පසේ හා ජලයේ බැක්ටීරියාවක් මගින් බෝවෙන වියට්නාම් කාල බෝම්බය හෙවත් මෙලියොයිඩෝසිස් රෝගය ශ්‍රී ලංකාවේ කිහිප දෙනකුට වැළඳී ඇතැයි මහනුවර රෝහලේ ක්ෂුද්‍ර ජීව ඒකකයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය මුදිත අබේකෝන් පවසයි. 2003 වර්ෂයේ පටන් මේ රෝගයට ගොදුරුවූ කිහිප දෙනකු ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වී ඇතත් මාසයකදී මහනුවර රෝහලෙන් පමණක් රෝගීන් හතරදෙනකු වාර්තා වී ඉන් දෙදෙනක් (සෙබළෙක් හා ගොවියෙක්) මරුමුවට පත්වූහ.
1912 වර්ෂයේ ලෝකයේ මුල්වරට මේ රෝගය වාර්තා වී තිබේ. බක්හෝල්ඬේරියා සියුඩෝවාලේයි නම් බැක්ටීරියාවක් ශරීරගතවීමෙන් මේ රෝගය හටගනී.
වියට්නාම් යුද්ධයට සහභාගී වූ ඇමරිකා සෙබළු 300 ට වැඩි පිරිසක් 1973 හදිසියේම රෝගාතුරවී මිය යාමත් සමගම ඒ පිළිබඳ පර්යේෂණ කළ ඇමරිකා විශේෂඥයින් කියා සිටියේ මෙලියොයිඩෝසිස් නැමැති රෝගය හේතුවෙන් ඔවුන් මිය යන බවයි. එම රෝග කාරක බැක්ටීරියාව වියට්නාමයේදී සෙබළුන්ගේ ශරිරයට ඇතුළු වී වසර කිහිපයකට පසු ඔවුන් රෝගාතුරවූ බවද පර්යේෂණ වලින් තහවුරු විය. එතැන් පටන් මෙම රෝගය වියට්නාම් කාල බෝම්බය යනුවෙන් ව්‍යවහාර වන්නට විය. ඉන් පෙර ඉන්දු චීන දේශසීමාවේ සටන් සඳහා පැමිණි ප‍්‍රංශ සෙබළු සියයකට අධික සංඛ්‍යාවක් ද මේ රෝගයට ගොදුරුව තිබිණි. ඒ අනුව ලොව පුරා පර්යේෂකයන් පවසන්නේ යුද්ධය හා මේ රෝගය අතර යම් සම්බන්ධයක් තිබිය හැකි බවයි.
වෛද්‍ය අබේකෝන් මහතා මෙසේ කීවේය.
අපි දන්නා තරමින් මේ බැක්ටීරියාව පසෙහි සහ ජලයේ ජීවත් වනවා. දැනට ලෝකයේ සිදුවූ පර්යේෂණ අනුව යුද්ධයක් පවතින අවස්ථාවේ විශාල ප‍්‍රමාණයෙන් බෝම්බ වැටීම සමග පස කැළඹී දුහුවිලි වළාවන් හටගන්නවා. එවිට පසෙහි සිටින මේ බැක්ටීරියා යුද සෙබළුන්ගේ ශරීරගතවිය හැකියි. ඒ වගේම කෘෂිකාර්මික ප‍්‍රදේශයේදී ජලය සමග ශරීරගත වනවා.
ඔහු පවසන්නේ යුද්ධයක් පැවති කෘෂිකාර්මික රටක් වන ශී‍්‍ර ලංකාවේ වියට්නාම් කාල බෝම්බය නමැති මේ රෝගය පැතිරයාමේ අවධානමක් පවතින බවයි. පසුගිය මාසයක කාලයේදී මහනුවර රෝහලින් පමණක් එවැනි රෝගීන් හතර දෙනකු වාර්තාවී ඇති බැවින් රෝගය පිළිබඳ සියළු ප‍්‍රදේශවල වෛද්‍යවරු අවධානයෙන් පසුවිය යුතු බව ද හෙතෙම පෙන්වා දෙයි.
අග්නිදිග ආසියාවේ ඇතැම් ප‍්‍රදේශ, චීනය, ඕස්ටේ‍්‍රලියාව කැරිබියන් දූපත්, දකුණු ඇමරිකාව, සිංගප්පූරුව, තායිවානය, මැද පෙරදිග රටවල් මෙම බැක්ටීරියාවේ නිජ භූමි වූ අතර , බටහිර අපි‍්‍රකානු රටවල්, ඇමරිකා එක්සත් ජනපදය, දකුණු ඇමරිකාව, යුරෝපය සහ ඉන්දියාව යන රටවලට ජන සංක‍්‍රමණයත් සමග රෝග කාරක බැක්ටීරියාව ඇතුළුවී තිබෙන බව පර්යේෂණ වලින් තහවුරු වී තිබේ.
වෛද්‍ය අබේකෝන් පවසන්නේ බැක්ටීරියාව ශරීරගත වී පැය විසිහතරේ සිට වසර කිහිපයක් දක්වා කාලයේදී මෙය ශරීරය ආසාදනයට ලක්කරන බවයි. දිගින් දිගටම පවතින තද උණ, තදබල කැස්ස සහ නොනවතින තද බල හිසරදය මෙහි රෝග ලක්ෂණ වන බව ද වෛද්‍යවරයා පවසයි.
”මෙහි තිබෙන භයානකම තත්ත්වය තමයි අක්මාව, ප්ලීහාව සහ වකුගඩු ආසාදනය වී සැරව ගෙඩි හටගැනීම. උණ ඇතිවී මාසයක විතර කාලයක් ඇතුළත මෙය සිදුවිය හැකියි. සැරව ගෙඩි හටගැනීමෙන් රුධිරයට විෂ බීජ ඇතුළු වී රෝගියා මරණයට පත්වනවා.”
මහනුවර රෝහලේ ක්ෂුද්‍ර ජීවවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය පංකජා කළුකෝට්ටගේ මහත්මිය මෙසේ කීවාය.
”මේ රෝගය පිළිබඳ විශාල වශයෙන් බිය විය යුතු නැහැ. එහි ඉතිහාසය පිරික්සා බැලීමේදී තරුණයන් මෙයට ගොදුරුවීමේ ප‍්‍රවණතාවක් තිබෙනවා. රෝගය සඳහා නිසි ප‍්‍රතිකාර ක‍්‍රමයක් තිබෙන නිසා මාරාන්තික රෝගයක් වුවත් සුවකැරගන්න පුළුවන්. අවශ්‍ය වන්නේ දිගින් දිගටම පවතින තදබල උණ සහ හිසරදය වගේම පපුවේ වෙදනාවත් තිබේනම් වෛද්‍යවරයකු හමුවී ඉක්මණින් ප‍්‍රතිකාර ගැනීමයි. ප‍්‍රතිකාරවලට යොමුවිම පමා වුවහොත් භයානක තත්ත්වයකට ගොදුරු වීමට ඉඩ තිබෙනවා”
රෝගියකුගෙන් තවත් රෝගියකුට හෝ සතකුගෙන් මිනිසාට හෝ බෝ නොවන මේ රෝගයට ශී‍්‍ර ලංකාවේ ජනතාව ගොදුරුවීමේ අවදානමක් ඇති බැවින් වෛද්‍යවරුන් පවසන්නේ යුද්ධයට සහභාගී වූ සෙබළුන් කෙරෙහි වැඩි අවධානයකින් පසුවීම කළ යුතු බවයි.
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බැක්ටීරියාවක් තව ලෙඩක් දමයි
ලෙස්ලි Friday, 16 December 2011 01:47 AM
අපේ වීරයෝ...
සම්පත්.DQ Friday, 16 December 2011 07:24 PM
අලි මදිවට හරක් කිව්වලු