IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


බීඑම් ඩබ්ලිව් රියක් මුලින්ම සුපිරි මගේ

කටුනායක අධිවේගී මාර්ගයේ මුලින්ම ගමන් කිරීමේ අවස්ථාව හිමි වූයේ කෝට්ටේ ප්‍රදේශයේ ඉංජිනේරුවකුගේ බීඑම්ඩබ්ලිව් කාරයටයි.

ඔහු පස්වරු හයට පිවිසුම් ටිකට්පත ගන්නා විට තවත් වාහන සියයක් පමණ පිටුපසින් තිබිණි.

මෙම මාර්ගයේ රාජකාරි සඳහා පොලිසියේ 188 දෙනෙක් පමණ කැඳවනු ලැබ සිටිති.

සුපිරි මගේ ආරක්ෂක ඇමරා 55ක් ද, විශේෂ දුරකතන පණිවුඩ ක්‍රමයක් ද ස්ථාපිත කර ඇත.

පාසල් 25ක තූර්ය වාදක කණ්ඩායම් විවෘත කිරීමේ උළෙල වර්ණවත් කළ අතර මුල්ම දුරකතන ඇමතුමට පිළිතුරු දෙමින් ජනපති දුරකතන පද්ධතිය විවෘත කළේය.



අදහස් (0)

බීඑම් ඩබ්ලිව් රියක් මුලින්ම සුපිරි මගේ

සමගි Monday, 28 October 2013 10:34 AM

යුද්දයෙන් පසු අපේ රටට ආධාර ගලා ගෙන එනවා . එම ආධාර දෙන රටවලට ස්තුති වන්ත වේවා. එම ආධාර නිසි ලෙස නිසි තැන් වලට යෙදවීමට පාලක පක්ෂයට සිත් සතන් පහල වේවා. (ස)

:       0       0

චමත් Tuesday, 29 October 2013 09:03 PM

පළමුවැනි කාරය ජපන් වාහනයක් නොවීම ගැන කණගාටු වෙමි. (නි)

:       0       0

අනුර Sunday, 27 October 2013 08:37 PM

මධු, ඔබගේ ආර්ය සිංහල ගති පෙනෙනවා, හොදින්ම කකුලෙන් අදින නිසා (නි)

:       0       0

විකී Monday, 28 October 2013 04:03 PM

ආනන්ද කිවුව එක ඇත්ත (නි)

:       0       0

සිරිපාල Sunday, 27 October 2013 08:45 PM

අනේ විදුලි දුම්රිය නම් නැතිවුණාට කමක් නැහැ, තියෙන කෝච්චි ටික වෙලාවට දුවවන්න. (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Monday, 28 October 2013 11:13 AM

ගොඩක් හොඳ වැඩක්. ඒත් අනේ මම නම් මේ දවස් වල කල්පනා කර කර ඉන්නේ මෙදා පාර බජට් එකෙන් අපේ බඩට කොර වෙන්න ගහයිද? ඉදිමෙන්න ගහයිද? උඩ යන්න ගහයිද කියලා. (ස)

:       0       0

රිස්වාන් Monday, 28 October 2013 04:21 PM

මොහොමඩ් සිද්දික්, බොරුනම් දාගෙන නිකන් මෝඩ අදහස් දාන්න එපා (නි)

:       0       0

සමන් Monday, 28 October 2013 11:10 PM

මංජුල,ශානි දැන් කොහෙද නිදහස් අධ්‍යාපනයක්? නිදහස් අධ්‍යාපනය යනු වචනයක් විතරයි !!! (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 27 October 2013 09:20 PM

ලංකාවේ අයගේ සතුට චීනයේ අය‍ගේ අමන්දානන්දයට හේතු වනු නිසැකයි (නි)

:       0       0

දිලිප් Monday, 28 October 2013 11:48 AM

අයියෝ! බටහිරයන්ගේ වාහනයකද ගියේ? (නි)

:       0       0

නදීක් Monday, 28 October 2013 11:51 AM

අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට ගොඩක් ආඩම්බර වෙන්න ඕනෑ අපේ රට දැන් තිබෙන තැන ගැන. (නි)

:       0       0

ලාල් Monday, 28 October 2013 11:53 AM

මගේ වාහනේ යන්නෙත් ඔය පාරේ තමයි..අපේ රටට ජය වේවා!!! (ස)

:       0       0

මහේෂ් Monday, 28 October 2013 11:56 AM

වෙනත් රටවලත් සෞඛ්‍ය අධ්‍යාපනය නොමිලේ දෙන බව අපි දන්නවා. නොදන්නා අයව මෝඩයෝ කරන්න හදන්න එපා. (ස)

:       0       0

කමලා Sunday, 27 October 2013 09:32 PM

බදු අඩුකර ජනතාවට සහනයක් දෙන්නේ කවදාද ? බඩු මිල අඩුකරනු !!!! (නි)

:       0       0

විජිත් Sunday, 27 October 2013 09:35 PM

පාරවල් හදන්න ණය ගන්න එක හොද අාදායම් මාර්ගයක්. (නි)

:       0       0

ගමගේ Sunday, 27 October 2013 09:37 PM

කැසිනෝ ගහලා මේ පාරේම යන්න පුලුවන් කුරුල්ලා වගේ ! (නි)

:       0       0

සුමනා Sunday, 27 October 2013 09:39 PM

මේ ණය ගෙවන්නේ අපිනේ (නි)

:       0       0

ආනන්ද Sunday, 27 October 2013 09:42 PM

මම අවරුදු 25 ක් ම ඩුබායි වල වැඩ කරන්නේ. මෙහෙ තිබෙන මෙට්‍රෝ දුම්රියේ යනකොට හිතෙනවා අපේ ලංකාවටත් මේ වගේ තිබෙනවා නම් කොච්චර වටිනවද කියලා. ජනතාවට විශාල පහසුවක් ගමනාගමනය. (නි)

:       0       0

මිගිද Sunday, 27 October 2013 10:11 PM

අපේ මිනිස්සු නිකං මුලාවෙනවා.අප‍ ප්‍රශ්න යටගහනවා. (නි)

:       0       0

සමන් Sunday, 27 October 2013 10:19 PM

මැරෙනකන් නය ගෙවමු !! (අ)

:       0       0

සරත් Monday, 28 October 2013 12:44 PM

හොදයි. ඊට අනුබද්ධ යෝජිත ආයෝජන කලාපත් ඇතිකළා නම් තවත් හොදයි. (නි)

:       0       0

ශිරෝ Monday, 28 October 2013 12:44 PM

සල්ලි තියෙන හොඳ වාහන තිබෙන අය මේ මාර්ගය පාවිච්චි කරනකොට, අනෙක් පාරේ වාහන තදබදය අඩුවෙනවනේ. එතකොට කාටත් හොදයිනේ. හැමෝටම කරදරයක් නැතුව යන්න පුළුවන්. (නි)

:       0       0

මධු Sunday, 27 October 2013 10:59 PM

මගේ රටට දළදා හිමි සරණයි! (නි)

:       0       0

ප්‍රියානි Tuesday, 29 October 2013 12:03 PM

ස්තූතියි කැලුම් අපිට අඩම්බරයි. (ස)

:       0       0

වින් Sunday, 27 October 2013 11:00 PM

බදු බර අඩු කළා නම් හැමෝටම අලුත් වාහන වල යන්න තිබුනා (නි)

:       0       0

සුනිල් හොරගල Sunday, 27 October 2013 11:08 PM

ඉවසන්න සහෝදරවරුනි, ඔබටත් වාසනාව තිබෙනවා.හොඳ දෙයට හොඳයි කියමු.සුබවාදීව දකිමු හොඳ දේ.අපේ ලංකාව ආශ්චර්යමත් රටක් වේවා. (නි)

:       0       0

බණ්ඩා Sunday, 27 October 2013 11:16 PM

මගේ කාර් එකට මේ පාරේ යන්න දුන්නේ නැහැනේ (නි)

:       0       0

ඇලෙක්ස් රොහාන් ජපානය Sunday, 27 October 2013 11:24 PM

මගේ වාහනය මෙහෙ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 125 ක් විතර වෙනවා (නි)

:       0       0

ස්ටැන්ලි Monday, 28 October 2013 01:12 PM

අපි පොඩි කාලේ රේඩියෝ එකක් ශීතකරණයක් ඇරුනු කොට රුපවාහිනී / ජංගම දුරකථන / පරිඝනක / ටැබ්ලට් / නවීන යාන වාහන / නවීන තාක්ෂණික උපකරණ / අන්තර්ජාලය වැනි දේවල් ලංකාවේ තිබුනේ නැහැ. නමුත් අද දියුණු රටවල්වල තරමටම හැම ක්ෂේත්‍රයම දියුණු වෙලා. ලංකාව නිකම්ම හිටියා නම් මේ දේවල් අපිට මෙහෙම ලැබෙන්නේ නැහැ. හිටපු රජයන් මෙන්ම රජයත් ලංකාවේ මිනිස්සුත් එකට වැඩ කරපු නිසා සහ වැඩ කරන නිසා අපි මේවා භුක්ති විදින්නේ. අපි දුප්පත් කියල නිකම් ඉඳල මේවා ලඟා කරගන්න බැහැ. ලංකාවේ මිනිසුන්ගේ උගත් කම උත්සාහය නිසා දියුණුව කරා යන්න හැකිවෙලා තියෙනවා. මේවා වෙන අතරේ අර පරණ තාලෙට හැම දේකම වැරැද්ද පමණක් දකින අයත් ඉන්නවා. (ස)

:       0       0

පෙත්තා Sunday, 27 October 2013 11:35 PM

හෙහ්...මොරිස් මයිනර් එකෙන්...?බය හිතුනේ නැද්ද? (නි)

:       0       0

මංජුල අබු ඩාබි සිට Monday, 28 October 2013 01:16 PM

මහේෂ්, ඔයා මෝඩයි කියලා පේනවා ප්‍රකාශයෙන්ම, ලංකාවේ වගේ සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම් දෙන වෙන රටක් කියනවද අපිටත් ගිහින් පදිංචි වෙන්න පුලුවන්ද බලන්න. මම මේ වැඩ කරන ආයතනයේ රටවල් 22ක මිනිස්සු වැඩ කරනවා. එයින් රටවල් බොහොමයක පිරිස සමග මම කතා කරලා තියෙනවා. බහු තරය ආසියාතිකයින්. ඔවුන් පුදුම වෙනවා අපිට මෙහෙම දේවල් තියෙනවා කියලා. ඔවුන් අහනවා මෙහෙම හැම දේම නිකන් දෙනකොට උඹලගේ රට දියුණුවෙන්නේ කොහොමද කියලා. (ස)

:       0       0

අජිත් Monday, 28 October 2013 01:18 PM

මහේෂ්..නොමිලේ දෙන්නේ බදු ගහල අයකර ගෙන බවත් අමතක කරන එපා. (ස)

:       0       0

ජිම් පප්පා Sunday, 27 October 2013 11:47 PM

චානක මල්ලි, චීනයේ සල්ලි වලින්. චීනය අපිට ආදරෙයි කියනවා නේ.තව ටික කලකින් අපිත් චීනයේ. (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 27 October 2013 11:48 PM

මගේ රට ගැන ආඩම්බරයි. මගේ රටට දළදා හිමි සරණයි....!!! (නි)

:       0       0

චමත් (ඉතාලිය) Monday, 28 October 2013 12:12 AM

ආරියසේන,සතුටු වෙන්න දියුණුව බලලා. ඔයාලා වගේ අය රටේ දියුණුවට මෙහෙම කියනවා නම් කෙනෙකුගේ දියුණුවකට මොනවා කියයිද? (නි)

:       0       0

ප්‍රදීප් Monday, 28 October 2013 01:23 AM

පින් පවු අනුව සැප ලැබේ. පින් කළ ඇත්තෝ සැපවාහන වල ගියාට කම්පා නොවන්න. පෙරුම්පුරා ලබන ආත්මෙදි බී. එම්.ඩබ්ලිව්. එකක යාමට හිත හදාගන්න.පාරක් දියුණු වීම මුළු රටටම දියුණුවක් බව සිතන්න. (නි)

:       0       0

චන්දිම Monday, 28 October 2013 02:10 AM

ලංකාවේ මිනිස්සුන්ට මොනවා වෙලාද මන්දා. කොහේ ගියත් අඬන්න දෙයක් හොයාගන අඬන එකමයි කරන්නේ. පුදුමාකාර අවාසනාවන්ත මිනිස්සු ජාතියක්. (නි)

:       0       0

ජනක් Monday, 28 October 2013 01:49 PM

යුද්ධයෙන් පසු රටට ලැබෙන ආධාර හුඟක් ණය ආධාරයි. ඒවා නිසි ලෙස රටේ අවශ්‍යතාවයන් උදෙසා යොදන්නේ නම් ජාතියක් වශයෙන් නිසි ඵල ලබාගන්න පුළුවන්. (නි)

:       0       0

ප්‍රිය Monday, 28 October 2013 02:20 AM

රටක් සංවර්ධනය වෙන එක හොදයි. එහෙත් රටේ මිනිස්සු සතුටින් ඉන්න එකත් බලන්න ඕනෑ. මිනිස්සුන්ට රට අැතුලේදීම රැකියා අවස්ථා ඇතිකර දෙන්න (නි)

:       0       0

ගාමිණී කුවෙයිට් සිට Monday, 28 October 2013 02:30 AM

කෝ මේ ඩුබායි තිලක්ගේ ‍ෆෙරාරි එක?මගදි හුළං බැස්සද? ගෑස් ඉවරවෙලා තවම තල්ලු කරගෙන එනවද? දැන් ආවට වැඩක් නැහැ. අතුලගෙ පරණ මොරිස් මයිනර් එකත් ගියා ගාටගාට. (නි)

:       0       0

චමින්ද Monday, 28 October 2013 06:19 PM

ඇලෙක්ස් රොහාන් ජපානය,ඔබ පළකළ අදහස දුටු විගස මාගේ කටට අදහස් සියයක් පමණ ගලා ගෙන ආවේය. නමුත් ඒ කිසිවක් මම මෙතන නොකියමි. කිව්වයි කියලා හිතාගන්න. (නි)

:       0       0

අතුල කොලොන්න Monday, 28 October 2013 03:36 AM

කැරවන් එකට යන්න විනාඩි 20 න් බැරි වෙයි. (නි)

:       0       0

චේ Monday, 28 October 2013 04:29 AM

පාර හදලා තියෙන්නේ වාහන යන්න. ඒක මොනවා වුණත් මොකෝ? (නි)

:       0       0

ඩෙන්සිල් Monday, 28 October 2013 04:30 AM

මාර්ග පද්ධති දියුණු කරන එක හරි.නමුත් ලංකාව ලෝකය ඉදිරියේ ණය ගෙවීමේ අවදානම් රටක් විදියට නම් කරලා බව රටේ ජනතාව සිහි තබා ගැනීම කළ යුතු වනවා (නි)

:       0       0

මොහොමඩ් සිද්ධීක් Monday, 28 October 2013 02:14 PM

මේකේ අදහස් දාල තියෙන ඔක්කොමලා, සිංහල අය වාගේම පිටරටවල ඉන්න අයයි.එවන් අයට මොකටද ඉතින් ලංකාව ගැන කැක්කුමක්? නිකන් ඔහෙටම වෙලා ඉනකෝ, ලංකාව මුස්ලිම්කරණය සහ දෙමලකරණය කරගෙන අපි වාසය කරන්නම්කො. (ස)

:       0       0

සමන්ති Monday, 28 October 2013 06:05 AM

ලද දෙයින් සතුටු වන්න. අදීන වෙන්න. අනුන්ගෙන් ලැබෙනතුරු ඉන්න එපා.උත්සාහවන්ත වෙන්න. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 28 October 2013 06:38 AM

තවත් පිවිසුම් ස්ථාන තිබෙනවානේ? (නි)

:       0       0

ජිලෝ Monday, 28 October 2013 02:46 PM

හිගන්නන්ට කොහෙන්ද උණු බත්? (නි)

:       0       0

බණ්ඩාර Monday, 28 October 2013 07:20 AM

ණය නොවී රටක් හදන්න බැහැ. ඇමරිකාවත් කොච්චර ණයද? (නි)

:       0       0

අමිල කටුනායක Monday, 28 October 2013 07:40 AM

අද උදේ කොළඹ පාරේ වාහන හරි අඩුයි. කරදරයක් නැතුව ආවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 28 October 2013 07:48 AM

ඩුබායි තිලක් ලංකාදීපයේ එසැණ බසයට නගින්න එන්නේ නැහැ. (නි)

:       0       0

ලයනල් Monday, 28 October 2013 07:59 AM

බුද්ධිමත් ජනතාව මේවට පිළිතුරු දෙන්නේ කොහොමද? (නි)

:       0       0

ගයෝමි Monday, 28 October 2013 08:05 AM

මෙවන් වූ ලොකු ඇමති මණ්ඩලයක් නඩත්තු කරන්න විශාල මුදලක් වැය වෙනවා. බැරිද මේ ටික අඩුකරලා ඒ එන මුදලෙන් රටේ ණය ටික ගෙවලා දාන්න. ජනතාවට සහනයක් දෙන්න. (නි)

:       0       0

නිල්මිණි Monday, 28 October 2013 08:32 AM

නැව ගිලුනත් බෑන් චුන් ලංකාවේ කට්ටියට (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Monday, 28 October 2013 08:42 AM

දැන් ඉතින් කැසිනෝ ඉක්මනට පටන් ගන්නකෝ!!! (නි)

:       0       0

ශානි Monday, 28 October 2013 03:10 PM

මංජුල ඔබ හරි .අපේ වගේ නිදහස් අධ්‍යාපනය දෙන රටක් ලෝකේ කොහෙවත් නැ.අපි අපේ රටට ණය ගැතියි. (ස)

:       0       0

සරත් වනසිංහ Monday, 28 October 2013 09:18 AM

හොඳ දෙයට හොඳයි කියන්න බැරි කියන්නේ කුහක කමට .ඒක නිසා අපි අවංකව රටට ආදරේ කරන මිනිස්සු වගේ මේකට සතුටු වෙමු .එකට සතුටු වෙන්න පක්ෂයක් ඕනේ නෑ. අපි ලංකාවේ පුරවැසියෝ නිසා සතුටු වෙමු. (ස)

:       0       0

චින්තක පෙරේරා Monday, 28 October 2013 09:18 AM

මෙවැනි සිහින මහ පොළොවට ගෙන ආ විට ජාතියේ මිතුරන් හා ජාති ද්‍රෝහීන් කවුදැයි පැහැදිලිව හඳුනා ගත හැකියි. ජාතියේ මිතුරන් එහි ප්‍රයෝජන, වාසි, එය භාවිතා කර තමා සහ අනුන් මෙන්ම රට දියුණු වන හැටි දකින අතර ජාති ද්‍රෝහීන් එහි ණය බර, තමන්ට නොලැබීම, අනුන්ට ලැබීමේ ඊර්ෂ්‍යාව ප්‍රදර්ශනය කරයි. සිංහල මිනිස්සු ජාතියක් හැටියට එකමුතු වී හැමදේම "සිංහල මිනිසාගේ දියුණුව" යන කෝණයෙන් බැලුවේ නැති නම් ලංකාව සිංහලයාට අහිමි වීම අපේ ජීවිත කාලයේදීම දැක බලාගන්න පුළුවන්..... එතකොට ජාති හිතෛෂී, ජාති ද්‍රෝහී සියලු දෙනාම පරක්කු වැඩියි...!!! (ස)

:       0       0

මධු Sunday, 27 October 2013 07:08 PM

මං හිතුවා ලැම්බෝගිනියක් කියලා. (නි)

:       0       0

ශානි Monday, 28 October 2013 03:13 PM

මහේෂ් ,කිසිම දියුණු රටක් කිසිම දෙයක් නොමිලයේ දෙන්නේ නැහැ. (නි)

:       0       0

රාහුල Sunday, 27 October 2013 07:16 PM

අපිට විදුලි දුම්රිය හඳුන්වා දෙන්න. කාට ණය වුණත් කමක් නැහැ. (නි)

:       0       0

නිෂාන් Monday, 28 October 2013 09:34 AM

ඇලෙක්ස් රොහාන්, නිකන් නයි නටවන්න හදන්න එපා. ඔයාගේ වාහනේ මිල ඇහුවේ නැහැනේ කවුරුවත්. (ස)

:       0       0

ආරියසේන Sunday, 27 October 2013 07:19 PM

සැප වාහන වලට සැපෙන් ගොස් ඉක්මනින් කටුනායකට ළඟා විය හැකිය. සැපවාහන ලද්දෝ පින් ලද ඇත්තෝ වෙමු. (නි)

:       0       0

සේනාදීර Monday, 28 October 2013 09:42 AM

ඩෙන්සිල්..කොහෙද එහෙම අවදානමක් ගැන කියල තියෙන්නේ. නිකන් හිතළු ඇත්ත වගේ කියන්න එපා. (ස)

:       0       0

චන්දි Sunday, 27 October 2013 07:24 PM

මගේ රට සව්සිරියෙන් බැබළේවා...!!! (නි)

:       0       0

ජීවක Sunday, 27 October 2013 07:38 PM

අනේ මගේ වාහනයට තැනක් නැහැ වගේ (නි)

:       0       0

ඉබ්හාල් Sunday, 27 October 2013 07:49 PM

බී ඒම් ඩබ්ලිව් හිමි ඉංජිනේරුවෙකුට පළමුව යාමට ලැබීම ගැන ඉංජිනේරුවෙකු වශෙයෙන් ආඩම්බර වෙමි (නි)

:       0       0

දෙව්මිණි Monday, 28 October 2013 03:42 PM

ඉංජිනේරුවෙකුට බී ඒම් ඩබ්ලිව් එකක් හිමි වීම ගැන ඉංජිනේරුවෙකු වශෙයෙන් ආඩම්බර වෙමි. (ස)

:       0       0

තුෂාර Sunday, 27 October 2013 07:59 PM

අනේ අපි වගේ අහිංසක ත්‍රීරෝදකාරයෝ කොහේ යන්නද ? ඒත් අපිත් රටේ ණය ගෙවන්න ඕනෑ (නි)

:       0       0

චානක Sunday, 27 October 2013 08:04 PM

රටේ පාරවල් හදන එක ගැන ගොඩාක් සතුටුයි,ඒත් තිබෙන ප්‍රශ්නය මේවා හදන්නේ අපිම හම්බ කළ සල්ලි වලින්ද කියන එකයි. (නි)

:       0       0

අරුණ Sunday, 27 October 2013 08:12 PM

ගණන තමයි සැර (නි)

:       0       0

අතුල Sunday, 27 October 2013 08:12 PM

මමත් මගේ පරණ මොරිස් මයිනර් එකෙන් ගියා අන්තිමට (නි)

:       0       0

මංජුල අබු ඩාබි සිට Monday, 28 October 2013 10:29 AM

හොඳ වෙලාවට සිංහල ලියන්න කියවන්න පුළුවන් ලංකාවේ අයට විතරයි. බැරි වෙලාවත් සිංහල ජාත්‍යන්තර භාෂාවක් උනා නම් විජාතිකයෝ අපිට හිනාවෙනවා. අපේ තියෙන දීන සහ කුහක කම් වලට. තවමත් අපිට ජාතියක් රටක් හැටියට හිතන්න බැරිවීම පිලිබඳ මගේ කණගාටුව. බොහෝදෙනා ණයවෙලා කරන සංවර්ධනය ගැන කතාකරනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී නොමිලේ ලබාදෙන දේවල්වලට රට ණයවෙන එක ගැන කතා කරන්නේ නැහැ. සමහර කැට හොල්ලල රතු කමීස අදින සහෝදරයෝ හැම දාම ජනතාවට කියන්නේ ආණ්ඩුව උඹලට කරන්නේ නැහැ. උන් සැප විඳිනවා කියලා. හැබැයි උන් ජනතාවට කියන්නේ සහන ඉල්ලාපන් කියලා. සහනාධාර මතය පෙන ජන විඥානයක් හැදුවම උන් හිතන්නේ උන් දිනුම් කියලා. හැබැයි ජනතාව දිනවන්න කොයි කවුරුත් උත්සහ කරන්නේ නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4451 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


හගුරංකෙත සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 0 0


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 30 0


රත්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 38 0


මාවනැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 69 0


නාත්තන්ඩිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 122 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14696 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 127 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site