IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


බක් පුර පසළොස්වක පොහොය අදයි.

 

මෙම පොහොයේ සුවිශේෂ සිදුවීම් වනුයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමන නාගදීපයට සිදු කිරීම', මණි අක්ඛිත රජතුමා විසින් බුදුරජාණන් වහන්සේට කැලණියට වැඩමවන මෙන් ආරාධනා කිරීම, මිණිපළඟ තැන්පත් කොට නාගදීප සෑය බැඳීම වේ.

බුද්ධත්වයෙන් පස්වන වසරේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේට ශ්‍රී ලංකාවේ නාගදීපයෙහි චූලෝදර මහෝදර යන නා රජුන් දෙදෙනා මිණි පළඟක් මුල් කොටයදරුණූ සටනක් ආරම්භ කිරීමට සූදානම් වී සිටින බව පෙනුණි. මේ නිසා සිදුවිය හැකි දරුණු මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳව සලකා බැලූ උන්වහන්සේ බක් මස පුර පසළොස්වක පොහොය දින ලංකාවේ නාගදීපයට වැඩම කළහ.

බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩමවාපළමුව අහසේ වැඩ සිට ප්‍රාතිහාර්ය දක්වා අනතුරුව සටන් බිමට බැස චූලෝදර මහාවතර නා රජුන් ප්‍රධාන පිරිසට ධර්ම දේශනා කළහ. එයින් ශාන්ත දාන්ත වූ දෙපිරිස සමගියට පත්ව අරගලයට තුරු දුන් අගනා මිණිපළඟ බුදුරජාණන් වහන්සේට පූජා කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

මෙම සටනේ දී තම බෑණනුවන් වූ චූලෝදර රජතුමාට සහාය සඳහා නාගදීපයට පැමිණ සිටි මණි අක්ඛිත රජතුමා විසින් බුදුරජාණන් වහන්සේට කැලණිය ට වැඩමවන මෙන් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනු ලැබූ වේද අද වැනි දිනකය.

බුදුරජාණන් වහන්සේ වැඩසිටි සිටි ස්ථානයෙහි මිලි පළඟ තැන්පත් කොට චෛත්‍යයක් බැඳූ බවත් එය නාගදීප සෑය නමින් හැඳින්වෙන බවත් බවත් ඉතිහාසයෙහි සඳහන්වෙයි.

සොළොස් මහා පූජනීය වස්තූන්ගෙන් එකක් වූ නාගදීප චෛත්‍යය දේවානම්පියතිස්ස ේ දුටුගැමුණු ආදී පසුකාලීන රජවරු න් වැඩි දියුණු කොට අංග සම්පූර්ණ පූජනීය ස්ථානයක් බවට පත්කර ඇත.

වසභ රජ සමයෙහි ලියන ලද වල්ලිපුරම් එදා නාගදීපය නමින් හඳුන්වන ලද්දේ වර්තමාන යාපනය අර්ධද්වීපයට අයත් ප්‍රදේශයෙන් බවත් එකී උතුරු ප්‍රදේශය අනුරාධපුරයේ රජවරුන් විසින් පාලනය කරනලද බවත් ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

(තොරතුරු සහ මූලාශ්‍ර ලබාදුන් කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති ගල්කිස්ස බෞද්ධ ආයතනාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය ය පූජ්‍ය දිවියාගහ යසස්සී නාහිමියන් වහන්සේට ගෞරව පූර්වක ස්තුතිය පුද කෙරේ.)

(ආරියරත්න රණබාහු)



අදහස් (0)

බක් පුර පසළොස්වක පොහොය අදයි.

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 29 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 38 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 123 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 313 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 183 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 566 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 495 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site