IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


බකමූණේ කතක කපා කොටා මරලා

බකමූණ පොල් අතු වාඩියේ ගෙදරක නිදා සිටි කතුන් දෙදෙනෙකු (65,55) කපා කොටා එක් අයෙකු මරා දමා ඇතැයි පොලීසිය කියයි.

අනෙක් කත බරපතල තත්වයෙන් දඹුල්ල රෝහලට මාරු කරනු ලැබ සිටී.

මේ දෙදෙනා පමණක් ගෙදර සිටි බව කියති. 

 



අදහස් (0)

බකමූණේ කතක කපා කොටා මරලා

චන්දි Thursday, 21 November 2013 10:56 PM

මොකද ,චමත් හැම තැනදීම ඔහොම කියන්නේ...? මිනි මරණ එක හොදයි, දඩුවමක් ගැන කියන එක පව් ., අනේ ඔයාගේ බණ..!! (අ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 22 November 2013 09:30 PM

ජයවර්ධන,ඔබගේ අදහසට 100% ක්ම එකගයි. ඒ අතින් මේ රටවල් මොනතරම් හොදද?දෙවියනේ කියලා රෑ 12 ට වුණත් ලස්සන ගෑනු ළමයකුට රත්තරන් කිලෝ එකක් බදාගෙන වුණත් තනියම යන්න පුළුවන්.මේ රටවල මිනිසුන් මොනතරම් වාසනාවන්තද? (නි)

:       0       0

රූපවතී Saturday, 23 November 2013 09:46 AM

ඔව් චමත් ඉතාලිය, අපිත් ඒ මිනීමරුවන් නිසා සිය වරක් හදවතින් මිනී මරුවෙක් වෙනවා. ඉවසීම නැති වෙනවා මේවා දැක්කම. සමාවෙන්න, ඒත් එල්ලුම් ගහනම් ඕනේ මයි, මම රටේ ජනපතිකමට පත් උනොත් මම ජනතාවට සේවයට වාර්තා කරන්නේ එල්ලුම් ගහට අත්සන් කරලයි. අවරුදු 100 කට කිසිම කෙනෙක්ට වෙනස් කරන්න බැරි විදියටයි ඒක කරන්නේ.(නදී)

:       0       0

නුවන් Thursday, 21 November 2013 01:45 PM

පාන්දර මේවා දැක්කම අදහස් අමතක වෙනවා .(නදී)

:       0       0

අමිල - කටුනායක Thursday, 21 November 2013 09:21 AM

කොටකෙතන සිටිය උන් පොල් අතු වාඩියට පැනලද?? (ස)

:       0       0

නීලා Thursday, 21 November 2013 01:57 PM

අනේ මෙහෙම ලංකාවක්, මිනිසුනි ලැබේද මින් සැනසීමක්. (ස)

:       0       0

රූපවතී Thursday, 21 November 2013 05:03 PM

ඔය මිනී මරුවෝ අල්ලාගෙන කවන්න ඕනෑ මරපු කෙනාගේ මස් එතනම තියාගෙන, නැතුව මේක අවසන් වෙන දෙයක් නෙමෙයි. හැමදාම මරනවා, මරනවා...අපිට නිවාඩුවකට ලංකාවේ සහෝදරයින් නෑදෑයින් බලන්නවත් යන්න බයයි.මැරෙනවා අපිත් දවසක.ඒත් මෙහෙම මිනිසුන්ගේ කඩු පහරක් කාලා අකාලයේ මැරෙන්න අපි කැමති නැහැ (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 21 November 2013 09:34 AM

අයියෝ දවස පටන්ගන්න කොටම මිනී මරු පුවතක්. මේ වගේ ගියානම් ඉන්දියාවේ මුතු ඇටය සොහොන් ඇටය බවට පත්වෙන්න හුග දවසක් නැහැ.(නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 21 November 2013 09:38 AM

ඝාතන මිනීමැරුම් දිනපතා පුවත්පත් වල තියෙනවා. පාලකයෝ නෑසු කන්ව සිටිති. වචනයක්වත් ඒ උදවිය කතා කරන්නේ නැහැ. එල්ලුම් ගහ කෝ? (නදී)

:       0       0

කුමාරි Thursday, 21 November 2013 09:38 AM

හැමදාම එකම දේම අහන්න හද සසල කරන ප්‍රවෘත්තිමනේ එන්නේ. වෛරයෙන් වෛරය නොසන්සිදේ කියල මේ මිනිසුන්ට තේරෙන්නෙම නැද්ද? (නදී)

:       0       0

යම රජු Thursday, 21 November 2013 02:15 PM

මම ළගදීම එනවා. ඔය මිනීමරුවන්ව දඩුවම් කරන්න. ඕනෑම අපරාධකරුවන්ව අපායේ දඩුවම් දෙනවා. (ස)

:       0       0

රම්‍යා Thursday, 21 November 2013 05:24 PM

මම ඊයේ ලිවුවා හෙට තවත් මිනීමැරුමක්,.අනිද්දට තවත් එකක් කියලා. හරියටම හරි.මොකද මේවට දඬුවම් නැහැනේ (නි)

:       0       0

සත්‍යා Thursday, 21 November 2013 09:54 AM

සමහරුන්ට තියෙන්නේ පුදුම නොඉවසිල්ලක්. එල්ලුම් ගහේ එල්ලෙන්න වගේ දඟලනවා. ඕක ගෙනාවයි කියලා අපරාධ අඩුවෙයි කියලා හිතෙනවා නම් ඒක ලොකු මුලාවක්. සමහර විට අදුරදර්ශී පාලකයින්ව අල්ලලා එල්ලුම් ගහේ ගැට ගහල තිබ්බා නම් මුදල් හා කාමාශක්ත බව නිසා වෙන අපරාධ බොහෝ දුරට අඩුවෙන්න ඉඩ තියෙනවා.(නදී)

:       0       0

මලින්ද Thursday, 21 November 2013 09:56 AM

මරණවා කපනවා කොටනවා වෙඩි තියනවා ඉවරයක් නැහැ. එක්කෙනකේ දෙන්නෙක් එල්ලලා මැරුවානම් හරි නේ.(නදී)

:       0       0

රිප් Friday, 22 November 2013 12:56 AM

කොට කෙටන ගමේ බිෂණය මටකද එක විසදපු හිටපු නියෝජ්‍ය පොලිස්පතිi වාස් ගුණවර්ධන මහතා අද හිර ගෙදර කොට කෙටන වැරදි කරුවන්ට නිසි දඩුවම දුන්න අදටත් කොට කෙටන සාමකාමි තැනක්.(ස)

:       0       0

ෆෂීක් Thursday, 21 November 2013 09:59 AM

මොනවද මේ වෙන්නේ? (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 21 November 2013 10:06 AM

ලංකාව දැන් මිනි කන්නන්ගෙ දේසයක් කරලා ඉවරයි. (ස)

:       0       0

ජගත් Thursday, 21 November 2013 02:43 PM

මිනි මැරුමක් කලේ නැති නම් ගණන් ගන්නේ නෑ ලංකාවේ ඉස්සරහට. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 21 November 2013 10:07 AM

පිරිත් නුල් සීයක් විතර බැඳ ගත්තු, හැම වෙලේම පන්සල් වටේ කැරකෙන අය නේද රට පාලනය කරන්නේ. (ස)

:       0       0

තබුක් සිල්වා Thursday, 21 November 2013 10:18 AM

බුදුන් 3 වරක් වැඩිය දේශය ,මොකක්ද මේ සිරි ලංකාවට උන විපත්තිය.(නදී)

:       0       0

සත්‍යයා Friday, 22 November 2013 02:47 AM

වන්නි තිලක්, මම මරණය ට භය නැති නිසා එල්ලුම් ගහ ගැන මට භයක් ඇතිවන්නේ කෙසේද? මගේ පවුලේ කිසිකෙනෙකු අපරාධ වලට සම්බන්ධ නැති නමුත් කාලීන දේශපාලනයේ ඉහළින්ම වැජඹෙන මගේ ඇතැම් මිතුරන් කරනා කියනා දේවල් ගැන මා තුළ ඇත්තේ පිළිකුලක් හා කළකිරීමක්. ඉතාලි චමත්, එක්කෙනෙක් දෙන්නෙක් එල්ලලා ප්‍රශ්න විසඳන්න පුළුවන් කියා කියන්න තරමට ඔබගේ විචක්ෂණ දැනුම පහළට දාගන්න එපා. ඇමෙරිකාව වියට්නාම යුද්ධයේදී වියට්කොන් ගරිල්ලා භටයින් හා සිවිල් වැසියන් ලක්ෂ සංඛ්‍යාත ගණනින් ඝාතනය කළා පාඩම් උගන්වන්න. නමුත් වියට්නාම් වැසියන් තම සටන ජයග්‍රහණය දක්වාම ගෙනගියා. ඒකයි මේකයි දෙකක් වුණත් දඬුවම දුන්න අයගේ පැත්තෙන් බැලුවහම ක්‍රියාමාර්ගය අති අසාර්ථකයි. (නි)

:       0       0

සත්‍යයා Friday, 22 November 2013 02:47 AM

වන්නි තිලක්! මම මරණය ට භය නැති නිසා එල්ලුම් ගහ ගැන මට භයක් ඇතිවන්නේ කෙසේද? මගේ පව්ලේ කිසිකෙනෙකු අපරාධ වල ට සම්බන්ද නැති නමුත් කාලීන දේශපාලනයේ ඉහලින්ම වැජඹෙන මගේ ඇතැම් මිතුරන් කරනා කියනා දේවල් ගැන මා තුල ඇත්තේ පිළිකුලක් හා කළකිරීමක්. ඉතාලි චමත්! එක්කෙනෙක් දෙන්නෙක් එල්ලලා ප්‍රශ්න විසඳන්න පුළුවන් කියා කියන්න තරමට ඔබගේ විචක්ෂණ දැනුම පහළ ට දාගන්න එපා. ඇමෙරිකාව වියට්නාම යුද්ධයේදී වියට්කොන් ගරිල්ලා භටයින් හා සිවිල් වැසියන් ලක්ෂ සංඛ්‍යාත ගණනින් ඝාතනය කළා පාඩම් උගන්වන්න. නමුත් වියට්නාම් වැසියන් තම සටන ජයග්‍රහණය දක්වාම ගෙනගියා. ඒ කයි මේකයි දෙකක් උනත් දඬුවම දුන්න අයගේ පැත්තෙන් බැලුවහම ක්‍රියා මාර්ගය අති අසාර්ථකයි. (අ)

:       0       0

ඉන්දික Friday, 22 November 2013 03:24 AM

එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න පාලකයන්ට බැහ , මොකද එයාලට එල්ලන්න වෙන්නේ එයාලගේ කට්ටියම නිසා , එයාල කවදාවත් එල්ලුම් ගහ කිර්යත්මක කරන එකක් නැහැ එක නිසා (අ)

:       0       0

මැණික් රත්නායක Thursday, 21 November 2013 10:34 AM

මේ මිනිමැරැම් වලට හේතුව නිසි දඩුවමක් නැති කම. (ස)

:       0       0

මහේෂ් Thursday, 21 November 2013 10:36 AM

සමහර අය කියනවා 95% මීනී මැරුම් සිදුවෙන්නේ සිංහල අයගෙන් කියා, නමුත් හොඳින් විග්‍රහ කර බලනවා නම් ඔය සමහර ජාතිකයන් ලංකාවට මත් කුඩු, ගංජා වගේ දේවල් ගෙනත් පොවන්නේ සිංහල අයට, මනස විකෘති වෙලා වැරදි වැඩ කරනවා. නමුත් අර කියපු කට්ටිය ඕව ගන්නේ නැත. වැනසෙන්නේ අපේ ජාතිය ඔවුන් දියුණු වෙලා සිංහල ජාතිය හංවඩු ගහනවා. (ස)

:       0       0

ජයවර්ධන Friday, 22 November 2013 04:48 AM

මහලොකුවට කතාකරන හෙළදිව සදාචාරය පත්තර බැලුවම පේනවා. බටහිර සංස්කෘතියට නිගරු කරන අය බටහිර කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැහැ. ලංකාවේ ගැහැණු කෙනෙක්ට බස් එහක යන්න පුලුවන්ද, සිෂ්‍යවකට තනියෙන් පන්ති යන්න පුලුවන්ද. කොල්ලෝ පනහක් විතර පස්සෙන් වැටෙනවා ආදරය ඉල්ලලා. කුඩා දරුවෙකුටත් අරක්කු, සිගරේට් කඩවල් වල විකුනනවා. මත කුඩු නිදහසේ අලෙවිකරනවා. මිනීමරුවන් වසර දෙකකින් නිදහස්. පාතාලය දේසපාලන රැකවරණය ලැබ හොදින් වෙදෙනවා. සියදිවි නසාගැනීම්, පවුල්පිටින් ඝාතන, මාර්ග අනතුරු නිමක් නැහැ. බටහිර රටවල මොන තරම් සදාචාරයක් තියෙනවද. අගමැතිට උනත් දඩුවම එකඊ. දුෂණය, වංචාව, අපරාධ ඉහවාහ ගිහිල්ල. දෙසපලකයිනි, ආගමික නායකයිනි දැන්වත් ඇස අරින්න. (අ)

:       0       0

මහේෂ් Thursday, 21 November 2013 03:11 PM

ඒක හැබෑව ඩයස් මුස්ලිමි හින්දු සමාජයේ ඇත්තන්ගේ සහයෝගීතාවය අපට ආදර්ශයක් මෙන්ම අප ගැන ලැජ්ජා විය යුතුයි.(නදී)

:       0       0

සේන Friday, 22 November 2013 05:31 AM

ගරු ජනාධිපතිතුමනි, එල්ලුම් ගහ බල ගන්වන්න (නි)

:       0       0

වන්නි තිලක් Thursday, 21 November 2013 11:00 AM

අර සත්‍යා එල්ලුම්ගහට ඔය තරම් බය මොකද? එයාගේ කවුරුහරි වරදක් කරලා ඉන්නවද? මරණ දඬුවම ක්‍රියාත්මක කල යුතුයි. එය බහුතර ජනතාවගේ මතයයි. (නදී)

:       0       0

සුබේ Thursday, 21 November 2013 11:01 AM

රිස්වාන් ඩුබායි.. ඉන්දියාවේ මුතු ඇටය නෙමෙයි, ඉන්දියන් සාගරයේ මුතු ඇටය. දැනටත් මේක සොහොන් ඇටයක් වෙලා ඉවරයි. (ස)

:       0       0

ඩයස් Thursday, 21 November 2013 11:06 AM

අපෝ මහේෂ් වැස්සකටවත් ඉස්කොලෙ ගිහින් නැති පාටයි. මෙතන ජාති බේදක් ඕන නැහැ හලෝ වැඩක් පලක් නැති කාලකණ්නි කොහෙත් ඉන්නවා. (ස)

:       0       0

චමත් ඉතාලිය Thursday, 21 November 2013 11:18 AM

සත්‍යා,මරණ දඩුවමට මාත් විරුද්ධයි.ඒත් එක්කෙනෙක් දෙන්නෙක් එල්ලනකොට. මරණ බය අනිත් අයට නිකන්ම දැනෙනවා. මහේෂ් කුඩු ගේන්නේ වෙන ජාතියේ අය විතරද? ඇයි සත්‍ය යටපත් කරන්නේ..පහු ගිය දවස්වල කුඩු කන්ටේනර්.... ස්ප්‍රීතු කන්ටේනර්, ගෙනාවේ ඔයා ඔය කියන ජාතියේ අයද? අපේ අයද?මේවාට වග කියන්න ඕනේ රටේ පාලකයොයි මහේෂ්. නිකරුනේ අනෙක් ජාතියට දොස් කියන්නෙපා කොච්චර වුනත් එයාලාගේ හීත් රිදෙනවා...අපි අපේ අය හදාගමු එතකොට අනෙක් අය නිකන්ම හැදෙයි.(නදී)

:       0       0

සත්‍යයා Friday, 22 November 2013 06:55 AM

ජයවර්ධන, ඔවුන්ට ඇස් හරින්න කියන්න එපා. මොකද මේ ගොල්ලෝ අන්ධයෝ හැටියට මේ තරම් දේ කරනවා නම්, ඇස් පෙනෙනවා නම් මොනවා නොකර ඉඳීද? (නි)

:       0       0

ෂෙහාන් Thursday, 21 November 2013 11:23 AM

හොඳට හොයල බලන්න ධර්මසිරිය බකමුනෙක් වගේ බකමුනට රිංගලද කියලා.(නදී)..

:       0       0

ධම්ම Thursday, 21 November 2013 11:27 AM

ටිකිරි බණ්ඩාගේ ප්‍රකාශ දැක්කාම මතක් වෙන්නේ උතුරේ ත්‍රස්තවාදීන් මීනී මරද්දී දකුණේ මානසික සංග්‍රාමය කල අය. (ස)

:       0       0

චමත් ඉතාලිය Thursday, 21 November 2013 07:32 PM

රූපවතී,කට ..කට... නිකන් පව් පුරවා ගන්නේ නැතුව ඉන්නවද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 21 November 2013 03:46 PM

මිනිස් ජීවිතයක වටිනාකම නොදන්නා මේ මුර්ගයින්ට නීතියෙන් සුදුසු දඬුවම් නොලැබෙන කල සොබාදහමවත් බලා ගනිත්වා ! (ස)

:       0       0

මගරි Thursday, 21 November 2013 12:05 PM

ටිකිරි බන්ඩෝ, ලංකාව මිනි කන්නන්ගේ දේශයක් කියල ලෝකය චිත්‍රපටි ගැහැව්වේ 88-89 කාලයේදී .පාරක් පාරක් ගානේ මිනි දැකලා.දැන් එහෙම එකක් නැහැ.පුද්ගලික දේවල් වලට ඔහොම දේවල් වෙනවා.ඒවත් අඩුකර ගත්තොත් හොඳා. (ස)

:       0       0

චමත් ඉතාලිය Friday, 22 November 2013 02:29 PM

චන්දි, සිත කය වචනය කියන තුන් දොර සංවර කරගත්තේ නැත්නම් පව ඒ තුන් දොරෙන්ම අපි ලගා කර ගන්නවා ... ඇයි අපි නිකරුනේ පව් පුරවා ගන්නේ ... මම ඒක කිවේ රුපවතිට .... රුපවතිගෙන් එකට උත්තරයක් නෑ. ඔයාගෙන් තියෙනවා ඔයා බුදු දහම අදහන කෙනෙක් නම් මම කියන දේ තේරෙයි වෙන ආගමක කෙනෙක් නම් මට සමාවෙන්න, මට පොඩ්ඩක් වගේ දුකක් දැනුනා ඔයා ලියපු අවසන් පේලියට... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 1355 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1708 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1251 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1324 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1919 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 786 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14570 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 169 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site