද ජනාධිපතිවරයා සහ මහ කොමසාරිස්වරයා මෙම සාකච්ඡාවේදී සහතික වූහ.
ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.
වේදනාකාරී ආර්ථික අර්බුදයකට පසුව බලාපොරොත්තු වූවාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරත්වය කරා ගමන් කර ඇතත් තවමත් මෙරට ආර්ථිකයට ඇති අවදානම පහ
හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී අනූප පැස්කුවල් මහතා නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය ප
රාජ්‍ය ලාංඡනය සහිත කැබ් රථයක් ඉකුත් සිකුරාදා සිට හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරය අසල අත හැර දමා ගොස් තිබියදී සොයා ගත් බව එම රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර
හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විදේශ ගමන් තහනමක් අද (10) පැනව
ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
අරවින්ද මොනරවිල Thursday, 10 October 2024 06:17 PM
අපිට අමාරු වු වෙලාවේ අත මාරුවක් දුන්න අපේ දුප්පත් අසල්වැසියා.