(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා,ඡායාරුප සිරිනිහාල් ගමගේ)
අහංගම රජයේ බැංකුවක් කොල්ලකෑමට අද(19) දහවල් පැමිණි කොල්ලකරුවන් දෙදෙනකුගෙන් එක් අයකු බැංකුවේ ආරක්ෂකයන් විසින් තබන ලද වෙඩි පහරකින් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි අහංගම පොලීසිය කියයි.
සැකකරු ළඟ ජීව අත් බෝම්බයක් තිබී හමුවු බවද පොලීසිය පවසයි.
මෙම සිද්ධියේදී බැංකුවට ඇතුළු වු සැකකරුවන් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් බැංකුවේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරින් දෙදෙනාගෙන් එක් අයකුට පහර දි ඇති අතර මේ අවස්ථාවේදී අනෙක් ආරක්ෂක නිලධාරියා මංකොල්ලකරුට තම අත තිබූ ගිනි අවියෙන් වෙඩි තබා ඇත.
වෙඩි පහර කෑ මංකොල්ලකරු සහ අනෙක් සැකකරු බැංකුව පිටුපස කැලයට දිවගොස් ඇත. එහිදී අහංගම පොලිසියට සිද්ධිය සැලවි ඇති අතර පොලීසිය පැමිණ කළ පරික්ෂාවේදි වෙඩි වැදි සිටි සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
ඡායාරුප - අමල් වික්‍රමරත්න
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බැංකු කොල්ලයට ආ සැකකරුට වෙඩි
Perakum Tuesday, 19 December 2017 09:58 AM
මෙය ආරක්ෂක නිලධාරියාගේ දක්ෂකම නිසාම සිදු වී ඇති බව පෙනේ. අපේ බැංකුවේ ඉන්න ආරක්ෂකයින්ට තියන ගිනි අවිය දිගින් වැඩි බරින් වැඩි හැසිරවීමට ඉතා අපහසු එකකි. ඔවුනට තිබිය යුත්තේ කුඩා එහෙත් කාර්යක්ෂම ගිනි අවියකි. මේ ගැන බලධාරීන් සිතා බැලිය යුතුය.
hesaTuesday, 19 December 2017 02:23 PM
එ්ක තමයි වේලිච්ච පොල් අත්තක් වගේ තුවකකුව. එ්ක උස්සල මාන අල්ලන කම් හොරු බලන්ඉඳිවි. පිස්තෝලයක් එපාය දෙන්ට. ඒකටත් ලෝබ කම
sahan Tuesday, 19 December 2017 01:03 PM
පොහොට්ටුවේ අපේක්ෂකයෙක්ද????????
Hemasiri Tuesday, 19 December 2017 01:30 PM
බිම වැටී අසරණ වී සිටින විට සිතට දුකක් දැනුනි. කාගේ වුනත් දරුවෙක් කියා සිතුනි. වරද සමාජයේ සහ රට අරාජික කල පාපතරයන්ගේ බවද සිතුනි. තුවාල වී වැටී සිටින්නාගේ දුරකථන චායරුප ගැනීම පහත් ක්‍රියාවක් කියාද සිතේ. මගේ රට පත් වී ඇති කණගාටුදායක තත්වය පිලිබඳ දැනෙන්නේ මහත් කලකිරීමකි.
රවින් Tuesday, 19 December 2017 02:12 PM
හැමදා නියන් එකදා වැහි වළාවේ.
Ranjith Silva Tuesday, 19 December 2017 02:15 PM
තම රාජකාරිය නිසි ලෙස කරනලද මෙම මිනිසාට මගේ ප්‍රණාමය. නිර්භයව ජීවත් වීම නියම මිනිස්කම වේ. නීතිය අනුව මෙම නිලධාරියාට සැනසිල්ල ලබා දෙන්න. එසේම වේවා.
Chintha Tuesday, 19 December 2017 02:36 PM
ආරක්ෂක නිලධාරියාට අපේ උපහාරය!!!!!! ඔය විදිහට දෙතුන් පලකින් කෑවානම් ලංකාවේ බැංකු කැඩීම නතර වෙයි....
de silva Tuesday, 19 December 2017 03:11 PM
පැරකුම් මහතා ගේ යෝජනාව ඉතාමත් කාලෝචිත එකකි.....බැංකු ආරක්ෂකයන් සාමාන්‍යයෙන් පාවිච්චි කරන තුවක්කු ඉතා විශාල වන අතර හදිසි අවස්ථාවකදී ඒවා හැසිරවීමට අපහසු බව පෙනේ බොහෝවිට ඒවා නිෂ්පාදනය කර ඇත්තේ වනයේ දඩයමේ යාමටය.... ඒවා මගින් වෙඩි තැබීමේදී බැංකුවේ සිටින ගනුදෙනු කරුවන්ටද තුවාල වියහැක.....විදේශ රටවල මෙවැනි ආරක්ෂකයන් පරිහරණය කරන්නේ 9 mm ප්‍රමාණයේ පිස්තෝල වේ.......එම පිස්තෝල ළඟ තිබෙන ඉල්ලක්ක වලට වෙඩි තැබීමට භාවිත කරන අතර එහි වැඩි පතුරම් සංඛ්‍යාවක් ගබඩා කල හැකි නිසා වැඩි වෙඩි ප්‍රමාණයක් එල්ල කල හැක....බඳ පටියක් ආධාරයෙන් ශරීරයේ රඳවා ගත හැකි නිසා පරිහරණයටද පහසුය...........
Nuwan Tuesday, 19 December 2017 03:27 PM
ෂොට් ගන් එකෙන් හරි හොරුන්ට වෙඩි තිබ්බ ආරක්ෂක මහතුන්ට දැයේප්‍රණාමය , අපරාදේ තව එකක් තියලම දැම්මනම් ඉවරයි කියල හිතෙයි නඩු අහල මොවුන් වසර කීපයකට පමණක් හිරගෙදර ගිහින් අපේම බදු මුදල් වලින් යැපෙන්න ගත්තම
සමන් Tuesday, 19 December 2017 04:03 PM
ප්‍රතමයෙන්ම විරෝදාර ආරක්ශක නිලදරුවාට මාගේ ප්‍රනාමය. දෙවනවර දනහිසට තබා මේ රටට ඔබෙන් විය යුතු සේවය මග නොහරින ලෙසද ඉල්ලා සිටිමි
Kuma Tuesday, 19 December 2017 04:30 PM
රනිල් මහත්තයට වෙඩි වැදිලද ?