පුත්තලම - වනාතවිල්ලුව රෙඩිබානා ප්‍රදේශයේ කඩොලාන අක්කර 10 – 15 වැනසී යැයි අසල ඉස්සන් ගොවිපොළක අයිතිකරුවකු සහ හා සහයකයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම අඩවි වන කාර්යාලය කියයි.
කළපු ධීවරයින් වානාතවිල්ලුව ප්‍රදේශීය සභාවේ සභාපති ඩග්ලස් ඉන්දික සේනාධීර මහාතාට කළ පැමිණිල්ලකට අනුව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් රවින්ද්‍ර වික්‍රමසිංහ වනාතවිල්ලුව පොලීසිය සහ වන නිලධාරිහු පරීක්ෂණ කළහ.
කඩොලාන වනය එලිකොට ඉස්සන් පොකුණක් හදමින් සිටි බැකෝ යන්ත්‍රයක්ද මෙහිදී අත්අඩංගුවට ගනු ලැබිණි.
රෝවන් පෙරේරා
එච් සී චන්දන
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බැකෝ මරුවා පුත්තලම කඩොලානට පනී
තිලක්ෂි ස්ටූඩියෝ Saturday, 19 July 2014 11:25 AM
අප විසින් පරිසරය රකියි නම් පරිසරය විසින් අපව රකියි තේමාව පිලිබද අවබෝධයක් නැති අයගේ අසත් පුරුෂ කටයුත්තකි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය නීතිය ඔස්සේ නිසි දඩුවම් ලැබේවායි යන්න මාගේ අදහසයි (නදී)
ඉසුරන්දි Wednesday, 16 July 2014 04:55 AM
දැන් ඉතින් ඔතනට කෙල හලන උන්දලා කොච්චර නම් බලන් ඇත්ද ඔය ස්ථානය ලබාගන්න. (නදී)
නිශාන්ත ඩබ්ලිව්.ජි Wednesday, 16 July 2014 05:02 AM
දේශපාලන හස්තියක් උපදෙස් දුන්නද දන්නෙ නැහැ. ඔය වගේ වැඩ බාරගන්න බැකෝ එකක් දෙකක් රාජසන්තක කරා නම් තත්වය යම්කිසි තරමකට පාලනය වේවි. (නදී)
ලුම්බිණි Wednesday, 16 July 2014 05:30 AM
වනාතවිල්ලුව පොලීසිය සහ වන නිලධාරිහු මොන පරීක්ෂණ කලත් අර 'ඉහලින් එන නියෝග' ආවම ඔක්කොම ඉවරයි. (නදී)
ප්‍රියන්ත Wednesday, 16 July 2014 06:18 AM
දැඩි දඬුවම් දෙන්න. (ස)
වීරා Wednesday, 16 July 2014 06:20 AM
අපේ හමුදාව සුළුජාතීන්ට ගෙවල් හදනවා. එයාල කැළෑව වනසනවා. මෙතන මොන කොමලියෝ ගැනද මේ කියන්නේ? මේක සංවිධානාත්මකව කෙරීගෙන යන රට අල්ලා ගැනීමක්. අපේ එක ආණ්ඩුවක්වත් මුකුත් කරන්නේ නැහැ . උදවු ගන්න ඕනේ නිසා. මිනිස්සු කතාකරන්න ඕනේ මේවා ගැනයි. අලුත් පාලකයෝ ආවේ නැත්නම් වෙන දේ ගැන හිතන්න? (ස)
පිටිගල Wednesday, 16 July 2014 06:42 AM
ඕක නවත්තන්න කාටවත් බැහැ, හෙට ඕක අයෙත් පටන් ගන්නවා. ඔය පරීක්ෂණ වලට අපේ ජනතාව තවමත් රැවටෙනවා. නිකම් ටෙලි නාට්‍ය වගේ. මම දන්නා කසිප්පු මුදලාලි කෙනෙක් ඉන්නවා පොලිසියත් එක්ක ගිවිසුමකට ඇවිත් බිස්නස් එක කරන්නේ.මාසෙකට නඩු දෙකක් තුනක් දෙන්න ඕන පොලිසියට, ඒ කියන්නේ වැටලීම් කරන බව රටට පෙන්නන්න. බිස්නස් එක ජයටම කරනවා. පොලිසියෙනුත් අල්ලනවා. නඩු දානවා. දඩ ගහනවා,අල්ලාගෙන ජීප් එකේ දා ගෙන යනවා. එනවා.මිනිස්සු කසිප්පු බොනවා, ලෙඩ වෙනවා, බීල ගෙදර ඇවිත් ගැනිට ළමයින්ට ගහනවා, මහා රෑ ගෑනියි ළමයිනුයි පාරේ දුවනවා, වලන් බිඳිනවා, කුණුහරුප කියනවා, පොලිසියෙන් කසිප්පු අල්ලනවා. ඒ උනාට මේක අර ජල චක්කරේ වගෙයි. නවතින්නේ නැහැ.හැමදාම එකම වෙනවා. නවත්තන්න පොලිසියටත් බැහැ.මිනිස්සුන්ටත් බැහැ. (ස)
ඩිල්ෂාන් Wednesday, 16 July 2014 06:52 AM
මෙහෙමත් හිතක් පපුවක් නැති මිනිස්සුත් ඉන්නවනේ! (නි)
පිටිගල Wednesday, 16 July 2014 07:00 AM
වීරා, කට! කට!! දෙයක් වේ නම් සුදුස්සාටම අයිති වී ඇත. නැත පවුල් බර,බදු බර, ජීවනබර...මේ කේතුමතී නුවරයි (නි)
මාලිකා Wednesday, 16 July 2014 07:20 AM
හිතට පුදුම දුකයි (නි)
ශාන්ත Wednesday, 16 July 2014 07:21 AM
මේ වගේ මිනිසුන් මරණීය දණ්ඩනයට යටත් කළයුතුයි (නි)
පද්මිනී Wednesday, 16 July 2014 07:40 AM
දැන් ඉතින් බැකෝ යන්ත්‍රයට විරුද්ධව නඩු දමන්න වෙයි. කවුරු හරි තප්පුලන කෙනෙක්ගේ වැඩක්නේ. (නදී)
නිලන්ත Wednesday, 16 July 2014 07:41 AM
වනාත විල්ලවේ එකට නම් සෑහෙන පිරිසක් ඇවිල්ලා තියනවා. ප්‍රීතියි, ප්‍රීතියි ඒත් අර අක්කර ගානක් විනාශ කරලා කොලනි හදපු එකට යන්න තරම් ඔවුන් අත් අඩංගුවට ගන්න බලවත් මහත්තයෙක් නැති එක ගැන නම් කණගාටුයි. (නදී)